(යොහාන් භාසුර)

මාතර බන්ධනාගාරය තුළ උණ රෝගයක් පැතිර යෑම හේතුවෙන් එම තත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දෙශයන්ට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණී බී. දිසානායක මහතා අද (22) පස්වරුවේ පැවසීය.

උණ රෝගී තත්වය හේතුවෙන් රැඳවියන් 8 ක් රෝහල්ගත කර ඇති බවත් මාතර බන්ධනාගාරයට යොමුකරන රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යැවීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් කීය.