යුද්ධය අවසන් කිරීම සමරමින් ජනපතිගේ ද සහභාගීත්වයෙන් අඟරුවාදා (19) මාතර පැවැති සැමරුම් උත්සවයේ ආචාර පෙළපාළියට කළු ගලක් රැගෙන ගියේයැයි සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා භටයෝ දෙදෙනක් 25 වැනි දා තෙක් මාතර මහේස්ත්‍රාත් යුරේකා ද සිල්වා මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
ආචාර පෙළපාළියේ ආබාධිත සෙබළකු ගමන්ගත් රෝද පුටුවේ පූචයේ එම කළු ගල තිබූ බවත්, තමා අපහසුතාවට පත් කිරීමට එය වෙනත් භටයකු දැමීයැයි ඔහු පැවසූයෙන් තවත් භටයකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
නාවික හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය සහායක පොළොන්නරුවේ අරලගංවිල සමීර උපේන්ද්‍ර ජයවික්‍රම (29) සහ වෛද්‍ය සහායක ඉංගිරිය හඳපාන්ගොඩ චින්තක නිරෝෂණ් මධුශංක (29) ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු ඡන්දෙට කලින් කළෙත් ඔය වගේ වැඩනේ. මතකනේ අර අලුත් පරපුරේ නිළියගේ රංගනය! (නි)
මෙතන අදහස් දාලා තියෙනවා කළු ගලෙන් මොනවද කරන්න පුළුවන් කියලා. කළුගල අරන් මගේ ළගට අවොත් මට පුළුවන් පෙන්වන්න.. (ර)
මේ සිද්ධීන් උඩ ජනාධිපති ආරක්ෂක අංශය සීරුවෙන් තැබිය යුතුය. කරුණාකර අපේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙන්න (නි)
කාගේ හිත සනසන්නද දන්නේ නැහැ හමුදාවේ අයට මෙහෙම කරන්නේ? මොකද එක්තරා කොටසකගේ හිත රිදෙනවට සමහරු බයයිනෙ. (නි)
මේ කතා අපිට හොඳට තේරෙනවා. (නි)
නිමල්,"පොඩි පොඩි සරල හේතු වලට අපේම හමුදාවේ හිටපු හමුදාපති හිරේ දැම්මේ කාගේ උවමනාවටද?...." මේ ප්‍රශ්නය අහන්න තිබුනේ ඒ ආකාරයට කියලයි මම හිතන්නේ (නි)
ආචාර පෙළපාලියකදී කළුගලකට කරන්න පුළුවන් දෙයක් ඇති කියල මටනම් හිතෙන්නේ නැහැ. (ම)
ඒ උනාට ඒ දෙන්න පව් ජනදිපති තුමාට ගහන්න ගෙනාවේ නැ ඔය ගල් ගෙඩිය (නදී)
අනේ මෙහෙමත් දේවල්, රණවිරු උපහාර කියල ගෙන්නගෙන ඹවුන්වම අපහසුතාවයට පත්කරනවා.(නදී)
කළු ගලක් තිබ්බා කියලා අත්අඩංගුවට ගන්න එක වැරැදියි නේද?(හේ)
කළු ගල් කල්ලකටත් බය වෙන්න තරම් රට ආපස්සට ගියේ කොහොමද? කළු ගල් කෑල්ලකින් සෙබලෙක් මොනවා කරන්නද. (හේ)
යහපාලනයට ආණ්ඩුවේ හමුදා සෙබළු පේන්නේ ත්‍රස්තවාදීන් වගේද? ත්‍රස්තවාදීන් පේන්නේ මිතුරන් වගේද?(නදී)
හමුදාව වහාම සුද්ද කරන්න වෙලා වගේ. මොකද දැන් යුද්දත් නැහැ සද්දෙත් නැහැ. (නදී)
කළු ගලකින් මොනවා කරන්නද ? (ස)
රටට යගපත් නායකයෙක් බිහිවූ විට එහි යහපත් ප්‍රතිඵල ලබන්නේ අපගේ අනාගත පරපුරයි. අයහපත් නායකයෙක් බිහිවූ විටත් එය එසේමයි. එය එසේනම් අප කලයුත්තේ මේ යහපත් නායකයා මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම නොවේද? (ස)
නෙත්මිට ආයේ මොන්ටිසෝරියේ ඉඳලා පාසල් යන්න වේවි වගේ.මුහුණු පොතේ ඉන්න ලෝකේ නොදැක්ක කිරිසප්පයින්ට මිසක් මේ රටේ දේශපාලනේ ගැන දේශපාලුවෝ ගැන දන්නා කෙනෙක් නම්, පරිණත කෙනෙක් නම්, 2010 ට කලින් ඉපදුන කෙනෙක් නම් ඔහොම කියන්නේ නැහැ.පාලකයා මතු පරපුර රැකගන්නවා මිසක මතු පරපුර වෙනුවෙන් පාලකයා රැකගන්නේ මොන රටේද නෝනෝ? ඔය කියන මතුපරපුරට මරබිය නැතුව හෙටක් දකින්න ඉඩක් ලබාදුන්නේ කවුද? (නි)
ජනාධිපති ආරක්ෂක අංශය දැඩි සීරුවෙන් තැබිය යුතුය . කරුණාකර අපේ ජනාධිපතිතුමා ආරක්ෂාකරගන්න. (ර)
දැන් ආරක්ෂක හමුදා වල සේනාධිනායකයාට සෙබළුන් ගැන සැකයි වගේ. ඉස්සර හිටපු සේනාධිනායකයා නම් බයක් සැකක් නැතිව සෙබළු අතරට ගියා.(නදී)
ඇයි මේ අපේ හමුදාවටම මෙහෙමත් බය? පොඩි පොඩි සරල හේතු වලට අපේම හමුදාවේ කොල්ලෝ හිරේ දාන්නේ කාගේ උවමනාවටද? (නදී)
කොල්ලෙක් තවත් කොල්ලෙකුට විහිලුවක් කරන්න හිතාගෙන කළ වැඩක් දුරදිග ගිහිල්ලාවද්ද? පවු! ඔවුන්ගේ රැකියාවටත් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ? (නි)
අනේ මෙහෙමත් දේවල් (නදී)
යහපාල , කළුගලක් තියා අතේ වැලි කැටයක් නොතිබ්බ ජෙනරාල් සරත් ෆොන්සේකාව හිරකූඩුවට දානකොට ඔහේ හිටියේ මර නින්දෙද? කළුගලක් කියන්නේ මිනිහෙක් මරන්න තරම් දෙයක්. (නි)
මෙයාලා කරන දේවල් එයාලගේ හිතම දන්නවනේ! (නි)