(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනයෙන් ඊයේ (27) රාත්‍රියේ මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ල වු එස්.බී. දිවාරත්න මහතාට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බව කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කළේය.
මරණ තර්ජන එල්ල වූකේපීපී පතිරණ සහ දිවාරත්න යන සාමාජික මහත්වරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.
එස්.බී. දිවාරත්න මහතාට හා කේ.පී.පී. පතිරණ මහතාට තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට මරණ තර්ජන එල්ල කර තිබුණේ පසුගිය 18 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්කට්ටුවේ තවත් වැඩක්...
මේ රට මැරයන්ගේ දේශයක් වෙන්න යන්නේ... මේවාට නීතිය ඉක්මණින් ක්‍රියාත්මක කළයුතු නොවේද? මෙහෙම රටකට සංචාරකයින් ඒවිද?
මේවා කරන හෝ මෙහෙයවන කණ්ඩායම් මේ කරන තක්කඩි වැඩ නිසා මේ බෞද්ධ රට ලෝකයා හමුවේ විනයක් නැති රටක් විදිහට ප්‍රසිද්ධ කරන්නයි හදන්නේ...!
පාස්කු ඉරිදා 269 ක් මරාගෙන බලයට එන්න පුළුවන් .එවුන්ට බලයේ රැඳිලා ඉන්න තව තුන් හතර දෙනෙකුට මරණ තර්ජන කරන එක කජ්ජක්ද
එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධව මැදිහත් වී පරීක්ෂණයක් ඇරඹිය යුතුයි. එයට සම්බන්ධ සියලු දෙනා හෙළිකර නීතිය වෙනුවෙන් වගවිය යුතුයි. එසේ නොකරන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගවීම පිළිබඳව විශ්වාසය...?
මෙච්චර දක්ෂ පොලිස් නිලධාරීන් ඉන්න රටේ මේ එන කෝල් ගැන හොයන්න දක්ෂයින් නැද්ද? එතකොට මේ ෆෝන්වල CLI තිබිලාම නැද්ද? ඇයි මේ බොරුව...? ඡන්දේ කල්දාන්න කරන උප්පරවැට්ටි. රටේ ජනතාව හරක් කියලා මේ අය හිතන් ඉන්නේ...
රනිල් රාජපක්ෂලාට මොනවාහරි කරලා ඡන්දය කල්දාගන්නයි ඕනෑ....