හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ අයට මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුව තුළ වැඩි බලයක් ලැබුණොත් අගමැති ධුරය නොලැබුණත් රාජපක්ෂ මහතා මැදමුලන සිට රට පාලනය කරනු ඇතැයි වමේ කේන්ද්‍රයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා පැවසීය.
එබැවින් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකකම හෝ නාමයෝජනා නොදුන්නොත් ඔහුගේ පිලේ අයට වැඩි බලයක් ලැබෙන අයුරින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළහොත් එය ඔහුගේ නායකත්වයටම අභියෝගයක් වනු ඇතැයි ද කුමාර මහතා කීවේය.
වර්තමානයේ දී ද සිරිසේන මහතාගේ දේශපාලන කටයුතු මෙහෙයවන බලවේගය බවට මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කණ්ඩායම පත්ව ඇතැයි කී කුසුම් කුමාර මහතා ඔවුන්ට පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනයක් ලැබුණහොත් ජනාධිපතිවරයාට අනාගතයේ දී රාජපක්ෂ පිලේ සිරකරුවකු වීමට සිදුවනු ඇතැයි ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මෛත්‍රී ජනාධිපතිතුමාට මහින්ද මහත්තයාගෙන් කිසිම බලපෑමක් නැති බවයි දැනෙන්නේ. ඒත් ඒ අය රට වටේ රැස්වීම් තිය තියා ග්‍රාමික ජනතාව එදා වගේම අදත් අන්දන්න හදනවා. මේ රැස්වීම් කඩාකප්පල් කරන්න තරම් අවශ්‍යතාවයක් හෝ බියක් මෛත්‍රී ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට නැහැ. එයින්ම පේනවා මෙවැනි බලලෝභීන්ගෙන් කිසිම අභියෝගයක් මෛත්‍රී ජනාධිපතිතුමාට නොමැති බව.... (නි)
අලියෝ ගියෝ මැදවච්චි මහින්ද ගියෝ කිලිනොච්චි සිංහ ගියේ පාමංකඩ ගෝටා ගියේ අලිමංකඩ දකුණේ දිනුවේ ඕන ගොනෙක් උතුරේ දිනුවේ රණවිරුවෙක් (බ)
රට බේරාගත්තේ කවුද? දැන් රට පාවාදෙන්න හදන්නේ කවුද? මවපු සුරඟන ලෝකය කෝ? මේ ප්‍රශ්න නිසා තමයි මහින්ද ළඟට මුළු රටම රොක්වෙන්නේ. මේ ඇත්ත ඇයි පෙනෙන්නේ නැත්තේ. කුහකකම තිබුනොත් පක්ෂය විනාශ වෙනවා. (නි)
මහින්ද මහතා කියන්නේ සැමදෙනාගේම වීරයෙක් (නි)
මේ ප්‍රශ්නය කවදා අවසන්වෙයිද? (නි)
පාක්ෂිකයන් හොඳින් ඇත්ත දන්නවා. මැතිවරණ ප්‍රතිඵල ආවහම තමයි ඔය අවුල් හවුලට තරු පෙනෙන්නේ. (නි)
රට තුළ දැනට පවතින දේශපාලන වාතාවරණය අනුව ඔවැනි අනාවැකි පළකළ නොහැකියි. ජනතාව නව ප්‍රවණතා වලට වඩා අවධානයෙන් බලා ඉන්නේ. කළකිරීම් අනන්තයි. නමුත් වත්මන් දේශපාලන වේදිකා වල නිරූපනය වන්නේ සබැ ජනමතය නම් නොවේ.එය ඉදිරි මැතිවරණයකදී පැහැදිලිවම පෙන්නුම් කරාවි. දැනට සිටින බහුතර දේශපාලකයින් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ පවා නැතිවේවි. (නි)
එක එක කාලෙට මෙයාලා මොනවා කියනවාද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
ඒකත් ඇත්ත තමයි බැලුවහම (නි)
සමහරුන්ට වමකුත් නැහැ දකුණකුත් නැහැ. ඔහේ කියවනවට කියවනවා. (නි)
මහින්දගේ ගෝලයින්ට ඡන්දය නොදී ඉමු අපි (නි)
දුර පෙනෙන ආචාර්යවරයෙක්! (නි)
ආචාර්ය තුමාගේ අදහස සමහරුන්ට වහ කදුරු වගේ . නමුත් යථාර්තය එයමය. (ර)
එක තමයි වෙන්නේ... (ර)
මෛත්‍රීව හසුරුවන්නේ විදේශ ඒජන්තයින් හෝ කොටි ඩයස්පොරාවද ? (නදී)
හෙටත් අගමැති රනිල්. අලියෝ පෙරලන්න කාටද පුළුවන්,? (ර)
මැතිවරණයකින් පසුව නොවේ අදත් එය බොහෝ අවස්ථාවල දකින්නට ඇත. ජනතාව විසින් පත්කර ගත් නායකයකුව කිසියම් බලවේගයකින් අද මෙන් අපහසුවට පත්කළ යුගයක් මෑත ඉතිහාසයේ දකින්නට නැති තරම්ය. ජනතාවගේ තීරණය ජනතාව විසින් ශක්තිමත්ව තබා ගැනීම ජනතාවගේ වගකීම සහ යුතුකමය. (ර)
ගොටු අල්ලා රට නොකනු (බ)
මෙවුනුත් කේන්දර කාරයෝද (බ)
ව්‍යවස්ථාව අනුව දෝෂාභියෝගයකින් ජනාධිපත් ඉවත් කළහොත් ඊළඟ ජනාධිපති අගමැති නේද? (නි)
මෙතුමිය අනාවැකි කියන්න පටන් අරගන වගෙයි.ජනප්‍රිය වෙන්න කියන කතා.. අපි රැවැටෙයි ඕවාට. (බ)
මහින්ද කොහේ දිනන්නද....එයාගේ දිනන කට්ටියත් දැත් ශක්තිමත් කරන්න ගියහම මහින්දට හූල්ලන්න තමා වෙන්නේ (බ)
ඡන්දය තියල බැලුවා නම් හොඳයි මේ අයගේ පණ්ඩිත කතා අහනවට වඩා. රටට නායකයෙක් ක්‍රමවේදයක් නැති උනාම අයාලේ යනවා. මුණ එක්ක තරහ වෙලා නහය කපාගෙන දැන් ගොඩක් අයට විඳවන්න බැරිවෙලා. නායකයා වෙනස් කරන්නේ නැතිව හැමෝම එකතු වෙලා ක්‍රම වේදය වෙනස් කරන්න බලය පෙන්නුවානම් අදත් මේ රට වේගයෙන් දියුණුවෙන රටක්. මෙතන කතා කරන කි දෙනෙක්ගේ දන්නා අඳුනන අයට රැකියාව නැතිවෙලා තියෙනවද? සාක්කුවට සල්ලි ලැබුනෙත් නෑ, සාක්කුවට සල්ලි දාලා විතරක් රටක් හදන්නත් බෑ. හිතන්න. (නදී)
සිංහ හා හා හා රනිල් ලා එහෙනම් අවුරුදු 20ක් තිස්සේ ඔය දිනලද හිටියේ? දැනුත් මේ මෛත්‍රී නිසා දිනන මිසක්, රනිල් ඉල්ලුවනම් හබක් තමා. (බ)
එතකොට නියමෙනේ. මේ රටේ මිනිස්සු (සිංහලයෝ) කෙලින්නෙම පිස්සු. (බ)
මේවාට කියන්නේ "ත්‍රී කේ" බොරු කියලයි. (බ)
මොහු නොකියා කියන්නේ මහින්ද පිල දැන්ම සුනු විසුනු කරන්නයි. (බ)
මහින්ද හරි හිසරදයක් වෙලානේ. (නදී)
එතොකොට අපේ කිරිපැකට් එකට, භූමිතෙල් ටිකට, හාල්මැස්සෝ 100 ට වැඩේ කරලා මාළිගා හදලා,දෙපැත්තේම පරම්පරාවේ අයට මෙරට පිටරට රාජ්‍ය දේපල කන්න දීලා බලාගෙන උන්න කෙනෙකුට බලය දෙන්න අපේ ජනතාව මෝඩයෝද? (නි)
මහින්ද අගමැති වෙනවාමයි! (නි)
මහින්ද කියන්නේ කවුරුවත් හිරකරලා තියාගන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි (නි)
මහින්දට නාමයෝජනා දෙන්න ජනාධිපතිතුමා කැමති වෙන්න එපැයි. කවදාවත් ඒක වෙන්නේ නැහැ. (නි)
කතාව ඇත්ත. අපිට තේරෙන දේ ඇයි ඉතින් එයාලට තේරෙන්නේ නැත්තේ? (නි)
මට පෙනෙන විදිහට ලංකාවට දැනට තිබෙන ප්‍රධාන අභියෝගය, අධිරාජ්‍යවාදීන්වත්, දෙමළ ඩයස්පෝරාවවත් නොව පසුගිය දශක කිහිපය තුළ දේශපාලකයන්ගේ ආශිර්වාද මත රටතුල ගොඩනැඟුන අල්ලස, දුෂණය සහ වංචාව වේ. මෙය රටින් තුරන්කර සියලු දෙනාටම අවංකව තමන්ගේ රැකියාවක්, ව්‍යාපාරයක් කරගෙන දේශපාලකයන්ට සහ නිලධාරීන්ට කප්පම් නොදී තම උත්සාහයෙන් රැකියාවක් කරන් ජීවත්විය හැකි පරිසරයක් රටේ නිර්මාණය කිරීමට ජනාධිපතිතුමා උත්සහ ගන්නා බව පෙනේ.නමුත් පසුගිය කාලයේ සිටි වංචාකාරයන් සතුව ඔවුන් විසින් වංචාවෙන් උපයාගත් විශාල ධනස්කන්ධයක් සහ නිලධාරී ජාලයක් තවම ඇත. නමුත් බහුතරයක් ජනතාව මෝඩ නැත. ඔවුන් පහුගිය දුර්දාන්ත ඒකාධිපති පවුල්වාදී පාලනයට කැමති නැත (නි)
මහින්ද අලි විතරක් නෙමෙයි කොටි පවා පෙරළුවා. (නි)
එතකොට යු අැන් පි එක බලයට ආවොත් මෛත්‍රී මහත්තය හිර කාරයෙක් නොවන බවට තියෙන සහතිකය මොකක්ද? තමන්ට කියල පදනමක් නැතුව අනුන්ගේ පිහිටෙන් බලයට එන ඕනෑම කෙනෙක් ඔවුන්ගේ හිර කාරයෙක් තමයි.එකට විධායක බලය තිබුන නැහැ කියල නැහැ. (බ)
ඒක රටේ ජනතාවගේ කැමැත්ත නම් ඉතින් මොකද කරන්නේ? (නි)
දැන් මේකට අපි මොකක්ද කරන්න ඕනෑ? (නි)
මෙහෙම යනකොට හුස්ම ගන්නත් ත්‍රි පුද්ගල කමිටුවකින් අවසර ගන්න වුණා කියලා කිවුවත් අපි නම් පුදුමවෙන්නේ නැහැ (නි)
එතකොට විධායක ජනාධිපති බලතල කොස් කොටන්නද? (නි)
එහෙම වෙනවා වුණත්, අන්තිමට ඒකේ වරදත්, මහින්ද මහතා පිට පටවන්න හදයිද දන්නෙ නැහැ (නි)
මම නම් හිතන්නේ එජාපෙ සහ ශ්‍රී ල නි ප යේ විශාල කොටසක් සහ හෙළ උරුමය සහ සුළු ජාතික පක්ෂ රජයට සහයෝගය දෙනවා. ජවිපෙත් මධ්‍යස්ථව සිටියට එවැනි තීරණාත්මක අවස්ථාවක් ආවොත් සහය දෙන්නේ මෛත්‍රී මහතාට බව පැහැදිලියි. අන්තිමට සිරකරුවන් වන්නේ පහුගිය ආණ්ඩුවේ සිටි අය බව මට සහතිකයි (නි)
රට පාලනය කරන්න පළමු පුලුවන් නම් ශ්‍රීලනිප යේ සභාපතිකම නැවත අරගෙන පෙන්වන්න. එතකොට පුළුවන් ඔය කියුම් ගැන පොඩ්ඩක් හරි විශ්වාසයක් තබන්න (නි)
මේ යන විදිහට නම් පිටිපස්සෙන් නොවේ ඉස්සරහ පැත්තෙන්ම පෙනි පෙනී යමක් කරයිද මන්දා? (නි)
ඒක තමයි යථාර්ථය. රටේ උගත් ජනතාව දැනගන්න ඕනෑ එහෙම වෙලා අපි ආපසු නීතියක් නැති යුගයට යනවද නැද්ද කියලා. රට කාගේවත් බූදලයක් නොවෙයි. අපි එය රැකගත යුතුයි. (නි)
මෙරට ජනතාව එසේ සිදුනොවීමට වග බලාගත යුතු වේ.එය සිදුවුවහොත් නැවත රට පෙර පැවති පාලනයට යනවා.මෛත්‍රී මැතිතුමාට සියලුදෙනා ඡන්දය දිය යුතු වේ (නි)
දැන් දැන් මේකත් අච්චාරු හැලියක් වගේ. මෛත්‍රී කියනවනේ එකහෙලාම වසර 4න් 5න් යනවමයි කියල. කතාවල අවංක ගතියක් තියෙනවා වගේ හැඟෙනවා. එයාගේ වට පිටාව කිළුටු වෙලා. වැටක් ගහල හෝ මේ 4 පැත්තෙන් එන ටික නතර කලෝතින් ...(බ)
මෛත්‍රී මෛත්‍රී නොකළානම් අද කි දෙනෙක් ජම්පර් ඇඳන් ද? එකම අනික් පැත්ත උනා නම් අද කි දෙනෙක් පොළොවේ පස් කනවා ද ? ඇස් ඉදිරිපිටම පේන්න තියෙන මේ වෙනස ම මදිද හිතන්න. (බ)
අනේ අපි කවදාක හිනැහෙම්ද මේ රටේ? (නි)
රනිල් මහත්තයා අවංක අයෙක් කියලා මිසක මුරණ්ඩු අයෙක් ලෙස අපි හිතන්න කැමති නැහැ (නි)
වැරදි දෙයක් කළොත් හිතට සැනසීමක් ලැබෙන එකක් නැහැ (නි)
මිනිසාට මොළයක් දී තිබෙනවා.ඒවා එම මිනිස් මොළයෙන් ලස්සනට විසඳයි ....... (නි)
මෛත්‍රීගේ දේශපාලන වැඩ මෙහෙයවන්නේ මහින්දලු. ඒ මොකෝ, මෛත්‍රී රට පාලනය කරන්න දන්නා කෙනෙක් නොවෙයි කියලද ඒ ගැත්තෝ හිතන්නේ ? මහින්ද රටකරන හැටි හොඳින් දැනහිටියනම්, 2015 ජනවාරි 08 වැනිදා චන්ද ප්‍රතිපලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා....(ස)