(ඉන්දිකා රාමනායක)
ලෝකයේ රටවල්වල මත්ලෝලීන් මත්ද්‍රව්‍ය සඳහා භාවිතා කරන ‘යාබා’ නැමැති මත්පෙති 7800 ක් සමඟ පුද්ලගයන් දෙදෙනක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ කණ්ඩායමක් විසින් අද (22) කිරිබත්ගොඩ දී අත්අඩංගුවට ගනු ලැබු බව පෑලියගොඩ පොලිසිය කියයි.
මෙම මත්පෙති වල වටිනාකම රුපියල් කෝටි 2 1/2 ට අධික බවත් මෙම මත්පෙති ශි‍්‍ර ලංකාවෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රථම අවස්ථාව මෙය බවත් පොලිසිය ආරංචි මාර්ග කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ ගමන් මල්ල පරික්ෂා කිරීමේ දී එහි තිබී මෙම මත්පෙති 3700 ප‍්‍රමාණය පොලිස් බාරයට ගෙන ඇත.
මෙම මත්පෙති මැලේසියාව,බුරුමය, තායිලන්තය,යන රවටල් වල නිෂ්පාදන කරන බවත් ඒවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇති බවත් පොලිසිය කියයි.
සැකකරුවන් මෙරට තුළ මෙම මත්පෙත්තක් රුපියල් 3000 ක මිළකට අලෙවි කරන බවද කියති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වේල්ලවීදියේ පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd