(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අපේක්ෂකයින් සියලු දෙනාම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම මාතර මහ නගර සභාවේ හිටපු පුරපති උපුල් නිශාන්ත,නලින් රණසිංහ,නලින් අබේගුණවර්ධන,නන්ද සේන සෙල්ලහේවායන හිටපු නාගරික මන්ත්‍රීවරුන් සියලු දෙනාම පරාජයට පත්ව ඇත
මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර මහතා ඇතුළු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද පරාජයට පත්ව තිබේ.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණ තරග නොකළ වැලිගම නගර සභාව හැර මාතර දිස්ත්‍රික්කයේ සෙසු සියලු පළාත් පාලන ආයතන වල හිටපු විපක්ෂ නායකවරු ඇතුළු හිටපු මන්ත්‍රීවරු බොහෝමයක් පරාජයට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලන්නේ නැතුව රැක්ක අයට මෙහෙම වෙලා මඳි. 2020 දී ගෝඨාභය මහතා ජනාධිපති කර මේ රට ඇත්තටම සංවර්ධනය කරන්න පටන් ගමු.
ඔය දේ වනබව අපි 2015 දීම දැනගත්තා. ඒ බව ඒ ගොල්ලොත් දන්නවා ඒ නිසානේ ඡන්දය තියන්න කල් මැරුවේ. රනිල්ට නම් මේක මහා දෙයක් නොවයි... තව එක පැරදිල්ලක් පමණයි. හැබැයි රනිල් ඉන්නකන් එජාපය පරදිනවා. රනිල් එජාප එකෙන් ගියා කියලාත් වෙන කව්ද ඉන්නේ? දන්න කෙනෙක් කියන්න බලන්න.
මේ අය එජාපය නෙවෙයි මේ සේරම කොටළුවාට මුට්ටිය අල්ලපු අය... මහින්ද මහත්මයා ඉතිහාස ගතවන ජයක්... ජය වේවා!!!
සමාවෙන්න ඕනේ.... මෙතන අදහස් දක්වන අය පක්ෂයක් දිනවන්න කතා කරනවා. උගත් රටට වැඩක් කළහැකි අයෙක් පත් කිරීමට උනන්දු නොවෙනකම් මහජනතාව පරාදයි.
බමුණු අපි ගනිමු සජිත් මහත්තයාව.
වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවමු ...
මංගල මුදල් හා ජනමාධ්‍ය ඇමතිකමෙන් වහාම යවමු...
පිටිගල අයියේ හොර සහතික පෙන්නලා මිලානෝ වලින් ගෙවල් පිනට ගන්නවා වගේ හිතෙන අයව ජනාධිපති කරවන්න බැහැ.
රනිල් මහතාණෙනි, ඔබතුමා පක්ෂයේ හිටියට කමක් නැහැ. නායකත්ව ජනතාව කැමති පුද්ගලයාට බාර දෙන්න. අපේ පක්ෂය නායකත්ව වෙනසකින් දිනවිය හැකියි. හොරුන්ට දඬුවම් දෙමු.
මේ අය එජාපයේ නෙවෙයි. මේ සේරම මංගලගේ... මහින්ද මහත්මයාගේ ඉස්සර පුටුවට සහා බුලත් කොළයට වැඩකරපු අය...
එජාපයේ නායකත්වය පිරිහිලා. එජාපයේ දෙවනපෙළ නායකත්වයක් නැහැ.
ආසනය පැරදුණු සංවිධායකයින්ට සංවිධායකකම අහෝසි වෙනවද?