ආණ්ඩුවේ දින 100 අවසන් හෙයින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමටත්, වර්තමාන ජනාධිපති හා හිටපු ජනාධිපතිවරයා එක්කරගනිමින් ඉදිරි මහ මැතිවරණයට සන්ධානයක් ලෙස තරඟ කිරීමටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ 14 ක් එක්ව යෝජනාවක් සම්මත කරගත් බව සන්ධාන මහ ලේකම් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.
සන්ධානයේ එම යෝජනා ගැන දින දෙකකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කරන බව ප්‍රේමජයන්ත මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස අවුරුදු 70 ඉක්මවූ තමන්ගේ ජීවිත කාලය තුල මෙවන් අච්චාරු ආණ්ඩුවක් නම් දැක නැති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි. ඔහු පවසන්නේ යහපාලනනය ගෙන එන බව කියමින් බලයට ආ වත්මන් ආණ්ඩුව දැන් ගෙන යන්නේ තනිකරම කැලෑ නීතියක් බවයි. (නදී)
මේ ජනාධිපති ශ්‍රී ලංකා ලේකම් වශයෙන් ඉන්න කාලේ මහින්ද ජනධිපතිට "ඔබ තුමා රජෙක් කියලයි "කිව්වේ. මහින්ද හැමෝටම කරුණාව දක්කන්න ගිහින් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. කව්රුත් දන්නා කැලණියේ ගේම කොහොමද ? (නදී)
මට හිනා මේ කොමෙන්ට්ස් බලා (නදී)
මේ අය දන්නවා මහින්ද නැතුව මේ අයට දිනන්න බැහැ කියා (නදී)
ජයා! ජනතාවගේ කැමැත්ත මහින්ද (දේශප්‍රියට) මොකද හොරු ටික එළවගන්න එතුමා දුන් සහයෝගයට. ඒක (මහින්ද රාජපක්ෂ සුමනදාස නැතුවත්) නැවතත් පරදින එක වලක්වන්න කාටවත් බෑ. යහපාලනය දැන් නැහැ...බැසිල් ආර්ථිකේ සංවර්ධනය කරන කාලේ ජයටම තිබුනා. (නදී)
අජිත්! ඔයා ට මහින්ද "මාත්තය" පේන්නෙ මිහිඳු මහා රහතන් වහන්සේ වගේද? මොකද මේ පෙරළි පෙරළි වඳින්න හදන හින්ද. ගහන කොට වඳින එකත් මෝඩ යෙක්ලු. වඳින්න වඳින්න ගහන එකත් මෝඩ යෙක්ලු. ලක්ෂ 52 ජනතාව මේ තත්වයට ඇද දාපු මහින්ද ට වැඳිය යුතු ආකාරය කියල දෙන්න ඡන්ද යක් එනතුරු ජනතාව පුල පුලා බලා ඉන්නවා. (නදී)
පද්මිණි හා නාමල්. කතුතුමා තීරනය කරාවි මගේ අදහස් ගැලපෙනවා ද නැද්ද කියලා. කියවීම පාඨකයෝ තීරණය කරාවි නේද ? (බ)
මහානාම, ඔබට පෙනෙන්නේ නැද්ද රටේ සිද්දවෙලා තිබෙන දුෂණ, හොරකම්, කොමිස් ගැහැලි. මේ ඔක්කොටම ගෙවිලා ඉන්නේ රට පාලනය කරන උදවිය මිස සාමාන්‍ය ජනයා නොවේ කියා ?ඔවුන්ට මේ ක්‍රියාදාමයන් ඉෂ්ට කරගන්නට එම බලය ආබරණයක් කරගෙන නේද ?ඔබ නොදන්නවාට අපි දන්නවා රටේ සම්පත් සංවර්ධනයට නොයොදවා නිසි ආකාරයෙන් බෙදී නොයා එම සම්පත් ටික අයතා මාර්ගයෙන් වංචා කර කීප දෙනෙක් අතර පමණක් සංසරණය වෙනවානම් රටේ කොයින්ද සන්වර්දනයක් කියන කාරනාව. එහෙනම් මොකක්ද ඒකට විකල්පය ? මේ හොරකම් කර තිබෙන නීලකාස හොරුන්ව අත් අඩංගුවට ගෙන ඉදිරියට මේවා නොකරන්න වග බලනවාද කැතිනම් මේ ක්‍රියාවන් ඉදිරියටත් කරගෙන යන්න මේ හොර නඩ ආරක්ෂා කරනවාද ?උතුරේ මොකක්ද තිබෙන ප්‍රශ්නය ? ඔබ ඔය පෙන්වා දෙන්නේ අර සිසුවියගේ ප්‍රශ්නයද ? එ්කනම් එය ජාතිවාදී ප්‍රස්නයක් නොව කාමාතුරයින් විසින් කල අපරාදයක්.. එය දුරදිග ගියෙත් අපේම පොලිසියේ ඉහල නිලදාරියාගේ දුර්දාන්ත ක්‍රියාව නිසයි නිකන් ආවට ගියාට ලස්සන වචන ලියලා ජාතිවාදය අවුස්සන්න එපා. ඇත්ත ඇති සැටියෙන් ලියන්න (නදී)
පිවිතුරු යසපාල, බලු මැක්කයි, කිනිතුල්ලයි කියන්නේ එකෙද්ද? එහෙම නැත්නම් සත්තු දෙන්නෙක්ද? ඔබ තුමා මේ වගේ කෘමි සතුන් පිළිබද විශේෂඥයෙක්. ඒ හින්දයි ඇහුවේ? (ම)
පිවිතුරු යහපාල මහතා ගේ විග්‍රය නම් ඉතා අගනේය. පක්ෂය තම ආගම ලෙසද පක්ෂ නායකයා ආගම් කතෘ ලෙස හිතා ගෙන තම වටිනා කාලය කැප කර මෙහි අදහස් දාන මේ ආණ්ඩුව වෙනුවෙන් අන්ධානුබාවයෙන් අදහස් දාන උදවියට හොදම , හා වැදගත් පිළිතුරකි , ඇත්තටම මටත් හිතෙනවා පිවිතුරු සල්ලි වලට ලියනවාද කියලා. මොකද ඔබතුමා වෘතීය මට්ටමෙන් ලියන නිසා. ඇත්තෙන්ම ඔබ වැන්නන් මේ රට අද පත් වෙලා ඉන්න තත්වය දෙස බලන කල වීරයෝය. මා හිතනවා මා මිත්‍ර චානක මහතා මෙයට පිළිතුරු සපයාවි කියලා. (නදී)
අම්මපා, දකුණේ අපිටත් ලැජ්ජා කරනවා. පැරදුනා නම් නම්බු ඇතුව පාඩුවේ ඉන්න තිබුනනේ (නදී)
රනිල්ට බුදු සරණයි (නදී)
මේ චතුරි යැයි කියාගන්නා තැනැත්තිය නිරන්තරයෙන්ම සිංහලයාට හා ශ්‍රී ලංකාවට අවමන් කරමින් , ගරහමින් සිටී. තමාගේ මතය මොකක් වුවත් අඩුමගානේ තම රටට හා තම ජාතියට ගරුකළ යුතුයි ආදරය කළයුතුයි. (නි)
දේශපාලන බල පෙරේත කමක මහත පුදුම ආසාවක්. (නදී)
මේ උදවිය මෛත්‍රී මැති තුමාට සහයෝගය දෙන්න හදන්නේ දැන්ද ? ඇයි එකම කැබිනෙට්ටුවේ සිටිද්දී ඔය සහයෝගය නොදුන්නේ ? ජාධිපතිවරණ අපේකෂකයව ඉන්නකොට පුද්ගලික ජීවිතේට මඩ පාරවල් වදිනකොට පවා ඔය කවුරුවත් කටක් ඇරියද ? ජනමාධ්‍ය ඇමතියෙක් හිටියා අපේක්ෂකයෙකුට විරුද්ධව බාල වයස්කාර දරුවෙකු රූපවාහිනියට ගෙනත් නාටකයක් රඟ දක්වද්දී ඇමතියෙක් ඉන්න වගක් පෙනුනේ නැහැ. දැන් එනවා කපු කම් කරන්න. (නදී)
චානක මහත්තයෝ,එදා යාල්දේවිය ගියෙත් හරි පීල්ලේ තමයි. ඒත් මොකද සිද්ධවුනේ ? ඔබ වාසය කරන නමස්කාර කරන විදෙස් දැක්මට අනුව ඔබ කරුණු පැවසුවාට මව්බිමෙහි දිවිගෙවන අප මේ යන ගමනෙහි කෙලවර විනාශය බව හොඳින් දකිමු. විදෙස් ගැති නායකයන් දේශද්‍රෝහී මාවතක යමින් මව්බිමට සිදුකරන්නා වූ මේ විනාශය නවතාලන කාලය දැන් පැමින ඇත. (නදී)
පාර්ලිමේන්තුවේ දැනට සිටින ඔලු ගෙඩි ගානින් දේශපාලන අනාගතය තීරණය කරන්න තරම් වත්මන් දේශපාලකයින් මෝඩ වෙලා. රටේ ජනමතය දැන් බොහෝ දුරට වෙනස්. මෙම තීරණය ජනතාව බලාපොරොත්තු වුවක් නොවේ. මෙමගින් පක්ෂය දියාරු වීම නොවැලක්විය හැකියි.(නදී)
වැඩක් වෙන්නේ නැහැ.ඕක හරියන දීගයක් නෙවෙයි.ඔය යෝජනාව කලිනුත් ආවනේ.මෛත්‍රී ජනාදිපතිතුමා කැමති වුනේ නැහැනේ. (ස)
මහානාම සහ පිවිතුරු යහපාල යන මහත්වරු අප්‍රතිහත දිරියෙන් යුතුව මෙතැන අදහස් ලියමින් එකිනෙකාගේ පිට කසා ගනිති. !(නදී)
මේගොල්ලන්ට ලැජ්ජාවක් එතෙතේම නෙද්ද ?(ම)
ජනපතිතුමනි, බොහොම කල්පනාවෙන්! හැටහතර ලක්ෂයක් ජනතා අපේක්ෂාවන් නැති කරන්න නම් එපා .දේශපාලන බල පෙරේත කමක මහත පුදුම ආසාවක් මෛත්‍රී ජනාධිපතිතුමා මොලේ පාවිච්චි කරලා වැඩ නොකළොත් ඔබ තුමා සහ පවුලේ උදවියත් අනතුරේ,(බ)
හොරු පන්නනවා කියල ඡන්දෙ දිනලා , හොරු එක්කම එකතු වෙන්න මෛත්‍රීපාල මහත්තයට පිස්සු නැහැ. (ස)
යෝජනා සම්මත කළ හැකි ඕනතරම් ඒත් මහින්ද එක්ක ජනපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමිය එකට ඉඳගනීවිද කවදාවත්? යා දෙක නොරත රත එකට පෑහෙන්නේ නැත (බ)
රවී මහතා , එකිනෙකා ගේ හෝ තමා ගේ පිට කසා ගත්ත ත් බෙදුම්වාදිගේ හෝ උන්ට උඩ ගෙඩි දෙන අයගේ නම් පිට තියා මොකුත් කසන්නේ නැත . රට වෙනුවෙන් කතා කිරීම ජාතිය වෙනුවෙන් අදහස් දැක්වීම ඔබතුමාට පෙන්නේ පිට කැසීමක් හැටියට නම් ඔබතුමා ගේ දැක්ම ගැන මට කණගාටුයි , ඔබ වැන්නන් ට මේ අදහස බලන හා දාන අයගේ අනුකම්පාව යොමුවේවා (බ)
දැන් ඔක්කොටම අයියෝ සිරිසේන ගේ පිහිට තමා ලැජ්ජාවක් නැති මිනිස්සු මේ ගොල්ලෝ ....(බ)
මහින්ද හවුලක් වුවහොත් ප්‍රකාශකරන ඡන්ද බොහෝ අඩු වෙනවා.(හේ)
මහින්ද මහත්තය වෙනම එන්න එතකොට ශ්‍රී ලංකා එකේ තරම පෙනෙයි එකතු වුනොත් කපෝති .හිටපු ජනාධිපති තුමා ට දිනුවට පස්සේ යේ ශ්‍රී ලංකා එකේ බලය අල්ලන්න පුළුවන් වෙයි නැතිනම් එයාල අනාතවෙලා ඉතිහාසයෙන් මැකිල (බ)
මෙම උත්සාහය මටනම් පෙන්නේ විරසක වී සිටින පෙම් යුවලක් එකතු කිරීමට ඔවුන් දෙදෙනාගේ මව්පිය සහ නෑදෑ පාර්ශව ජෝඩුව සමග කතා නොකර තම තමන් කතා කොට සම්මුතියකට එළඹුණා වගේ. ජෝඩුව කැමති නැත්නම් වෙන මොන සම්මුතියකින්වත් වැඩක් නැත. (බ)
මෛත්‍රී ජනාදිපතිතුමාව නටවන අය ඕකට කැමති වෙන්නේ නැ.. ඔං කිව්වා. (ස)
මහානාම මහතාණෙනි මේ පුවත් තීරය ස්වාධින එකකි . එය අප කාගේවත් පුද්ගලික දේශපාලන පක්ෂයකට අයත් තැනක් නොවේ. කනගාටුවෙන් වුනත් කියන්න තිබෙන්නේ ඔබ මෙන්න මේ ටික තේරුම් නොගැනීමය. ඔබ කැමති නායකයාට හෝ පක්ෂයට පක්ෂපාතිව මෙතන නොලියන හැම කෙනෙක්ම පැත්තකට කොට ඔබ දෙතුන් දෙනෙකුගේ අදහස් විතරක් මෙතන පල වෙනවා නම් මෙතන පාඨක සභාවක් නොව ඔබලාගේ පක්ෂ රැස්වීමයි. ඒ නිසා අනෙකුත් අයගේ අදහස් පිලි නොගත්තත් ඔබගේ අදහස් පමණක් හරබර යි යන පටු මතයෙන් කරුණාකර බැහැර වන්න.(බ)
මම හිතන්නෙ නැ ඕවා හරියන වැඩ කියලා. (ස)
මේ දඟලන්නේ ඉන්න හොරු ටික කොහොම හරි බෙර ගන්න,,(හේ)
"මෛත්‍රී - මහින්ද එක්ක සන්ධාන ගමනක්‘.කරුණාකරලා රටේ "හය හතර නොදත් ලක්ෂ 52ක් වූ කුඩා දරුවන්ට" පිරිත් නුල් 100 ක් විතර දාගෙන සිල් රෙදි පොරවාගෙන ඉන්න "නියම රාජපක්ෂ ජාතක කතා වස්තුව" කියල දෙන්න.පින් සිද්ද වෙනවා. (බ)
මහානාම එතකොට මෙතැන රට ජාතිය වෙනුවෙන් අදහස් ලියන්නේ ඔබතුමා විතරද ? ඔබ අදහන පක්ෂයේ කට්ටිය කිසිම වරදක් නැති උපාසක අප්පුලා කියල ප්‍රකාශ කරමින්, අනෙකුත් උදවිය රට ගැන නොතකන්නන් ලෙස හුවා දක්වමින් ලියන නිසා තමයි ඔය පිට කසන ප්‍රශ්නය පැන නැග්ගේ (බ)
අපිට අසාවට කියල ශ්‍රී ලංකන් ගුවන යානයක ලංකාවට යන්න එන්න නැති කරලයි තියෙන්නේ.අනිකුත් ගුවන් සමාගම් එක්ක සංසන්දනය කරද්දී ශ්‍රී ලන්කන් ගුවන් යානා වල අය කිරීම දෙගුණයක්.එ්ත් රුපියල් කෝටි 5000 ක් පාඩු පිටයි දුවන්නේ.පාඩු වෙන්න අපිව නිකම් එක්ක ගිහින්ද?නාමල් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් සපයා ඇති රුපසුන්දරියටත් මාසෙකට රුපියල් ලක්ස 28 ක් ගෙවනවා. සභාපති එහෙන් ගසා කනවා.රුපියල්කෝටි 5000 ක් නෙමෙයි රුපියල් කෝටි 50,000ක් පාඩු වුනත් මම නම් පුදුම වෙන්නේ නැහැ.මේ රටේ අසරණ මිනිසුන්ගේ මුදල්.රාජපක්ෂලා රටට කරලා තිබෙන විනාශයේ තරම රටේ බත් කන හරක් කවදා තේරුම් ගනීවිද? (බ)
නීතිය විනාශ කළ පිරිස් සමඟ මෛත්‍රී නැවත නොපෑහෙන බව කියව හැකිය. (ත)
දවල් හින...ඒ කියන්නේ හිටපු ජනාධිපති වරයා ආසනයකින් චන්දෙට එනවා කියන එකද.? (කේ)
බලය නැතිඋනාම ආතතිය හැදිලා වගේ ..මේ අය නැතිව රටට ඉදිරියට යන්න බැහැ කියල හිතනවා ඇති (කේ)
ඡන්දය පැරදිලා දෙවැනි දවසෙම ඇන්ටනොව් වර්ගයේ විශාල ගුවන් යානයක් මත්තලට රෑ ගොඩ බෑවා කියල ලංකාදිපයෙන්ම හෙළි කලා.ඒ ඇන්ටනොව් ගුවන් යානය පැමිණියේ කුමකටද?රැගෙන ගියේ මොනවද කියල කිසිම පරීක්ෂණයක් කළේ නැහැ.මිනීමරු ප්‍රභාකරන් පැනල යන්න හදද්දී ගෙනියන්න සුදානම් කරලා තිබුන ටොන් ගානක රත්තරන් ,ඩොලර් කෝටි ගානක් ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ යුද්ධ සැලසුම් නිසා අල්ල ගන්න ලැබුණා (බ)
හොඳම දේ මහින්ද අලුත් පක්ෂයකින් තරඟ කරන එක. කිසිම තරඟයක් නැතුව අගමැති වෙන්න පුළුවන් එතකොටයි. මිනිස්සු එක්රොක්වෙලා ඉන්නේ මහින්ද මහත්තයා වටේ මිසක් නිදහස් පක්ෂය වටේ නෙමෙයි. (නි)
මටත් හිතෙන්නේ මේක නම් වෙන දෙයක් නෙමෙයි කියලයි (නි)
රාජපක්ෂලා නැවට බලයට එන්න කුරුමානම් අල්ලන්නේ තමන් සතු කර ගත්තු මෙරට සහ පිට රටවල තිබෙන ධනස්කන්දය රැක ගැනීම වෙනුවෙනුයි (බ)
හෂිත මහතා , ඔබ කියන දේ පැහැදිලි නැත . මොකද්ද ඔබතුමා කියන්න යන්නේ ? මා කිසි දිනක කාටවත් උපහාසයෙන් හෝ අපහාසයෙන් කතා කර නැත , සැමවිටම අනෙක් අදහස් වලට ගරු කරන අතර , මට පිළිතුරු සපයන අයට මම ද අනිවාර්යෙන්ම පිළිතුරු සපයමි . එපමණයි . මා කිසි විටක මා කැමති නායකයාට හෝ පක්ෂයට කතා කරන්නේ නැත , සැමවිටම රට වෙනුවෙන් කරුණු සහිතව පිළිගත හැකි මට්ටමේ සාධක සහිතව කතා කරමි ලියමි . ඔබතුමාට අපහසුවක් වුනා නම් සමාවෙන්න . රට ගැන කතා කිරීම ඔබගේත් මගෙත් යුතුකමකි වගකීමකි . එහෙම නේද ? (බ)
චානක මහතාණනි ඔබගේ බුද්ධිමත් පිළිතුරට තුති . මා ඔබ තුමා සමග එකග වෙමි 90 % පමණ , විවාදයක් නොමැත , අපි ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි . පසුගිය ආණ්ඩුවේ වැරදි කළා නම් ඒවාට දඩුවම් දිය යුතුයි නීති ප්‍රකාර , ඒ ගැන කතා කර කාලය කා දැමිය යුතු නැත . උතුරේ ජාති වාදය ආරම්බ වී නැහැයි ඔබ තුමා කියන්නේ කෙසේද ? සිසුවියගේ මරණය තනිකරම සිවිල් ප්‍රස්නයක් , ගැටළුවක් නැත , ඔබ හරි , නමුත් පොලිසි වලට ගල් ගැසීම , උසාවි වලට ගැසීම , හරිද , මහා සන්ගරත්නයට එක නීතියක් , උතුරේ මහා ඇමතිට තව නීතියක් ඒවා හරිද ? කියන්න කෙලින්ම . ඔබ තුමා දන්නවාද 1948 ඉදන් මේ රට පාලනය කරපු සියලුම සිංහල ආණ්ඩු ද්‍රවිඩ ජනතාව සංහාරය කළා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට උතුරු පළාත් සබාව යෝජනාවක් සම්මත කරලා ගෙන ගියා කියලා , එක හරිද ? කියන්න , හරි නම් වැරදි නම් වැරදි , ඒ වගේම සුමන්තිරන් මන්ත්‍රී තුමා මේ පෙරේර්ද කිව්වා අපිට් අවශ්‍ය මොකුත් නොවේ අපේම රට ක් , වෙනම පෙඩරල් පාලන්කයක් කියලා , එක හරිද ? ඊයේ මහා උතුරේ ඇමතිතුමා කිව්වා අපේ භූමියෙන් කිසිම හමුදා බටයෙක් ඉන්න බැහැ කියලා , මේවා හරිද ? ඔබතුමා මේවා දන්නවාද ? නැද්ද , නැතිනම් උත්තර නැද්ද ? එතකොට ආර්ථිකයට මොකද උනේ ? ,මහා බැංකු වංචාව දැනට කොටි 500 පැනලා , තව අවුරුදු 30 ක මේ විදිහට පාඩු වෙනවා . හරිද වැරදිද ? කෙලින්ම කියන්න , පිළිතුරු නොදී ඉන්න එපා . 2002 - 2004 ඔබතුමා කොහෙද හිටියේ ලොස් ඇන්ජලිස් ද ලංකාවේද ? ගිය ආණ්ඩුවේ 2002 - 2004 සතොස කෑවා, දැන් ලක් සතොස කන්නයි යන්නේ . මේවා හරිද චානක මහතා මතුපිටින් පෙනෙන සුන්දරත්වය නොවේ නොපෙනෙන අභ්‍යන්තරය ගැන සිතා ඔබගේ වටිනා අදහස් රට වෙනුවෙන් දාන්න , ඒ වගේම ඇත්ත ඇති සැටියෙන් දකින්න ඔබතුමාට හැකියාව හා ශක්තිය ලැබේවා (බ)
මේක නිකන් ආඩී 14 දෙනා ගේ මඩ හැලිය වගේ (බ)
චානක හා හෂිත මහතාණෙනි සහ අනෙක් බුද්ධිමතුනි , මගේ නමින් ප්‍රතිචාර දක්වන සියලුම දෙනාට මා ගරු කරන අතර අනිවාර්යෙන්ම පිළිතුරු සපයමි ( විරුද්ධ මත දැරුවත් ) මට ප්‍රතිචාර දක්වන උදවියට ගෞරව පිණිස මම අනිවාර්යෙන්ම පිළිතුරු ලියනු ඇත (බ)
මෙම අදහස් දමන අය මහින්දට හොඳ කියල පල්හෑලි ලියලා තියෙනවා. ආණ්ඩුවට පක්ෂව තනි පේලියයි.රැට දකින හීනය උදේ වෙනකොට ඉවරයි දුකක් නැත (බ)
මහින්ද මහතා මේ රට එයාගේ බුදලයක් කියල හිතනවා වගේම මේ මහානාම කඳාන මෙතන එයාගේ බුදලයක් කරගෙන . ඔබ වෙනම පුවත් පතක් ගහල ඔය කරුණු දක්වන්න. මම ඉන්න රටේ නම් ඔවැනි ජාතිවාදී අදහස් ඇවිලවීම පමණක් නොව ඉරියව්වකින් වත් ජාතිවාදී වුනොත් නඩු දමන්න පුළුවන්. (බ)
ඔය කෑ ගසන ඔටුවා කොහේ තුත්තු කුඩියේ හිටියත් අනිවාර්යයෙන්ම රනිල්ගේ බටලන්දේ වැඩ කළ අලුගොසුවෙක් බව පැහැදිලියි. (බ)
එක්සත් ජනතා සන්ධානය දෙකඩ වුවහොත් එක්සත් ජාතික පක්ෂයට සහ ජවීපෙ ඇතුළු අනිකුත් පක්ෂ වලට වාසිදායකය. තනි පක්ෂයක් ලෙස එජාපය සෑහෙන බලවත් පක්ෂයක් වන අතර එමගින් එජාපය ප්‍රමුඛ කණ්ඩායමට බහුතරයක් ලැබීම වැළක්විය නොහැක. වහාම සන්ධානය කළ යුත්තේ සිය සන්ධානය දෙකඩ වීමට ඉඩ නොදී හැකිනම් මුස්ලිම් කොංග්‍රසයේ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කිරීමයි. එසේ නැතහොත් එජාපය ප්‍රමුඛ පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි වනු ඇත. (බ)
හොරු නැති දේශපාලනයක් කොයින්ද? (නි)
අර මහින්ද මහත්තයාට පිස්සු හදන්නේ නැතුව ඉන්නකො දෙවියනේ! (නි)
ලක්ෂ 62ක ජනතාවගේ (දැන් ඊට වැඩියි)කැමැත්තට,ඔය යෝජනාව අනුකූල වෙන්නේ නැහැ. කරුණාකර ඔය යෝජනාව අකුලාගන්න. (නි)
ඩුබායි වල ඉන්න කෙනෙක් සුපුරුදු විදියට කුණු ඕපාදුප වෙබ්වල තියෙන මඩතලි එහෙම පිටින් ගෙනත් එසැන පුවත්වල දානවා..මුලින්ම යහපාලානේ කරන්න ඕන මේ මනුස්සයව ඔය ඩුබායි වල රස්සාවෙන් අයින් කරවල ලංකාවට ගෙනත් මේ දන්නා දේවල් එලිකරගන්න එක..මිනිහ සියලු දුෂණ වංචා වෙනකොට ළග ඉදන් ඇහින් දැකල තියෙන්නේ..(බ)
බලමුකෝ කාටද ලැජ්ජා නැත්තේ කියලා..... (නි)
ජනපතිතුමනි, බොහොම කල්පනාවෙන්! හැටහතර ලක්ෂයක් ජනතා අපේක්ෂාවන් නැති කරන්න නම් එපා (නි)
මෙම අවස්ථාවේ දේශපාලන වාසි ලබා ගත යුතු නැහැ බලන්න උතුරේ තත්වය පේනවා නේද මහානාම මහත්තයා හරි මේ තත්ත්වයට මුහුණ දිය හැකි රජයක් පත් කර ගත යුතුයි (බ)
ලක්ෂ 62ක ජනතාවගේ (දැන් එයට වැඩියි) කැමැත්තට,ඔය යෝජනාව අනුකූල වෙන්නේ නැහැ.කරුනාකර ඔය යෝජනාව අකුලගන්න.(හේ)
මහින්දත් බලය ගන්න ගහන ගැට.(හේ)
බලය නැති වුණාම ආතතිය හැදිලා වගේ, (ම)
ජනවාරි 9ට කලින් මෛත්‍රීට සන්ධානේ සලකපු හැටි මතක ඇතිනේ. දැන් හැන්ද එතුමා අතේ හින්දා එල්ලිලා යන්න හදනවා. (බ)
පිවිතුරු ගේ දැනුමට අනුව ලංකාවේ ඉන්න මිනිස්සු විතරයි ලංකාවේ තොරතුරු දන්නේ. අනෙක් රටවල් වල ඉන්න මිනිස්සු මොනවත් දන්නේ නැහැ. මැද මුලන ප්‍රවෘත්ති ඒකකයේ ද කොහෙද මේ මනුස්සයා වැඩ කරන්නේ ? ලංකාව ගැන ඔක්කොම දන්නේ මැදමුලන පිළිකන්නේ නැංගුරම් දාපු කට්ටිය විතරද යහපාල ?. (බ)
මේක අර හිටපු එක්කෙනාගේ කුමන්ත්‍රණයක්. එයාට ආපහු බලයට එන්න තියෙන කෑදර කම නිසා තව මගොඩියක් කරන්න අර අඳිනවා. (හේ)
මේ අය ඔය තරම් දේසපාලනය තුළ රැදිල ඉන්න වලිකන්නේ ඇතටම රටට ආදරේටද?(හේ)
මේ අය ඔය තරම් දේසපාලනය තුළ රැදිලා ඉන්න වලිකන්නේ ඇතටම රටට ආදරේටද?(හේ)
තමන්ගේ පක්ෂය දින වීම හෝ එහි පැවැත්ම ගැන නොසිතන පාක්ෂිකයින් ගැන නොසිතන ඉදිරි මැතිවරණයේදී පක්ෂය බලයට ගෙන එම ගැන නොසිතන, තමන්ට ජනපති වීම සදහා වරම ලබාදුන් අයට කළගුණ සැලකීම ඔවුන් සැනසවිම පමණක් අරමුණු කරගත් අයෙක් සභාපති පුටුවේ වාඩි කරන් කවදාවත් ඔය ගමන යන්න බැහැ සුසිල් මහත්තයෝ.. පක්ෂයට ආදරේ කරන මනුස්සයෙක් තමන්ගේ පක්ෂය සතු රාජ්‍ය බලය නිර්ලජ්ජිතව අමු අමුවේ විධායක බලය යොදා ගෙන යු අන් පියාට පාවල දීල ඔවුන් පාක්ෂිකයින්ට කරන කෙනෙහිලිකම් පලිගැනීම් බල බල මෙහෙම ඉදීවිද? නැවත සන්ධාන රජයක් බිහිකරගන්න නම් සියල්ලන් එකතු වෙලා ඔය සභාපති සමග පක්ෂයට ද්‍රෝහිකම් කල පිරිස පලවා හරින්න..මේ සභාපති දිගටම හිටියොත් අනිවාර්යයෙන් ලංකා නිදහස් පක්ෂයේ මළගම ස්ථිර කරවල පාන්ශුකුලේත් දීල පක්ෂය වළදාපු තැන සොහොන් කොතකුත් බන්දන වගනම් අපිට ස්ථිරයි ඉර හද වගේ (අ)
ඔයගොල්ලෝ දේශපාලන ගේම් ගැන අහලා නැති නම් දැන් දැන ගන්න.කරන්ඩ යන වැඩේ ලගදීම පැහැදිලිවෙයි හැමෝටම. (අ)
ලක්ෂ 62ක් එකතු වුනේ සැබෑ අවශ්‍යතාවයකට. නමුත් ලක්ෂ 52ක් ලබා ගත්තේ කුමන ආකාරයෙන්දැයි සියල්ලන්ම දන්නවා. දැන් රජයේ නාලිකා ඔවුන් සතුව නැහැ. දැන් ඉන් නිවැරදි තොරතුරු ජනතාව වෙත ගමන් කරනවා. ජනතාව දැන් සත්‍ය වටහාගෙන ඉන්නේ. එක් වීම තුල සිදුවන්නේ තිබෙන ජනපදනම කලකිරීම මත අඩුවීමක්. (නදී)
ජනතාවගේ කැමැත්ත මහින්ද, ඒක වලක්වන්න කාටවත් බෑ. යහපාලනය දැන් නැ. (අ)
රටේ අසරණ මිනිස්සු බඩ කට පිරෙන්න තුන් වේල කාල ඇදල ඉන්නවා නම් "රාජපක්ෂ පවුල් වනාන්තරය" රටේ දනස්කන්දය කොහොම ගසා කෑවත්, පිට රටවල බැංකු පිරෙව්වත්, පිටරටවල හෝටල්,ඉඩම්,නිවාස මිලදී ගත්තත් කමක් නැහැ කියල හිතමුකෝ. එ්ත් සත්‍යා අපේ රටේ උන දේට කහට කෝප්පය බීල සපත්තු දෙකක් නැතිව පාසල් යන දරුවන් ලක්ෂ කියක් ලංකාවේ ඉන්නවද? තුන් වේල දරුවන්ට කන්න අදින්න දෙන්න නැති අසරණ දෙමාපියන් ලක්ෂ කියක් ලංකාවේ ඉන්නවද? එහෙව් රටක මිනිසුන්ගේ "ජාතිවාදයෙන් මොළ හෝදලා"රටේම තිබෙන දනස්කන්දය පවුල් වනාන්තරයක් විසින් ගසා කෑම මොන තරම් පාපකර්මයක්ද? තමන්ගේ දරුවන්ගේ සතුට වෙනුවෙන් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කිරීම මොන තරම් පාපකර්මයක්ද? වැහි නැති හෙන ගහන අපරාදයක්ද? (නදී)
මේ කවුරුත් එක පැත්තක් බලාගෙනයි සටහන් ලියන්නේ. ඔබලා කවුරුත් මහින්ද මහත්මයා දෙස බලනවා වෙනුවට රනිල් මහතා ඇතුළු පිරිස දෙස බැලුවාද.?(අ)
විශ්ව විද්දීයාලයේ ඉදලම,විදුහල්පතිවරු ඉදලම,ඉදිරියේදී පාසල් දරුවන් දක්වා දේශපාලකයන්ට කානු පල්ලේ වැටිලා සැලියුට් ගහන්න පුරුදු කරපු "නායකත්ව පුහුණුව"නතර කිරීමම මෛත්‍රී විසින් කළ හොඳ දෙයක්.එහෙව් ඒකාධිපතියෙක් නැවත බලයට ගෙන්න නම් හිතන්න වත් එපා. (බ)
අතීතය අමතක කරන්න වෙනවා. වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය රටට සුභදායක නෑ. ඉක්මනට මැතිවරණය තිබුණොත් හොදයි. දැන් කැපුවත් කොල කියන්නේ ගොඩක් පරණ සංකල්පයක්. (බ)
සීෂෙල් රටේ විදේශ ඇමැති කියල තිබුන ලංකාවේ කිහිප දෙනෙක් විශාල ධනස්කන්ධයක් එරට බැංකු වල සහ වෙනත් ක්‍රම වලින් තැන්පත් කරලා තිබෙනවා.ලංකාව රාජතාන්ත්‍රිකව ඉල්ලීමක් කළොත් ඒ ගැන සලකා බලල සියලුම විස්තර දෙන්න සුදානම් කියල. ඇයි තවමත් ප්‍රමාද වෙන්නේ.ඔය සිල් රෙදි ඇදගෙන ඉන්න උපාසක මහත්තුරුන්ගේ පැටිකිරිය දිග හරින්නේ නැත්තේ?ගසා කාපු සියලුම මුදල් නැවත ජනතා සතු කරලා,කරපු කම්බා හොරුන්ට දැඩි දඩුවම් දීල,ඒ මුදල් වලින් අසරණ ජනතාවට ගහන බදු මුදල් වලින් නිදහස් නොකරන්නේ? (බ)
මේක දැකල එජාප අය මොකද මෙච්චර කලබල (අ)
අපොයි දැන් ඔය සහයෝගය මෛත්‍රී මැතිතුමා ඇමැතිතුමෙක් වෙලා ඉන්න කොට නොදුන්නේ මොකද මන්ත්‍රීතුමෝ ? අරයාත් එක්ක එකතු වෙලා හරි හරියට එතුමාගේ කකුලෙන් ඇදලා දැන් එනවා කුඩම්මාගේ ආදරේ පෙන්වන්න. (අ)
මේක මහානාම පුවත් තීරය නෙවෙයි. එසැන පුවත් තීරය!. රටට තිබෙන ආදරය මනින්න නිර්ණායකය ලෙස සමහරු මහින්දට ළෙංගතුව ලියන අදහස් සංඛ්‍යාව භාවිතා කළාට අපිට කරන්න දෙයක් නැහැ. (බ)
අඩුම ජිවිත පරිත්‍යාගයකින් "ඒකාධිපතියෙක්" ,"ඒකාධිපති පවුලක්" ගෙදර යවන්න ලැබීමම සමස්ත ජනතාවම ලබපු විශාල ජයග්‍රහණයක් .ඒ මිනීමරු ප්‍රභාකරන් මරල රට නිදහස් කර ගත්තට වඩා සිය දහස් ගුණයක ජයග්‍රහණයක්. ඒ විජයග්‍රහණය නැවත ආපස්සට යවන්න ඉඩ දෙන්න එපා. (බ)
බලනකොට මහින්ද ගේ ආණ්ඩුවේ ඔක්කොම උපාසක අප්පුලා. අනෙක් මිනිස්සු දේශද්‍රෝහියෝ. (ම)
මෙතන කවුරු හරි පුවතකට අදහසක් ලියන එක කලබලයක්ද උපාලි ? (අ)
ඩුබායි තිලක් ඇත්ත කියලා තියෙනවා.(හේ)
දැනුයි සහයෝගය සහ සමගි සන්ධාන මතක් වෙලා තිබෙන්නේ. එතුමාගේ මැතිවරණ ප්‍රචාරණ වේදිකා ගිනි තියද්දි, ලයිට් ශද්ධ විකාශන කපද්දී මාධ්‍ය සාකච්ඡ කප්පාදු කරද්දී , උදව් කාරයන්ට තඩි බාද්දී කොහෙද තමුන්නාන්සේලා හිටියේ ? (අ)
වක්‍රව ආණ්ඩු බලය ගත්තට. නියම විදිහට මහජන ඡන්දයෙන් මේ වර්තමාන ආණ්ඩුවට බලයට පත් වෙන එක ලේසි නෑ. (අ)
මේක මේගොල්ලන්ට වුවමණා වුණාට මෛත්‍රී සිරිසේන ජනදිපතිට අවශ්‍ය නැහැ , මහින්ද ජනාදිපති කාලේ මෛත්‍රීට අගමැති කම දෙන්න ඔහුට අවශ්‍ය නැහැ වාගේම (අ)
මේ අය යෝජනා සම්මත කරන්නේ සන්ධානේ නායකයාගෙන් අහන්නේ නැතුවද ??(හේ)
චතුරි නෝනා කාටද කියන්නේ ? මටද ? මම නම් මහින්ද ගැන හොඳ කිසිවක් කියලා නැහැ . මේ ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙනවා පමණි . මම නෙවේ මේ අධුරදර්ශි ආණ්ඩුව පත් කරන්න දර දිය ඇද්ද , හෙළ උරුමය , ජවිපෙ පවා අද මේ ආණ්ඩුව ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කරන බව ඔබතුමියට නොඇසෙන්නේ ඔබතුමිය ඇමෙරිකාවේ ඉන්න නිසා වෙන්න ඇති . අනේ මට නම් මේ ආණ්ඩුව කමක් නැහැ රට ට හොදක් වෙනවා නම් . වෙන්නේ නැති එකනේ පුදුමේ . ආණ්ඩුව මොනවා ලියන්නද තනි පේලියට වඩා , අැයි සමහර මහත්වරු කැලෑ පත්‍ර වල තියෙන දේවල් මෙතන ලියන්නේ ඕනේ තරම් මහින්දට බැන බැන දැක්කේ නැද්ද ඔබතුමිය ? (බ)
මෛත්‍රී ජනාදිපතිතුමා මොලේ පාවිච්චි කරලා වැඩ නොකලොත් ඔබ තුමා සහ පවුලේ වුදවියත් අනතුරේ,සමස්ත ජනතාවත් අනතුරේ,රටත් අනාගත දරු පරම්පරාවත් අනතුරේ.(හේ)
චතුරි නෝනා , මම ලියපු එක දෙයක් හෝ බොරු නම් මගේ නමින්ම ලියන්න . ඔබතුමිය ඉන්නේ රට නිසා ඔබතුමිය දකින්නේ ෆේස් බුක් එකේ යන කැලෑ පත්‍ර විතරයි , එ්ක ඔබතුමිය පමණක් නොවේ පිට රට ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් , මොකද එයාලගේ ප්‍රධාන ප්‍රවෘත්ති මුලාශ්‍රය ෆේස් බුක් තමා (බ)
ඒ වුනාට මෛත්‍රී මහත්තයට වැඩිය මහින්ද මහත්තයා කපටි යි. උගුල් වල අහු වෙන්න තියෙන ප්‍රවනතාවය ඉහලයි.(හේ)
උපාලි මෙතන පුවතකට අදහසක් ලියන එක කලබලයක්ද ? (අ)
රාජපක්ෂලාගේ අතීතය පොඩ්ඩක් කියවල බලන්නකෝ.ඔය එන්න හදන්නේ මොකාටද කියල තේරේවි.මොළ කළදක් තියෙනවනම් රාජපක්ෂ කියන අයට ගමක ග්‍රාමසේවක තනතුරක්වත් දෙන්නනම් එපා.ගමේ මිනිසුන් වගේම ගමත් විකුණලයි පස්ස බලන්නේ.දැන් රටට වෙලා තිබෙන වින්නැහිය වගේ.(අ)
මිනීමරු ප්‍රභාකරන්ගේ නම ඇහෙනකොට වගේ මටනම් රාජපක්ෂලාගේ නම ඇහෙනකොටත් පුදුම කේන්තියක් එන්නේ.ඒ රාජපක්ෂලාගේ රටේ "මහජන ගසා කෑමේ පන්සීය පනස් ජාතක කතා වස්තුවම" දන්නා කෙනෙක් නිසයි. (අ)
corrupted lot want to bring back big thief for their safety.I never think our present honest president will allow this(K)
තිලක් -ඩුබායි 2015-05-28 06:09:22. මේ ප්‍රකාශය පිළිකුලින් යුතුව හෙලා දකිනවා . දැන් නම් තිලක් ඩුබායි ගේ ජාතිය හා ජන්මය ගැන සොයන්නත් වෙයි (බ)
අපොයි මේ අයගේ සහයෝගය ! (හේ)
මහානාම ඔබගේ පල්හෑලි මට කියවන්න වෙලාවක් නැහැ ඔය මොකටද උඩ පනින්නේ බොරු නමකින් ඉන්නේ මයික් අරගෙන පස්සෙන් යන අයට ඕන තරම් ලියන්න පුළුවන් මොලේ තියෙනේ මිනිස්සු මුණු පොතේ නැත අපිට කඩේ යන්න වෙලාවක් නැත දියුනු ලෝකෙක ඉන්නේ මුකලානක නෙමේ (බ)
අපිට පේන හොරුන්ට වඩා ගේම් දීලා තියෙන්නේ මෙයාලා, (හේ)
එක්සත් ජාතික පක්ෂය හොදටම දන්නවා මහින්ද සන්ධානෙන් තරඟ කළොත් දිනන්න බැරි බව.ඒ නිසා මෙය වැළැක්වීමට ඕනිම දෙයක් කරවී.ඉදිරියේදී මහින්දගේ නමට අපහාස කීරීම් වැඩි වේවි. (බ)
මහින්ද මහත්තයාට මල් තියලා වදින්න ඕනේ හැමදාම.(හේ)
මෛත්‍රිපාල ජනාධිපතිතුමා ජනාධිපතිකමට පත්වුයේ හොරුන්ගේ හා මෝඩයින්ගේ ඡන්ද වලින් නොවෙයි. බුද්ධිමත් ජනතාවගේ ඡන්ද වලිනුයි. රටේ විනයගරුක ජනතාවගේ, නිහතමානි බුද්ධිමත් නායකයාට පරාජිතයින්ගේ ඇඟේ එල්ලෙන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. (නි)
යහපාලනය කොතරම් හොඳද පෙට්‍රල් වලට වතුර දමල විකුණලා වාහන මග නැවතිලා කරපු ජරා වැඩ වලට කිසිම දඩුවමක් නැහැ අනේ මෛත්‍රිපාල ජනපති තුමනි ඔබ හොද වැඩි අපි කවදත් ඔබ සමග ඉන්නවා (බ)
පිටබැද්දර ජයා , ලාල් මහත්වරුනි, මෛත්‍රී මහතාගේ ඡන්ද ලක්ෂ හැටදෙකහමාර ඇතුළේ ඔබතුමා වගේ නියම ඡන්ද තියෙන්නේ කීයද කියලා ප්‍රතිඵල හරියට විග්‍රහ කළොත් ඔබ දෙපළට තේරේවි. කොහොම නමුත් වැදගත් මෛත්‍රීද මහින්දද යන්න නොවේ. අපේ රටයි , ලබාගත් නිදහසයි. අද මේ රටේ උතුරේ හා දකුණ නීති පද්ධති දෙකක් ක්‍රියාත්මකවෙන බව මධ්‍යස්ථ සිතින් කණ්ණාඩි නැතුව බැලුවොත් පැහැදිලියි. (නි)
මේ තරම් වටිනා මේ තරම් දේවල් දන්නා ඇහින් දුටු සාක්ෂියක් ඩුබායි වලට වෙලා මොකද කරන්නේ..ලංකාවට ඇවිත් යහපාලනෙට සහය වෙන්නකෝ යහපාලනෙට මේ ඔප්පු කරගන්න බැරුව හත්පොලේ ගාගෙන දගලන චෝදනා මල්ල ඔප්පු කරගන්න..අපි නොදන්නා ඩුබායි තිලක්..ඔයා ඉක්මනින් ලංකාවට ඇවිත් යන්න. (බ)
බද්රානි නෝනා , ජනාධිපති තුමා ගේ ලක්ෂ හට දෙමාර ආපු විදිහ ඔබතුමිය හරියට බැලුවාද ? අන්තර්ජාලයේ මැතිවරණ නිල වෙබ් අඩවියේ දිස්ත්‍රික් හා ආසන පදනමින් එක් එක් අපේක්ෂකයා ලැබූ චන්ද ප්‍රමාන දක්වා ඇත .ඔබ කයන්නේ මහින්ද චන්ද දුන්න ලක්ෂ 58 ම හොරු හා මෝඩයෝ කියලද ? (කේ)
මාධ්‍ය ප්‍රකාශිකාවෝ මාධ්‍ය පාලිකාවෝ වෙනවා. අවංක සේවයක් ඉටුකළ රේගු ප්‍රධානියා ඉල්ලා අස්වෙනවා. අල පරිප්පු ඉහළ යනවා. තහනම් දේ රටට එනවා. එහෙම වෙද්දී අපි මොනවා කරන්නද.? සුදුසු නායකයෙක් සොයා යමු. (කේ)
ජනතාව චන්දය දුන්නේ වෙනසකට නැතුව පරණ මූනු ටික අපහු ඇමතිලා කරන්න නොවෙයි. ඒක තෙරුන් ගන්න මේ පරණ අමැතිලට තේරුම් ගන්න බැරි නම් රටේ අනිත් දේවල් කොහොම තේරුම් ගන්නද මන්ද? (කේ)
මයිත්‍රී ඔබ අරගත් පිළිවෙල ආරක්ෂා කරගන්න ...ඔය පුද්ගලයන්ගේ අත්වල ගේවී තිබෙන මඩ ලේ ඔබතුමා ගා නොගනියි කියා අප හුදෙක්ම බලාපොරොත්තු වෙනවා .....මේ එක එක ගිවිසුම් අරගෙන එන්නේ රටේ අපරාද දුෂණ කරපුවා එලියට එන එක වලක්වා ගන්නයි .....දුම්රිය දැන් හරි පීල්ලේ දුවන වෙලාවේ වැරදි පීල්ලකට මාරු කරගෙන හප්පා ගන්න එපා ...... . ලක් පොලොව මත වෙසෙන යුක්තිය ,සාදාරනය අගයන සියලුම දෙනා ඔබතුමා සමග ඉන්නවා .....අපි අපගේ කර්තව්‍ය යහපත් රටක් වෙනුවෙන් කොහේ සිට හෝ ඉෂ්ට කරන්නම් .(කේ)
තිලක් ඩුබායි මහතා , අපිට වැදගත් වෙන්නේ මහින්ද රාජපක්ෂ හෝ ගෝටාබය නොවේ , නීති ප්‍රකාර ඒ උදවියව උසාවි දමා හිරේ දැම්මත් මා නම් මොකුත් කියන්නේ නැත , නමුත් මෙතන වෙන්නේ ප්‍රබලයි කියා හිතෙන පිරිසක් ලිස්ට් එක බල බලා දඩුවම් කිරීමකි . එකත් කමක් නැහැ , අපිට වැදගත් වෙන්නේ දිනු දේශයයි , ලබා ගත් නිදහස අද දිනෙන් දින පැයෙන් පැය අහිමි වේගෙන යන බව ඔබ තුමාට වැටහෙන්නේ නැද්ද ? එසේ නම් රට ට වඩා ලබා ගත් නිදහසට වඩා තමා ප්‍රිය කරන එජාපය , රනිල් මහතා වැදගත් කියලා හිතනවා මට ඔබතුමා හා විවාදයක් නැත . කොහොම නමුත් ප්‍රති විරුද්ද මත දැරුවද ඔබතුමා මේ සංවාදයේ වැදගත් කාර්ය භාරයක් අවංකව , අහිංසකව කරයි , නමුත් එජාප ය නම් ඡන්දය දිනන්න බාධා වේ යයි සිතිය හැකි සියලුම දෙනා වැරදි ඇතිව හෝ නැතිව සිරෙ දමා ඡන්දෙට යන්න සැරසෙන බව නොතේරෙන්නේ පෙර පාසල යන උදවියට පමණි . ඔබතුමා වැනි බුද්දීමතෙක් සිතිය යුත්තේ තම පක්ෂ හෝ තම නායකයා ගැන නොවේ , තම රට හා රටේ ආරක්ෂාව ගැන යන්නයි මගේ හැගීම . දැන් අද මොකද වෙන්නේ උතුරේ ? දවස ගානේ ප්‍රසන නේද ? ඒවා ඔබතුමා අනුමත කරනවාද ? කොහොමද උතුරේ මහ ඇමති සම්මත කරලා ජිනීවා ගෙන ගිය යෝජනාව ? මේවා ඔබතුමා අනුමැත නොකරන බව මට විශ්වාසයි , නමුත් ඔබතුමා නොමිලේ තම කාලය වැයකර මේ අධුරදර්ශි ආණ්ඩුව වෙනුවෙන් කතා කරීම ගැන කවදා හෝ වැටහේවි . ආරාධනාවකින් තොරව ප්‍රතිචාර දැක්වුවාට අමනාප නොවන්න (බ)
භද්‍රානි නෝනා , ජනාධිපති තුමා ගේ ලක්ෂ හැට දෙකමාර ආපු විදිහ ඔබතුමිය හරියට බැලුවාද ? එතකොට අර වෙනම රටක් , වෙනම ෆෙඩරල් දේශයක් ඉල්ලන , 1948 ඉදන් පත්වූ හැම සිංහල ආණ්ඩුවක් ද්‍රවිඩ ජාතිය ජන සංහාරය කළා කියන උදවියගේ ඡන්ද ප්‍රමාණය කොපමණද කියලා ගණන් බලා මගේ නමින්ම මා අමතන්න . අන්තර ජාලයේ මැතිවරණ නිල වෙබ් අඩවියේ දිස්ත්‍රික් හා ආසන පදනමින් එක් එක් අපේක්ෂකයා ලැබූ ඡන්ද ප්‍රමාන දක්වා ඇත .ඔබ කියන්නේ මහින්දට ඡන්ද දුන්න ලක්ෂ 58 ම හොරු හා මෝඩයෝ කියලද ? (බ)
චතුරි නෝනා ඔයා ට ඇමෙරිකාව ලොකු වුනාට කමක් නැහැ උපන් රට ගරහන්න එපා. ඔබගේ හැදියාව හා අධ්‍යාපනයේ තරම ඔබගේ ලියන භාෂාවේ විලාශයෙන් මීට කලිනුත් දැක්ක මැඩම්. (බ)
චානක මහත්තය හිතා ගෙන ඉන්නේ මෛත්‍රී මහත්තයත් එක පාරට ඉර්දියෙන් පහල වෙලා ජනපති වුනා වගේනේ....ඔයා ඔය කියන අන්ත දුෂිත ආණ්ඩුවේ බලගතුම පක්ෂේ මහා ලේකම් හැටියටත් එම රජයේ කැබිනට් ඇමති කෙනෙක් හැටියටත් සියලු වරදාන වරප්‍රසාද විදිමින් අවසාන මාස දෙක දක්වාම එතුමා හිටිය කියන එක මම හිතන්නේ ඇමෙරිකාවේ ඉන්න හින්ද ඔබ තුමා දන්නේ නැතුව ඇති.. මෙහෙනම් බුරු ගැහුවත් එකයි ගහන හැටි බලාගෙන හිටියත් එකයි මහත්තයෝ.ඇමෙරිකාවේ එහෙම නැතුව ඇති නේද? (බ)
මේ මනුස්සය දවල් හීන දකිනවද කොහෙද පව්.(නදී)
මෛත්‍රිපාල ජනපතිතුමා බුද්ධිමතෙකි (නි)