(සුජිත් හේවාජුලිගේ )
ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
පනත් කෙටුම්පත සකස් කිරීමෙන් පසුව මේ සතියේදී තමාට ලැබෙනු ඇතැයි පැවසූ කතානායකවරයා පනත් කෙටුම්පත ලැබුණු පසු ඊට සහතිකය සටහන් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.
පනත් කෙටුම්පත බලාත්මක වන්නේ තමාගේ අත්සන සහතික කිරීමෙන් පසුව බව මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඔක්කොම සිල්ලර වැඩ. ඔබතුමා කඩිනමින්ම ඔය පනත අත්සන් කරනවා. "දැනට තිබෙන චන්දයට බල නොපැවවෙන ලෙසට අතුරු විධිවිධානයක් නොයදා " ඔය නීතිය සම්මත කල නොගත්තේ මේ අවස්ථාවේදී නිතිය යොදා ගැනීමේ තර්කයක් වක්‍රාකාරව පෙන්නා චන්දය කල් දාන්න.
චන්දය කල් දාගන්ඩ බැරිඋනාඩ? මෙහමත් කතනායක කෙනක් දැක්කමයි
දැන් තියෙන චන්දෙ නවත්තන්න ඔය පන්තිය බැහැ චන්දෙ ප්‍රකාශයට පත් කරලා ඉවරයි. චන්දය ප්‍රකාසයට පත් කලෙ පරන නිතිය යටතෙ. ඔක අතිතයට බලපාන නිතියක් නොවෙයි.
මේ පාහරයව එල්ලන්න ඕනෙ
මගේ ජිවිත කාලේදී දැක්ක අසික්කිතම , දකින්නත් අප්‍රිය , ජරාම කතානායක මේ මිනිසායි. ( මෙයත් හිතාගෙන ඉන්නේ මැරෙනකම්ම ඔය පුටුවේ ඉන්න ලැබෙයි ' කියලා.