
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය වැටලීම් කරන නිලධාරීන්ට උපරිම ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට ඒ මහතා වෙනුවෙන් පිළිතුරු ලබාදෙමිනි.
මත්ද්‍රව්‍ය වැටලීම් කරන නිලධාරීන්ට සාමාන්‍ය තර්ජන පවතින නමුත් ජීවිත තර්ජන නැති බවත් ඔවුනට දැනටමත් ආරක්ෂාව ලබාදී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැටලීම් විශාල වශයෙන් කරන බව පැවසූ වීරසේකර මහතා මත්ද්‍රව්‍ය වෙළඳපොළේ හිඟ වී ඇත්තේ මේ නිසා බවද සඳහන් කළේය.
මේ නිසා මත්ද්‍රව්‍යවල මිල දස ගුණයකින් වැඩි වී ඇතැයිද ඔහු පැවසුවේය.
මේ අතර විෂ මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව සීරුවෙන් තබා සිටින බවත් නෞකා සහ ගුවන් මගින් මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රේගුව ක්‍රියාත්මකවී සිටින බවත් පැවසුවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ජීවිත තර්ජනයක් නෑ... මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සහ ඔය නිලධාරියෝ ඔක්කොම යාලුවෝ මල්ලි.. අර මාධ්‍යවලට ඇවිත් විමල්, ගම්මන්පිල, වාසු කරනවා වගේ ඔය නිලධාරීන් කරන්නෙත් බොරු රඟපෑමක් මල්ලි...