පාසල් ළමුන් සදහා බෙදාහරින ස්ප්‍රයිටි ස්ප්‍රේ සහ කෝලා ස්ප්‍රේ නමැති පැණි රස කාරක බීම බෝතල් මහනුවර පාරිභෝගික අධිකාරිය සමග කළ වැටලීමකදී පිළිමතලාව වෙළඳසළකින් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
මෙම බීම වර්ගය පාසල් දරුවන්ට විකුණන බවට ලැබුණු තොරතුරක් මත එම වෙළඳසළ වටලා ඇතැයිද එහි මත්වන ස්වභාවයක් ඇතැයි සැක සහිත බීම බෝතල් 58 ක් සමග වෙළඳසලේ සේවකයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මේවායේ නිෂ්පාදිත ආයතනයක් හෝ අඩංගු ද්‍රව්‍ය මොනවාදැයි සඳහනක් නැති බවත් රජයේ රසපරික්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි. මෙම පැණි බීම මහනුවර, වත්තේගම, කටුගස්තොට, මඩවල ප්‍රදේශ වල අලවි කරන බවට පැමිණිලි ලැබි ඇති බවත් එවැනි ස්ථාන ඇත්නම් පොලිසියට හෝ පාරිභෝගික අධිකාරියේ දුරකථන අංක 0817755455 ට හෝ හදිසි ඇමතුම් අංක 1977 ට දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපි පාසැල් යන අවධියේ අපේ අම්මල දකින දකින කඩචෝරු කන්න බිම බොන්න අපිට ඉඩ තිබ්බේ නැහැ. කැන්ටිමෙන් මොනවා හරි අරන් කන්න කිව්වේ අම්මට උයා ගන්න බැරි තරම් බැරි අසනීපයක් ආවොත් පමණයි. දැන් ළමයින්ට වගේ ඉල්ලන ඉල්ලන පාරට පොකට් මනි දුන්නෙත් නැහැ. අම්ම රැකියාවක් කලත් කොහොම හරි උදේට නැගිටලා අපිට කෑම බිම උයල දෙනවා. බෝතල් වලට දාලා දෙන්නේ නිවා උණු කල වතුර විතරයි තිබහට. කොහේ හරි ගෙදරකට ගියාම ලැබෙන අලියා බිම එක අපට මහමෙරක් වගේ. දැන් ඉතින් ලේසියට ළමයි හදන යුගයේ අම්මල ගේ පහසුවට හරි යන්න හදන කෑම බිම තමයි මේ. (නදී)
නිකම් මිනිසුන්ට වැරදි කියන්න එපා මේවා ..නිෂ්පාදනය කරන පැක්ටරි හොයල සීල් තියන්න ඕනේ ..හිමිකරුට මරණීය දණ්ඩනය නියම කළ යුතුයි ...? දේපල රාජසන්තක කර ..අනිකුත් වැරදි කරුවන්ටද පාඩමක් ඒත්තු ගැන්විය යුතුයි ..! (බ)
මේවා ගෙන්නන මිනිස්සුන්ට මරණීය දණ්ඩනය නියම කරන්න විදිහක් නැද්ද? (ස)
මෙවැනි නිෂ්පාදන වල අඩංගු දේ පිළිබඳ ලේබලයක් අනිවාර්යෙන්ම බෝතලේ සඳහන් වියයුතුයි. (නි)
සිංහල ළමයි විනාශ කරන්න කරන වැඩ..... (ම)
කරුණාකර පාරිභෝගික අධිකාරිය සහ රේගු අධිකාරිටත් දන්වා, මේවා ශ්‍රී ලංකාවට ගෙන්වපු ආයතනයට දඬුවම්දීම කළයුතුව ඇත.මින් මතුවට ආහාර වලට සම්බන්ධ ද්‍රව්‍ය ප්‍රමිති සහතිකය නැතුව ගෙන්වීම තහනම් කළයුතුව ඇත. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේවා කරලා ගන්න සල්ලි මොකටද? (නි)
නිෂ්පාදකයාට දඬුවම් කරලා විතරක් මදි.අපේ දරුවන්ව සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිවෙත් වලට හුරු කරවන්න ඕන. ඔය බිම පැකට් වගේ දේවල් වලට පොඩි කාලෙම පුරුදු වෙන්න ඉඩ ඇරියොත් විනාශයි.(ම)
පොඩි උන්ට මොනවාහරි විසක් විකුණලා තමන්ගේ මඩිය තරකරගෙන තමන්ගේ දරු පවුල් රකින මිනිසුන්ට රජකාලේ දඬුවම් දියයුතුයි. (නි)
අලුතෙන් පනවා ඇති නීතිය අනුව මින් පෙර දඩුවම් ලබා නැති හොද ඉතිහාසයක් තිබෙනවායයි කියාගන්න වෙළදුන් කීපදෙනෙකුට රේගු පරීක්ෂණයකින් තොරව පිටරටින් බඩු ආනයනය කිරීමට අවසර තිබෙනවා නේද? එබැවින් මෙවැනි දේ අලුතෙන් සිදු වීම පුදුමයක් නොවේ. (ම)
පාරිභෝගික අධිකාරියෙන් අනුමැතියක් නොමැතිවද මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ එතකොට. (ම)
දැඩි ක්‍රියා මාර්ග ගත යුතුයි මෙවැනි දේ වලට.. සිංහලයන්ව "වද" කරන පානයක්ද දන්නෙත් නැහැ... (ම)
ෂුවර් එකටම මෙි මිනිසුන්ට දරුවෝ නැතුව ඇති. දරුවෝ ඉන්න දෙමාපියෝ මේ වාගේ නරුම වැඩ කරන්නෙ නැහැනෙ. (නි)
පුංචි කාලෙම මතට හුරුකළාම මුදලාලිලා ගොඩ. (නි)
කවුද මේවා ගෙන්වපු මිනිස්සු. මේවා ගැන රටටම ප්‍රසිද්ධ කරන්න (නි)