
(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු වන්නේ නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙනවා යැයි මාධ්‍ය නිවේදන නිකුත් කළාට තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නැතැයි කී ප්‍රතිභා මහානාම හේවා මහතා එලෙස ගැසට් නිවේදනය නිකුත් කළා නම් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසමේ සාමාජිකයන් කී දෙනෙක් කැමැත්ත දුන්නා දැයි ජනතාවට නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව සඳහන් කළේය.
නීතිය වන්නේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නොව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම බවද මහානාම හේවා මහතා වැඩිදුරටත් කීය.
21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ලබන බදාදා (25) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වෙන පසුබිම යටතේ මැතිවරණ කොමිෂන් සභාව ද සිටිනුයේ අන්තරාභවයක් වැනි තත්ත්වයක බව කී ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා මෙවැනි තත්වයක් යටතේ අනිවාර්යයෙන්ම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.
පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිසමේ පස් දෙනාගේම නම් සදහන්ව තිබුණ අතර මැතිවරණයට දින නියම කිරීම සඳහා ද එවැනිම පියවරක් අනුගමනය කළ යුතුව ඇතැයි ප්‍රතිභා මහානාම හේවා මහතා කීය.
ඡන්ද දිනය තීරණය කිරීම වැනි වැදගත් වැඩකට මුළු කොමිසම ම අවශ්‍ය වෙන බව කී මහානාම හේවා මහතා මැතිවරණය පවත්වන දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නැතැයි කීමෙන් වක්‍රව ප්‍රකාශ කෙරෙන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතැනත් ඉන්නේ රනිල් රාජපක්ෂලාට කඩේ යන අයනේ.
රාජපක්ෂලාගේ ගොට්ටෙක්.
මැතිවරණ එපා
ප්‍රතිභා මහත්තයෝ, පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසුව තමයි මීට පෙර එම මැතිවරණ පැවැත්වීම කලේ .එහෙම තියෙද්දි මෙවර විසුරුවා හැරීම කරලත් නැහැ .සමහර තැනෙක පුරප්පාඩු නගරාධිපති /සභාපති තනතුරු ලබාදීම කරනවා. එතකොට එවැනි තත්වයක් යටතේ මැතිවරණය පැවැත්වෙන දිනයක් ගැසට් කරන්න පුළුවන්ද. ඒ ගැන තිබෙන නීතිමය තත්වය කුමක්ද
මෙයත් මහින්දලාට කඩේ යන පුරුද්ද අත් අරින්න අමාරු කෙනෙක්
මහින්ද රාජපක්ෂනම් ලෝක හොරාගේ අති ජාත සට්ටඹි බත්බැලයා.රාජපක්ෂ පවුලේ අසූචි සුද්ද කරන මොහු ආචාර්ය කම ගත්තේ අර බලු චිචියා ආචාර්ය පට්ටම ගත්ත ක්‍රමයටම වෙන්න ඕනා.
ඔයා එදත් කඩේ ගිහින් නිතිය පිළිබඳ ව ජනතාව දැනුම්වත් කලානේ.