මහනුවර විද්‍යාර්ථ මහා විද්‍යාලයේ හා සිල්වෙස්ටර් මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරණ සිසුන් දෙදෙනකු වෙසක් පොහොය නිමිත්තෙන් අසරණ පවුලකට ආහාර ද්‍රව්‍ය හා සනීපාරක්ෂක උපකරණ පරිත්‍යාගයක් සිදුකළහ.
කසුන් දිසානායක හා හර්ෂ නාලක නමැති මේ සිසුන් දෙදෙනා මේ පරිත්‍යාගය කැර ඇත්තේ කඩුගන්නාව පොලිසියෙන් ලබාගත් තොරතුරු අනුව තෝරාගත් පවුලකට වීම විශේෂත්වයකි.
මේ පවුලේ සැමියා මියගොසිනි. වයස අවුරුද 18ක ආබාධිත දරුවෙක් හා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දැරියක් හා වයස අවරුදු දෙකක් වූ දැරියක් ද මේ පවුලේ සිටිති.
පියා මියගිය පසු පවුලේ බර කරට ගත්තේ දරුවන්ගේ සීයාය. 85 වැනි වියේ පසුවන ඔහුගේ ඇස් පෙනීම දුර්වලවීම හේතුවෙන් කුලී වැඩක් කරගැනීමට ඔහුට ද අපහසු වී ඇත. දරැවන්ගේ මව තම බිළිඳිය නිවසේ තනිකැර දමා ඉදහිට කුලී වැඩක් කර ජීවන අරගලයට මුහුණ දෙන්නීය.
උසස් පෙළ හදාරණ කසුන් හා හර්ෂ තම මිතුරන්ගේ ද ආධාරයෙන් මේ පවුලට දිගටම පිහිටවන්නට අදිටන් කරගෙන සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක් යාලුවනේ. බුදු සරණයි! (නි)
මමත් කැමතියි උදවු කරන්න (නි)
මෙය වටිනා කුසල කර්මයකි (නි)
විශිෂ්ට වැඩක විශිෂ්ට ප්‍රතිඵලයක් (නි)
දරුවනි, නුඹට තෙරුවන් සරණයි. (ත)
ඉතා වටිනා පින්කමක් (නි)
දෙමාපියන්ටත් එක්කම පිං පුතා. තෙරුවන් සරණයි. (ත)
ඔන්න ලොකුම ලොකු පිනක් ඔයාල දෙන්නා මේ කරගත්තේ බුදුසරණයි (ත)
නියමයි මල්ලිලා! (නි)
අපි ළඟ ඇඳුම් සමඟ ආහාර ද්‍රව්‍ය තිබෙනවා. මට ලිපිනය දෙන්න. අඩුම තරමේ දුරකථන අංකයක්. (නි)
ගොඩක් හොඳ වැඩක් යාලුවෝ දෙන්නා එකතුවෙලා කරලා තියෙන්නේ. මේ පින ඔයාලට සංසාරෙන් එතෙර වෙන්න ශක්තියක් වෙයි (නි)
මෙන්න නියම බෞද්ධයෝ. ඔය දරුවන්ට බුදු සරණයි (නි)
මමත් සිල්වෙස්තර විදුහලේ ආදී සිසුවෙක්.ඔබ දෙපල ගැන හරිම සතුටුයි. බලාපොරොත්තු සියල්ල සාර්ථකව ඉටුවේවා කියා පතනවා.ඔබට දෙවිපිහිටයි ! (නි)
මේ වගේ වැඩ වලට අපි හැමෝම සහයෝගය දෙන්න ඕනෑ. ඔබට ලංකාවේ හැමෝගෙම උදව් ලබාදිය යුතුයි. මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. තාමත් මට බැරිවුණා මේ වගේ උදවුවක් කරන්න (නි)
රටේ වැඩිහිටි ,තරුණ හැමටම ආදර්ශයක්. පුතාලට සදාකාලයට ජය ,සතුට!! (නි)
ලොකු වැඩක් මේ කළේ (නි)
ඉතාම අගය කළයුතු උතුම් ක්‍රියාවක්.නමුත් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙන්න එපා (නි)
උදාර ක්‍රියාවක් (නි)
2015 වෙසක් දා ලොකුම පින්කම මෙයයි. (නි)
ඔබලා ආදර්ශමත් දරුවන් (නි)
එක රැයට ලක්ෂ ගණන් නයිට් ක්ලබ් වලට වියදම් කරන ලොකු ලොක්කන්ගේ නාස්තිකාර පුත්‍රයන් සිටින රටක රත්තරන් පුතාලා දෙන්නෙක්. වාසනාවන්! (නි)
රටක් වටිනා දරුවන්. ලොකු ආදර්ශයක් අද සමාජයට! (නි)
පුතා, මේවා තමා හොඳ වැඩ (නි)
කසුන්, මට ඔයාලට උදවු කරන්න පුළුවන්. ලිපිනය එවන්න. (නි)
ඉතා හොඳ වැඩක් මල්ලිලා කරලා තියෙන්නේ. ඔබට ජය! (නි)
බොහෝ දානපතියන් ලොකු ලොකු පන්සල් වලට දෙනවා. දන්සල් කරලා තියෙන අයටම කන්න දෙනවා. මේ වගේ දිය යුතු අයට දෙන්න හිතන්නේ නැහැ. නුවණැති පුතුනි, ඔබට ජය. (නි)
තුණුරුවන් සරණින් ඔබ දෙපළටම අධ්‍යාපනයේ සියලු කඩයීම් පහසුවෙන් ජයගත හැකිවේවා. (නි)
බුදුන්ගේ දර්ශනය මැනවින් දන්නා , උගත් නිහතමානී තරුණයන් දෙදෙනෙක්. ලංකාවේ අනෙක් අයටත් ආදර්ශයක් වේවා! (නි)
අනෙක් දරුවන්ටත් ආදර්ශයක්. (නි)
කරුණාකරලා මේ තරුණයින්ගේ දුරකතන අංකය ලබා දෙනවද ? (නි)
දිගටම කරනවා නම් හොඳයි. (නි)
පරිත්‍යාගයක් කරන්නට කැමැත්තෙමි.මේ පින් කැමති දරුවන් දෙදෙනා හමුවීමට මඟක් පාදාදෙන්න. (නි)
කසුන් මල්ලි මම කැමතියි දුවට ඉස්කෝලේ ගමනට දිගටම උදවු කරන්න. මට ඔයාලගේ ලිපිනය දෙන්න. (නි)
අපේ පාසලටත් ලොකු ආඩම්බරයක් මල්ලී (නි)
හරිම හොඳ දෙයක්. මටත් ඒ අයගේ ලිපිනය දෙන්න. මමත් උදවු කරන්න කැමතියි (නි)
මෙවැනි සද්ක්‍රියාවන් කිරීම සඳහා තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ගොඩක් හොඳ පින්කමක්. පුතාලා, ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි. (නි)
සසර සරණ තුරා නිදුක් නිරෝගී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා පුතාලට.මේ උපකාර ලබන අයටත් එලෙසම වේවා! (නි)
ඔන්න ජාතියේ පුතුන් !!!! (නි)
නියම දානමය පුණ්‍යකර්මය නම් මෙයයි. ඔබට තෙරුවන් සරණ වේවා! (නි)
අපේ ගෞරවය ඔබට කොල්ලනේ .....! (නි)
මෙය අගය කඵයුතු ක්‍රියාවක්. මෙවැනි අසරණ අය තව කොතෙක් සිටීද? හිතවතුනි ,මා දැනට පොළොන්නරුව,ඕනෑගම නමැති දුෂ්කර ගම්මානයේ දිළිඳු පවුලකට නිවසක් සදාදීමට කටයතු කරමින් සිටින බැවින් ඒ සඳහා සහායවීමට කැමති අය සිටි නම් මම තීරුව හරහා දායකවන්න. ඔබට පින්! (නි)
නියම දානමය පිංකම මෙයම වේ. දරුවනි, තෙරුවන් සරණයි! (නි)
කුඩා කල සිටම මෙවන් දේවලට යොමුවීම හොඳයි (නි)
ඔබ දෙපළට සම්මා සම්බුදු සරණයි! මෙවැනි සද්ක්‍රියා නිතර කරන්න සංසාරය පුරා ගෙනා පින් ශක්තියක් වේවා! (නි)
මෙයාලගේ යාලුවොත් එකතුවෙලා සහයෝගය දුන්නා නම් මීටත් වැඩිය යමක් කරන්න තිබුනා (නි)
මේ ආචාරය මේ පුතාලාගේ දෙමාපියන්ටයි! (නි)
හොඳ පින්කමක් (නි)
අම්මා තාත්තා මරාදමන දරුවෝ ඉන්න සමාජයක මේ වගේ දරුවෝ අගය කරන්න ඕනෑ. ඔබ දෙපළට සහ මෙයට අතහිත දුන් සියලු දෙනාටම දෙවි පිහිට ලැබේවා! (නි)
සහෝදරයන් දෙදෙනාම ඉතා හොඳ පින්කමක් කරලා තියෙන්නෙ..... (නි)