ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අවත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවනයානය මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩ බැස්සීමේදී එහි කුඩා කුරුල්ලෙක් වැදුනු බව වාර්ථා වෙයි.
එය අද උදෑසන 6.05 ට පමණ මගීන් 127 දෙනෙකු රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මත්තල හරහා ඩුබායි බලා යාමට එය ගුවන් ගත වී අැත.
ගුවන් යානය මත්තල ගොඩ බෑමට නියමිතව තීබී අැත්තේ අද උදෑසන 6.45 වන විට අතර උදෑසන 6.40 ට පමණ කුරුල්ලා වැදී ඇති බව වාර්ථා වෙයි.
මේ හේතුව නිසා යානය යළි පරීක්ෂා කිරීමට සිදුවිය. එය පැයකුත් විනාඩි 7 ක් පමා වී මත්තල සිට ඩුබායි බලා පිටත් විය.
මත්තලින් මගීන් දෙදෙනෙකු පමණක් ගුවන් යානයට ගොඩ වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තිබෙනවා කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කර කළ සංවර්ධනය. (නි)
මට නම් නිකන් ගුවන් පතක් දුන්නත් මත්තලින් නම් එන්නේ /යන්නේ නැහැ. (නි)
කුරුල්ලෙක් හරි ඉන්න එකත් ලොකු දෙයක් (නි)
මගීන් 3 ක් වෙන්න බන්දුල අයියාවත් නග්ගන්න තිබුනේ. (බ)
ගුවන්යානා එන්නේ නැහැ කීවනේද ? මේවා ? කුරුල්ලෝ ඇමෙරිකාවේ ගුවන් තොටුපොලවල්වලත් හැප්පිලා තියනවා. (ර)
මිනිස්සු දෙන්නෙක් ගන්න ගුවන් යානයක් ගොඩ බානවා? (ර)
රටේ පාලකයන්ගේ අමන වැඩවලට අරගන්න නය මුදල් අපට තියා අපේ දරුවන්ටවත් ගෙවා නිමකරන්න බැහැ (නදී)
අවුලක් නැහැ පරම්පරාවෙන් උරුම උන බූදලයෙන් නේ හැදුවේ. අපි ගෙවන බදු මුදල් වලින් නම් අපිත් දුක් වෙන්න ඕනේ මේ ගැන. මොකද අපි ගොඩක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් තමයි මේ ගොල්ලන්ට ඕන විදිහට වියදම් කරන්නේ. ඉතින් වැඩකට නැති ගුවන් තොටුපොළක් මොනා කරන්නද ? කෞතුකාගාරයක් තමයි කරන්න වෙන්නේ ස්කොල ළමයින්ට. එ්කෙන් හම්බ වෙන ටිකට් සල්ලි වලින් හරි නඩත්තු කරන්න (නදී)
මත්තල ගුවන්තොටුපල අධි අවදානම් ගණයට වැටෙන ගුවන් තොටුපලක් කියලයි මම අහලා තියෙන්නේ. සමහර රක්ෂණ සමාගම් මත්තලට එන ගුවන් යානා රක්ෂණය [කුරුල්ලන්ගේ ප්‍රශ්නය නිසා] කරන්නේ නැහැ. ඒ නිසා තමයි මත්තලට බොහෝ ගුවන් සමාගම් ඒමට අකමැති. (නදී)
මත්තල කුරුල්ලෝ, හම්බන්තොට ගල් අනේ මන්දා (දිල්)
ලංකාවේ දේවල් අගය කරන්න. මේක හෑල්ලුවට ලක්කර තිබෙන මිනිසුන්ටයි කියන්නේ. මත්තලින් දෙන්නෙක් නැග්ගට කමක් නැහැ. කවදාහරි මේකත් බණ්ඩාරනායක ගුවන්තොටුපළ වගේ වෙයි.මේවගේ ලොකු ව්‍යාපෘතියක් කරනකොට ඒකේ ප්‍රතිඵල ඉක්මනට ලැබෙන්නේ නැහැ. කාලයක් ගතවෙනවා. මොනවා නැතත් ලංකාවේ දෙයක් අගය කරන්න සිංහල මිනිසුන්ට තේරෙන්න ඕනෑ. කවුරු මේක කොහොම හැදුවත් මේක ලංකාවේ සම්පතක්. (නි)
මේක හදපු එක ඇත්තටම ඔයාලට වැරැද්දක් වගේ වුනාට සමහර අයට ඒක ලොකු වාසියක්. මෙකේ වැදගත් කම දන්නේ මේක පාවිච්චි කරන අයයි.(හේ)
ගුවන් යානා විතරක් නෙමෙයි කුරුල්ලන්ටත් රක්ෂණයක් ඕන කර තිබේ.(හේ)
මේ පොඩි කුරුල්ලෙක් නිසා ඔය ගමන පැයක් පරක්කු වුණා කියන්නේ මේක ලොකු කතාවක්.(හේ)
අනේ මන්දා රටේ සල්ලිවලට කරපු දෙයක් (නදී)
මත්තල ගුවන්තොටුපල ආරම්භ කල කාලේදී එයාර් ඇරාබියා කියන ගුවන සමාගම ගුවත් පතක් විකුණා ගන්න බැරිව අන්තිමට දිරාම්ස් 275 (රුපියල් 9790 ) දක්වා අඩු කලා. එ්ත් විකුණා ගන්න බැරිව අත ඇරලම දැම්මා. එ්කයි සත්‍ය. (නදී)
මොකට හැදුවද මන්ද කුරුළු විමානෙක. පරිසර වේදීන් විරුද්ද වෙන්න බියක් දක්වන්න ඇති මගේ හිතේ අර කේන්දර කාරය වගේ. (නදී)
අපරාදේ අපේ සල්ලි. (නදී)
දැන් ඉතින් මේවාට කතා කරන්න ගියොත් කියාවි යහපාලනයට අනුව අනිත් උදවිය හදපු ගුවන් තොටුපළවල් වලට අනම් මනම් කියන එක අකැපයි නේද කියලා. නැතිනම් මේක පලි ගැනීමක් කියාවි. (නදී)
බලාගෙන මහත්තයෝ, ඔය පොඩි කුරුල්ලව ලොකු ෆ්ලයිට් වල හප්පා ගන්න එපා. පැයක් නෙමේ, දින ගානකට වැඩේ ප්‍රමාද කරන්න වෙයි. මොකටත් ඔය කුරුල්ලට නිතරම මෛත්‍රිය වඩන්න හුරු වෙන්න එතකොට හදිසි අනතුරු සිදුවෙන එකක් නැහැ. (නදී)
කුරුල්ලෙක් වැදුනා කියලා ගමන පැයක් පරක්කු කරන්නේ ඇයිද?(හේ)
තුන්වෙනි මඟියා හැටියට අපේ බන්දුලවත් පටවාගෙන ගියානම් කොතරම් අගේද. (බ)
කුරුල්ලත් අලුත් ආණ්ඩුව එනකම්ම බලාගෙන ඉඳල (බ)
දැන් ඉතින් ඔය ගුවන් තොටුපොල මොකක් කරන්නද බලා පොරොත්තු වෙන්නේ? (බ)
මේ කුරුල්ලාත් අධිරාජ්‍ය විරෝදී කුමන්ත්‍රණයක සහකරුවෙක්ද දන්නේ නෑ, මත්තලට එන ගුවන් යානා නැති කරන්න , (හේ)
ගුණපාල මහත්තයෝ,කුරුල්ලෙක් හැපුනහම ගුවන් යානය මෙතරම් ප්‍රමාද වුනේ මොකද කියලා ඔබතුමා අහනවා. ඔබතුමා මෙවැනි සරල දෙයක් වත් නොදැනීම ගැන හරි පුදුමයි. එනිසා මෙසේ ගුවන් යානය ප්‍රමාද වීමට හේතුව දන්නා කෙනෙකුගෙන් අහගන්න. (නදී)
පරිසර සංරක්ෂණය ගැන නව රජය උනන්දු වෙයි කියා බලාපොරොත්තු වෙනවා (නදී)
මැද පෙරදිග වැඩ කරන කුමාර් දැන් ලන්ඩන් වලද ඉන්නේ ? (නදී)
මත්තල මාසික ආදායම රු.16,000/= කියලා කවුදෝ කියනවා මම අහගෙන. (නදී)
ප්ලේන් නග්ගනකොටයි බස්සනකොටයි කුරුල්ලන්ට වෙඩි තියන්න දාලා හිටපු නිල් ටී ෂර්ට් අඳින කොල්ලෝ ටිකත් පැනලා ගිහිල්ලා වගේ.(හේ)
ලන්ඩන් ගුවන් තොටුපලෙත් කුරුල්ලෝ හැපෙනවා. (ර)