ලන්ඩන් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීහු පසුගියදා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමේ ශාඛාවක් පිහිටුවා ගත්හ.
ලන්ඩන් නුවර පිහිටි සුප්‍රකට ලිහිණියා අවන් හලේදී මෙම නව ශාඛාවේ ආරම්භක රැස්වීම පැවැත්විණි.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ බොහෝ පිරිසක් ඊට සහභාගීවූ බව නව ශාඛාවේ සභාපති ලසන්ත පෙරේරා කියයි.
අභිනවයෙන් පත්වූ ජනාධිපතිගේ දින 100 යේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවේ යැයිද ශ්‍රී ලංකාවේ නැවත වතාවක් දුෂණයෙන් සහ භීෂණයෙන් තොර පොදු ජනයාට හිතවාදී යහ පාලනයක් ස්ථාපිත කිරීම සඳහා නව රජයට හැකිවේවායි සුභ පතන බවද ඔහු පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදත් කොතනත් මතුවන සමහරුන්ගේ ඊර්ෂ්‍යාව කුඩුකේඩුකම මෙතනත් මතුවෙලා. ලසන්ත පෙරේරා පෙර පැවති දුර්දාන්ත පාලනයට විරුද්ධව හඬ නැඟූ එඩිතර තරුණයෙක්. අන්තිම මොහොත වෙනතුරුත් දුර්දාන්ත පාලනයකට කඹුරපු අය පාට වෙනස් කරගෙන මෛත්‍රී හිතවාදීන් වෙන්න කළ උත්සාහය ව්‍යර්ථ වුණේ ලසන්ත සහ අනෙක් එඩිතර ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් වූ නිසයි. අඳුරට බැන බැන නොසිට එක පහනක් හෝ දල්වන්න! (නි)
ලංඩනයේ වෙසෙන 'අපේ කොල්ලෙක්' මේ තනතුරට පත් වීම ගැන ආඩම්බරයි. ලසන්ත පෙරේරා මහාතාට සහ සියලුම දෙනාට යහ පාලනයක් සදහා සුභ පැතුම්. නව රජය දුන් පොරොන්දු ඉටුකරාවියැයි අප විශ්වාස කරනවා. (ස)
ශ්රී ලනිපයේ ඡන්ද නැති අය, එහි අයිතිවාසිකම් කීම කුමණ ආකාරයෙ පාලනයක්දැයි නොතෙරේ. (අ)
දිනන පැත්තට ඔක්කොම ජයවේවා කියලා එකතුවෙනවා (නි)
ජයවේවා.! (ර)
එදා මෙදාතුර හැමදාකමත් ලන්ඩනයේ ලිහිණියා අවන්හල එකසේ නොවෙනස්ව සිටිම ගැන සතුටුවෙනවා. මා එදින එහි සිටි කෙනෙක් හැටියට ඉදිරියට විශ්වාසයක් තියාගන්න පුළුවන් කියා හිතෙනවා. (නි)
මේගොල්ලෝ ඡන්දෙ දවස්වල නිදියගෙනද දන්නේ නැහැ හිටියේ. දින්නම උදව් කරන්න කාටත් පුළුවන්. හරිනම් ඒ දවස්වලනේ එකතු වෙන්න තිබුනේ (නදී)
කට්ටියක් පාට පක්ෂ අමතක කරල ඡන්දෙ දවස්වල වැඩ කරනකොට මේ ගොල්ලෝ කොහෙද හිට්යේ අපි දැක්කේ නැහැනේ? (බ)
පහුගිය මාස 2ක් තිස්සේ පැවති රජයට එරෙහිව විශාල වැඩපිළිවෙලක් එංගලන්තයේ වෙසෙන ප්‍රගතිශීලී ලාංකිකයන් ගෙනගියා. ඒ කිසිම දෙයකට සහාය නොදී හැංගිලා ඉදලා දැන් මේ හොරෙන් හොරෙන් සංවිධාන හදන අවස්ථාවාදී කුහක බඩගෝස්තරවාදීන් ගැන ඇසීමත් අප්‍රසන්නයි. (බ)
පහුගිය මාසයක කාලය තුළදී අපි දැක්කා මහින්ද රාජපක්ෂට විරුද්ධව ලන්ඩන් වල සංවිධානය කර තිබූ උද්ඝෝෂණ වල ඡායාරූප. ඒ එකකවත් ඔයාලගේ මුහුණු අපි දැක්කේ නැහැනේ. මං මේ නිකමට අහන්නේ (නි)
මෛත්‍රී ජනාධිපතිතුමාට සහයෝගය දක්වන කිසිම තැනක මේ කිසිම කෙනෙක් මට නම් දක්නට ලැබුනේ නැහැ. (නි)
මේ පිරිසත් හරියටම දැන් ලංකාවේ වෙනවා වගේම ජයග්‍රහණයෙන් පස්සේ කිර්බත් කන්න ආපු අය වගේමයි.අපි අභියෝග කරනවා 8 වෙනිදට ඉස්සර මහින්ද පරදන්න කළ එක දෙයක් පෙන්නන්න කියලා.(අ)
අවනීතිය - යුක්ති ධර්මයෙන්ද, අශීලචාර බව - ආචාරශිලත්වයෙන්ද, මුග්ධ පවුල්කාමය - උතුම් ප්‍රඥාවෙන්ද, වෛරය - මෛත්‍රියෙන්ද ජය ගැනීම උදෙසා පක්ෂ බේදයෙන්, ජාති බේදයෙන්, පන්ති -ආගම් කුල බේදයෙන් තොරව.... මෛත්‍රී පාලනයක් උදෙසා සහය දිමට දූරදර්ශීව ඔබත්, ඔබගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ලංඩන්) ශාකාවත් ගත් තීරනය අගේ කරමි. (නදී)
ලලින්ද්‍ර මේ නිකමට වගේ අහන්නේ ලිහිණියා අවන්හල ඔයාගේද නැත්නම් එදා ඔයාට පිනට පයින්ට් එකක් හරි ෂොට් එකක් හරි හම්බවුනාද, මේ ජරමර අස්සේ වෙලද දැන්වීම් දාන්නේ. (නදී)
වාසි පැත්තට පනින එකේ වරදකුත් නැහැනේ! (නි)