IMG-LOGO

මැතිවරණ දිනය ගැසට් කර නෑ

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු වන්නේ නැතැයි  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙනවා යැයි මාධ්‍ය නිවේදන නිකුත් කළාට තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නැතැයි කී ප්‍රතිභා මහානාම හේවා මහතා එලෙස ගැසට් නිවේදනය නිකුත් කළා නම් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසමේ සාමාජිකයන් කී දෙනෙක් කැමැත්ත දුන්නා දැයි ජනතාවට නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව සඳහන් කළේය.

නීතිය වන්නේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නොව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම බවද මහානාම හේවා මහතා වැඩිදුරටත් කීය.

21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ලබන බදාදා (25) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වෙන පසුබිම යටතේ මැතිවරණ කොමිෂන් සභාව ද සිටිනුයේ අන්තරාභවයක් වැනි තත්ත්වයක බව කී ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා මෙවැනි තත්වයක් යටතේ අනිවාර්යයෙන්ම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

පළාත්  පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිසමේ පස් දෙනාගේම නම් සදහන්ව තිබුණ අතර මැතිවරණයට දින නියම කිරීම සඳහා ද එවැනිම පියවරක් අනුගමනය කළ යුතුව ඇතැයි ප්‍රතිභා මහානාම හේවා මහතා කීය.

ඡන්ද දිනය තීරණය කිරීම වැනි වැදගත් වැඩකට මුළු කොමිසම ම අවශ්‍ය වෙන බව කී මහානාම හේවා මහතා මැතිවරණය පවත්වන දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නැතැයි කීමෙන් වක්‍රව ප්‍රකාශ කෙරෙන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.



අදහස් (7)

මැතිවරණ දිනය ගැසට් කර නෑ

fairoos Monday, 23 January 2023 05:02 PM

එතැනත් ඉන්නේ රනිල් රාජපක්ෂලාට කඩේ යන අයනේ.

:       0       0

Indrajith Monday, 23 January 2023 05:04 PM

රාජපක්ෂලාගේ ගොට්ටෙක්.

:       0       0

Lal Monday, 23 January 2023 05:08 PM

මැතිවරණ එපා

:       0       0

චන්දපාල Monday, 23 January 2023 09:09 PM

ප්‍රතිභා මහත්තයෝ, පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසුව තමයි මීට පෙර එම මැතිවරණ පැවැත්වීම කලේ .එහෙම තියෙද්දි මෙවර විසුරුවා හැරීම කරලත් නැහැ .සමහර තැනෙක පුරප්පාඩු නගරාධිපති /සභාපති තනතුරු ලබාදීම කරනවා. එතකොට එවැනි තත්වයක් යටතේ මැතිවරණය පැවැත්වෙන දිනයක් ගැසට් කරන්න පුළුවන්ද. ඒ ගැන තිබෙන නීතිමය තත්වය කුමක්ද

:       0       1

siri Monday, 23 January 2023 09:36 PM

මෙයත් මහින්දලාට කඩේ යන පුරුද්ද අත් අරින්න අමාරු කෙනෙක්

:       0       1

විජිත් Tuesday, 24 January 2023 01:42 AM

මහින්ද රාජපක්ෂනම් ලෝක හොරාගේ අති ජාත සට්ටඹි බත්බැලයා.රාජපක්ෂ පවුලේ අසූචි සුද්ද කරන මොහු ආචාර්ය කම ගත්තේ අර බලු චිචියා ආචාර්ය පට්ටම ගත්ත ක්‍රමයටම වෙන්න ඕනා.

:       0       1

swene Tuesday, 24 January 2023 07:19 AM

ඔයා එදත් කඩේ ගිහින් නිතිය පිළිබඳ ව ජනතාව දැනුම්වත් කලානේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 462 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site