බලයට පත්වන දේශපාලනඥයින්ගේ අතකොළු නොවන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බව නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් පැවසීය.
දේශපාලන නායකත්වය රාජ්‍ය සේවය රටට ආදර්ශමත් විය යුතු යැයිද ඔහු කීවේය.
යුගයේ අවශ්‍යතාවයන් අනුව රට තුළ නව දේශපාලන සංස්කෘතියක් හා පරිපාලනමය වෙනසක් ඇති කළ යුතුව ඇති බව පැවසූ ජනාධිපති දුගී බව තුරන් කිරීමටත් දූෂණය නැති කිරීමටත් එක්ව කටයුතු කිරීමට නැවත වතාවක් සියලු දෙනාටම ආරාධනා කරන බවද පැවසීය.
තම මැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි දින සියයක් තුළ සිදු කළ යුතු වෙනස ඇති කිරීමටත් එහි සඳහන් අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සියලුම ජනතා නියෝජිතයන්ගේත් සහාය අපේක්ෂා කරන බවත් ජනපති කීවේය.
අබේකෝන් ජනපති ලේකම් ලෙසත්, බස්නායක ආරක්ෂක ලේකම් ලෙසත් පත් කිරීමෙන් පසුව ඔවුන් පත් කළේ ඇයිදැයි අසමින් තමාට දුරකථන ඇමතුම් රැසක් ලැබුණු බව ජනපති කීවේය. ඔවුන් සමෘද්ධි මුදල් බෙදූ බවට චෝදනා කළ බවත් ජනපති කීවේය.
එවැනි දෙයකට හවුල් නොවූ රාජ්‍ය සේවකයන් සිටීදැයි ලැයිස්තුවක් දෙන්න බැලූ නමුත් එසේ නොකළ එක් අයකුවත් සොයාගත නොහැකිවූ බව ජනපති කියති. වරද රාජ්‍ය සේවකයන්ගේ නෙවෙයි. ඔවුන් වැරදි කිරීමට යොදා ගන්නා දේශපාලනඥයන්ගෙයි. මින් ඉදිරියට එවැනි දේ නොකළ යුතුයි.
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි, ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන ඇතුළු මහා සංඝරත්නයද අගමැති රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක හිටපු ඇමැතිවරුන් වන එස්. රාධක්‍රිෂ්ණන්, පී.දිගම්බරන්, ආර්. සම්බන්ධන්, රජීව් විජේසිංහ මන්ත්‍රීවරුද එහි වූහ.
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
917
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෛත්‍රිගෙන් නිදහස් රාජ්‍ය සේවයක්
නෝනිස් Monday, 12 January 2015 11:31 AM
මොකද මේ මෛත්‍රී කියපු ටික පොඩි අකුරෙන් ? එතකොට මේ සිංහල දෙමළ නව ජාතික කොඩියද පිටිපස්සේ ? ලංකාවේ ජනාධිපති දෙමළ අකුරු තියන කොඩියක් ඉදිරිපිට රට අමතනවා කවදාවත් ඉතිහාසයේ වුනේ නැහැ. දැන් ලංකාව පාලනය දෙමළ බලපෑමකින් වත් ද ? කැබිනට් එකට දවස් 100 කට පොර කන හැටි දැක්කහම ජනතාව නැවත රවටලද ? අනේ අපේ රටට අයෙමත් වැරදුනාද ? (අ)
ජිනසෝම Monday, 12 January 2015 10:05 AM
පක්ෂ බේද නැතිව මේ ක්‍රියාවට සහය දෙනවා. කරන්න පුළුවන් නම්, කරන්න. කට්ටිය සහය දේවිද? (ර)