වසර දෙකක පාලන කාලයක් සඳහා නිලධාරීන් පත්කරගැනීම පිණිස පැවැති 2013 ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේදී කේ. මතිවානන් සහ මොහාන් ද සිල්වා යන මහත්වරු උප සභාපති ධූරවලට තේරී පත්වූහ.
එහිදී හිටපු උප සභාපති කේ. මතිවානන් මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ ඡන්ද 100 කට වඩා ලබාගත් දෙවැනි නිලධාරියා බවට පත්වෙමින් ඡන්ද 113 ක් හිමිකර ගත්තේය. මතිවානන් මහතා සමග මොහාන් ද සිල්වා (81) සහ අසංග සෙනෙවිරත්න (68) යන මහත්වරු තරග කළහ.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ වර්තමාන සභාපති මෙන්ම ක‍්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපති අසංග සෙනෙවිරත්න මහතා උප සභාපති ඡන්දයේදී පරාජය විය.
නව සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහතා ද, ලේකම්වරයා ලෙස හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා ඊයේ පැවැති නිලවරණයට පෙරම නිතරගයෙන් පත්ව සිටියහ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ 2013 නිලවරණය අද (16) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පිරිශ‍්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ දීර්ඝතම නිලවරණය වූ මෙම නිලවරණය පෙරවරු 10.30 සිට පස්වරු 6.00 දක්වා පැය හතකට අධික කාලයක් පැවැත්විණි.
නව ක‍්‍රීඩා පනතට අනුව රහස් ඡන්දයකින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නිලධාරීන් පත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.
තිලංග සුමමතිපාල පාර්ශ්වයෙන් තරග කළ අය අතර මොහාන් ද සිල්වා මහතා පමණක් ප‍්‍රධාන තනතුරට පත් වූ අතර සෙසු නිලධාරීහු පරාජයට පත් වූහ.
උප ලේකම් ධූරයට හිරන්ත පෙරේරා (79), බන්දුල දිසානායක (51) සහ ප‍්‍රියන්ත සොයිසා යන මහත්වරු නාම යෝජනා ඉදිරිපත් කර සිටි අතර ප‍්‍රියන්ත සොයිසා මහතා අවසන් මොහොතේදී සිය නාමයෝජනාව ඉල්ලා අස්කර ගත්තේය. අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී හිටපු උප ලේකම් හිරන්ත පෙරේරා මහතා වැඩි ඡන්ද 28 කින් නැවතත් පත්විය.
භාණ්ඩාගාරික ධූරය සඳහා නුස්කි මොහොමඞ් (87) සහ ඊෂ්ට්මන් නාරංගොඩ (55) යන මහත්වරු අතර පැවැති ඡන්ද විමසීමේදී හිටපු භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් මහතා වැඩි ඡන්ද 32 කින් නැවතත් එම ධූරයට පත්විය. උප භාණ්ඩාගාරික ධූරය සඳහා අජිත පැස්කුවල් (71) සහ අර්වින් ජයවර්ධන (68) යන මහත්වරු අතර පැවැති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 3 කින් අජිත පැස්කුවල් මහතා එම ධූරයට පත්විය.
උප ලේකම් ධූර ඡන්දයේදී ඡන්ද 14 ක් සහ උප භාණ්ඩාගාරික ධූර ඡන්දයේදී ඡන්ද 5 ක් ද අවලංගු වීම කැපී පෙනුණි.
සාමාජිකයන් පස් දෙනකු බැගින් යුත් ප‍්‍රධාන කමිටු හතරකි. ඉන් තරගාවලි කමිටුවේ සභාපතිවරයා ලෙස රොෂාන් ඉද්දමල්ගොඩ මහතා ද, විනිසුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඒ. ආර්. එම්. අරූස් මහතාද තේරී පත්වූහ.
භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් මහතා මහ සභාවට ඉදිරිපත් කළ මූල්‍ය වාර්තාවට මොහාන් ද සිල්වා, ක‍්‍රිෂාන්ත සිල්වා, අර්වින් ජයවර්ධන සහ තිලංග සුමතිපාල යන මහත්වරු විරෝධය ප‍්‍රකාශ කළ අතර එම විවාද පැයකට අධික කාලයක් පැවැත්වීම කැපී පෙනුණි.
නව සභාපති ජයන්ත ධර්මදාස මහතා නිලවරණය මෙහෙයවීමට සූදානම් වෙද්දී එයට තිලංග සුමතිපාල මහතා විරෝධතාවක් ඉදිරිපත් කළ අතර එහිදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ඡන්දය හිමි සාමාජිකයකු ලෙස නිශාන්ත රණතුංග මහතාට නිලවරණය මෙහෙයවීම බාර කෙරිණ.
නිලවරණයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී නව සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ තමන්ට කිසිම දිනක ප‍්‍රතිවාදීන් නොසිටි බවත් තම කණ්ඩායම කවදත් ක‍්‍රිකට් පිළිබඳව පමණක් අවධානය යොමු කළ බවත්ය.
සුමතිපාල පාර්ශවයෙන් උප සභාපති ධූරයට පත්වූ මොහාන් ද සිල්වා මහතා පැවසුවේ තම පාර්ශවය සෑම විටම සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සහ ක‍්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කළ බවත් මෙම නිලධාරී මණ්ඩලය සමග කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට කිසිඳු බාධාවක් තමන්ට නොමැති බවත්ය.
හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා පැවසුවේ ඡන්ද විමසීම ඉතාමත් සාධාරණය පැවැති බවත් මූල්‍ය වාර්තා පිළිබඳව තම පාර්ශවය එකඟ නොවන බවත්ය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය:
සභාපති - ජයන්ත ධර්මදාස මහතා,
උප සභාපතිවරු - කේ. මතිවානන් සහ මොහාන් ද සිල්වා යන මහත්වරු,
භාණ්ඩාගාරික - නුස්කි මොහොමඞ් මහතා,
ලේකම් - නිශාන්ත රණතුංග මහතා,
උප ලේකම් - හිරන්ත පෙරේරා මහතා,
උප භාණ්ඩාගාරික - අජිත පැස්කුවල් මහතා
පාලක ක‍්‍රීඩා සමාජ නියෝජිතයෝ - අර්වින් ජයවර්ධන, ශම්මි සිල්වා සහ ශ්‍රීනාත් සිල්වා යන මහත්වරු,
අනුබද්ධ සංගම් නියෝජිතයෝ - ජයනන්ද වර්ණවීර සහ සුමිත් පෙරේරා යන මහත්වරු,
දිස්ත‍්‍රික් සංගම් නියෝජිතයෝ - තිළිණ තෙන්නකෝන් සහ සංජය සීදරන් යන මහත්වරු
සෙසු සාමාජිකයෝ : ඈෂ්ලි රත්නායක (වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය), නලීන් අපෝන්සු (ජනසතු සේවා), ඩිල්ෂාන් ද සිල්වා සහ එල්. එම්. ඞී. ධර්මසේන (පාසල් ක‍්‍රිකට් සංගමය) යන මහත්වරු
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මතිවානන් - මොහාන් දෙදෙනා උප සභාපති ධූරවලට පත්වෙති
ජෙෆ් Wednesday, 17 April 2013 02:38 AM
මේ ඡන්දේ ගැන මගේ නම් එච්චර කැමැත්තක් නැහැ (නි)
නිලන්ත Wednesday, 17 April 2013 08:34 AM
හිරන්ත පෙරේරා කියන්නේ ක්‍රිකට් වලට සුදුසුම මහත්මා ගුණ ඇති මහත්මයෙක්. අපේ සුබ පැතුම්! (නි)
සුජානි Wednesday, 17 April 2013 06:53 PM
මම සිතන්නෙ මේ නිළවරණයට අපේ රටේ තරුණයො නැතිවම ඇති.(නදී)