ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ජනාධිපති කාර්යාලය භාරයේ පවතින ආයතනයක් වන ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය නිරික්ෂණ කිරීම සඳහා ජනාධිපතිවරයෙකු මෙලෙස පැමිණ ඇත්තේ වසර 20 ට පමණ පසුව බව කියති.
එහි වත්මන් තත්ත්වය පිළිබද සොයා බැලු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ පාලක සභා සාමාජිකයින් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.
එහිදී දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා පරිහරණය කළ භාණ්ඩ ඇතුළත් කෞතුකාගාරය සහ පුස්තකාලයද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්විය.
ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේ ලැබු සමරු තිළිණ සහ සිහිවටන ඒකරාශි කොට අනාගත පරපුරට දැකබලා ගැනීමට සැලැස්වීම සඳහා ජේ.ආර්.ජයවර්ධන මහතා ගනු ලැබු ක්‍රියාමාර්ග ජනපති ප්‍රශංසා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ හිටපු දිගු දැක්මක් ඇති නායකයා! වසර තිස් හතකට පසුවත් රට යන මඟ හඳුනාගත් ජනාධිපතිතුමා (නි)
මෙල්, හැමදෙයක්ම දේශපාලන ඇසකින් බලන්න එපා. (නි)
ජේ.ආර් සහ එම්. ආර්...? (නි)
ශ්‍රී ලංකා අය ගොඩක් දේවල් තේරුම් ගන්නෙ නැහැනේ ඉතින්... (නි)
ඔබගේ කටයුතු සඵල වේවා! (නි)
1978 ව්‍යවස්ථාව ගෙනාවා.පොඩි පොඩි අඩුපාඩු ඇතත් අදටත් මට නම් ඊට එහා දෙයක් නැත . (නි)
සිදුවිය දේවල්.(හේ)
තමරා, මෙයාගේ සියලු කටයුතු සපල වුනොත් රටට වෙන විනාසය හිතා ගන්නවත් බැහැ. (ස)
දිවංගත ජේ .ආර්. ජයවර්ධන මැතිතුමා උගත් දුරදක්නා මනසක් ඇති අවංක පුත්ගලයෙක්. ලෝක නායකයන් සමග සම තත්වයේ තැබිය හැකි , නායකයෙක් (බ)
මෛත්‍රී මහතා සිල්වත් හාමුදුරුනමක් වගේ කෙනෙක්. ඇත්තටම මෙතුමාට කරන්න පුලුවන් බුද්ධ ශාෂණ ඇමතිකම වගේ තනතුරක්. ජනාධිපති කමට සුදුසු නැහැ. (බ)
මහා මංගල සුත්‍රයේ "පිදිය යුත්තන් පිදීම" උතුම් මංගල ක්‍රියාවක් කියලා බුදුරජාණන්වහන්සේ කියල තියෙනවා. (ම)
තව ගොඩාක් හොද දේවල් කළා , සිරිමාවෝ ගේ ප්‍රජා අයිතිය නැති කරලා ජනාධිපති වරණයට ගියා කොබ්බැකඩුව එක්ක . ලාම්පු කලගෙඩි සෙල්ලම දාල මහා චන්දෙ කල් දා ගත්ත . සියලුම් විශ්ව විද්‍යාල වසා දාල පෞදගලිකරනය කොරනවා කිව්වා , තම තමාගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න කිව්වා . තුන්වැන් වරට චන්දෙ ඉල්ලන්න සෙට් වෙන්න හදනකොට , ඒ යෝජනාව ගෙනාව ලයනල ජයතිලක මන්ත්රිතුමාව කුලියාපිටියේදී වෙඩි තබා මරා දැම්ම ( වෙනත් කට්ටියක් ) ,බැරිම තැන ප්‍රේමදාසට දුන්න නොවේ දෙන්න උනා . මේවා ෆේස් බුක් කැලා පත්‍ර බලලා අදහස් දාන උදවිය දන්නේ නැහැ , කියවන්න පරණ පත්‍ර , අහගන්න අම්ම තාත්තා ගෙන් , (කේ)
ජේ ආර් මහතා කරපු කිසිම දෙයක් නැත . 1978 ව්‍යවස්තාව ගෙනාව , පොඩි පොඩි අඩු පාඩු ඇතත් අදටත් මට නම් ඊට එහා දෙයක් නැත . ජේ ආර් මොනවදා කළේ කොටි ප්‍රශ්නේ වැඩි කළා , නිය පොත්තෙන් කඩන්න තිබ්බ දේ කැඩුවේ නැහැ . වඩමාර්ච්චියේ කොටු වූ මිස්ටර් ප්‍රභාකරන්ව ඉන්දියාවේ බලපෑමට නිදහස් කරලා ඉන්දියාවේ බලපෑමට 13 ගෙනාව , අන්තිමට මොකද වුනේ රජීව් ත් මැරුවා ප්‍රේමදාස මහතාවත් මැරුවා (බ)
මා විසින් ජේ ආර් ජයවර්ධන හිටපු ජනපති තුමාට කරන ගෞරවයක් ලෙස අද දින මගේ වියදමින් ව්‍යාපෘතියක් පටන් ගැනීමට පළමුවන පියවර තබන ලදී (බ)
ජේ.ආර්. ජයවර්ධන මහතා කරපු හුගක් හොද දේවල් අපේ රටේ ඉන්න හුගක් මිනිස්සු දන්නේ නැහැ කව්රුත් ඒවා කිව්වෙත් නැහැ එතුමා එකතු කරගත්ත දෙයකුත් නැහැ තියන හැම දෙයක්ම ශ්‍රී ලංකාව නමැති ඔහු ජනාධිපති වී සිටි රටට දීල ඔහු විවේක සුවෙන් තම බිරිද සමග අවසාන කාලය ගත කල මහත්මයෙක් එය අපේ රටේ අනිත් නායකයන්ටත් හොද ආදර්ශයක් !!! (බ)
මෙයා හොඳටම යු එන් පී කාරයෙක් වෙලා. ප්‍රේමදාස ජේ ආර් දෙයියෝ කරගෙන වඳිනවා. මහින්ද මෙයාට සභාපති කම දීම විශාල වැරද්දක් (බ)
මෛත්‍රීට ජේ ආර්ගේ පිහිටයි (ම)
ජාතික නායකයෝ රටට හිමි -ගෙදරට අහිමි (බ)
මෛත්‍රී රනිල් පාලනය ගෙනයන්නේ ජේආර්ගේ පිහිටෙන්.(හේ)
ඔහු තමයි මෙරටට ලොකුම වැරැද්ද කරපු කෙනා. අප අතර ඔහු නැති නිසා අපි ඔහු ගැන කථා නොකර ඉඳිමු. (බ)
මේල් ඔබ වැනි අදහස් තියන එවුන්ට මේ වගේ වැඩත් පේන්නේ හරහට.මොනා කරන්නද..ඔය මේල් වගේ එවුන් ඉන්නකම් මේ රටට දෙඉයංගෙම පිහිටි,,කුණු ගඳ ගහන කතා අදහස් තියන පණුවෙක් වෙන්න එපා මේල්..(බ)
රටෙන් කිසිවක් නොගත්ත රටට තමන්ගේ සියලු දේවල් පරිත්‍යාග කළ හොද නායකයෙක්.තම වාසය කළ නිවාස අවසානය රජයට පවරලා මිය ගියේ.එහෙම නායකයෙක්ට ගරු කරන එක හොද නායකයෙක්ගේ යුතුකමක් (බ)
ජේ ආර් ජනපති තුමාට හොද දැක්මක් තිබුනා. නමුත් එය රටට ගැලපෙන විදිහට හෝ රට එයට ගැලපෙන විදිහට හදා ගැනීමට වෙනස් කර ගැනීමට ඔහු උනන්දු වුනේ නැහැ.ඔහුට බලය ලැබෙනවිට සැදා සමයට පැමිණ සිටි නිසාම එය හිත මතාම අමතක කලාදෝයි සැකයි. (හේ)