මාතර මහා නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතා (එජාප) මාතර මැතිවරණ කොමසාරිස් සී.ඒ. සුනෙත් ලෝචන විසින් නාගරික මන්ත්‍රී පදවියෙන් ඉවත් කරනු ලැබීය. පළාත් පාලන ආඥා පනතේ 227 වැනි වගන්තිය යටතේ මේ පියවරගෙන ඇත. ඔහු නගරාධිපති සමයේ සිදු වී යැයි කියන දූෂණ හා අක්‍රමිකතා නිසා දකුණු පළාත් මහා ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා විසින් 2010.1.5 වැනි දා ඔහු ඉවත් කළ බවට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කැරිණි. ඒ අනුව වසර පහක් යන තුරු ඔහු නුසුදුස්සෙක් වන්නේය. මේ තීරණය නොපිළිගන්නා බවත් එය ගැසට් කළ හොත් පමණක් හිස නමන බවත් නිශාන්ත මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd