හම්බන්තොට මත්තල ඉදිකැරෙන ශ්‍රී ලංකාවේ දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළ විද්යුත් පද්ධතියේ ක්‍රියාකාරිත්වය පරික්සන විශේෂ ගුවන් යානයක් කටුනායක සිට අද එහි පියාසර කළේය.
ගමනට මිනිත්තු 35ක් පමණ ගත විය.
ගුවන් යානයක් ගොඩ බැවීමට යොදා ගන්නා සියලු උපකරණ නිසි ලෙස ක්‍රියාත්මක වූ බව එහි ආරංචි කියයි. ගුවන් යානය ගොඩ බැස්සවීමට පෙර මාධ්‍යෙව්දීන්ට එහි ඇතුළුවීමට අවසර ලැබුණේ නැත.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතාද පකිස්තාන ගුවන් නියමුවෝ දෙදෙනෙක්ද, ගුවන් හමුදානියමුවෙක්ද මේ යානයෙන් එහි ආහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල යමු නේද?(දී)
හම්බන්තොට වරායේ තිබුණා කිව්ව ගල කපලාද දන්නේ නෑ ජයලත් ??? මේ ජයලත්ලා හරිම රණ්ඩු කොකු නේ ?? (ස)
මහත්වරුනි, යහපත් දෙයක් යහපත් විදියට දකින්න. (නි)
වරායේ වගේ ගල් එහෙම නැතුව ඇති නේද? (නි)
මේවා නිසි පරදි ක්‍රියාත්මක වෙනකම් හරි පාඩු ලබනකොට රට පනිනවා.!(නු)
හම්බන්තොට වරාය. මත්තල ගුවන්තොටුපොල.. නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරය රටේ සංවර්ධනය ටකාතරම් ප්‍රායෝගිකද?(නු)
හොද පුවතක්. නමුත් ලංකාවට අන්තර්ජාතික ගුවන් තොටුපළවල් 2ක් අවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස. කටුනායක ගුවන් තොටුපළ ගුවන් පථය සහ පර්යන්ත අලුත් තාක්ෂණය අනුව වැඩිදියුණු කළා නම් මීට වැඩිය කාලෝචිතයි. (නි)
රටක් දියුණු වෙන එක අගය කරනවා. ඒත් කටුනායක එයාර්පෝර්ට් එක වේලෙනවා. එහෙම තියෙද්දී හම්බන්තොට එයාපෝර්ට් එකට යානා යවන්නේ කොහොමද ? කොළඹ නැව් හම්බන්තොට යැව්වා වගේ තියේවි . රටට දරාගන්න පුළුවන් වැඩ කරන්න ඕනෑ. (නි)
බොහොම හොදයි (දී)
ශෝක අනේ ආසාවේ බැහැ ............(දී)
නියමයි (දී)
හොද දෙයක්. (නි)
ඵරංග, අපි මේ කඩේ යන්නෙ නැහැ ඔයාලා වගේ. හරි දේ අගයන නියම සිංහලයෙක් කාලකන්නි විදිහට හිතන්න ඵපා (නි)
සම්පත්ට මම කියන්නේ නැහැ. (නි)
ජයලත් ඔයා කාටද මේ කඩේ යන්නෙ..!(නු)
ධනංජය හොර නැහැ..!(නු)
හැම දෙයක් දෙසම ඝෘණ ආකල්පයෙන් බලන අය සිටිම පිළිබද කණගාටුයි.. ලෝකෙ දියුණු රටවල තත්ත්වය ගැන ඒ අයට හොද අවබෝධ්‍යක් නැති කම තමයි හේතුව.. (නු)
අනේ කුමාර! ඉන්දියාවේ අයට තරු පේන්න ගහන්න අපි තමා තරු පේන්නේ (අ)
සන්තෝෂයි නඩත්තුවත් හරියට කරන්න (අ)
දැන් ඉතින් අපි ලංකාවට ආවහම කෙලින්ම ගෙදර (නි)
කව්රු මොනවා කිව්වත් හොඳ වැඩක් ... (ස)
අපේ පැතිවල වැඩිය ඉන්නේ නම් 'මාර්ග ඵල' ලැබුණු කට්ටිය තමා. මෙහෙ කොයින්ද වරායවල්.. (නි)
ඕකේ දෙපැත්තම තියෙනවා. ගුවන්තොටුපොළ අත්‍යවශ්‍යම නැහැ. හදපු වරාය සංවර්ධනය කරන්න ඕනේ.(නදී)
හරි දේට හරි කියන එක ප්‍රශ්නයක් නැහැ. රට දියුණු වෙනවා නම් අපිත් ඔය 'හොඳයි හොඳයි..' කියන අය තරමටම සතුටුයි. එත් මේවා වැඩි හරියක් මාධ්‍ය සංදර්ශන වලින් එහා නොයන බොරු මවා පෑම් වීම ගැනයි අපේ කනගාටුව. කවුරු හෝ චෝදනා නගන විට පිළිතුරක් වශයෙන් හම්බන්තොට වරායට වාහන නැවු කීපයක් ගෙනාවා මිස එහි ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු ඒ දවස් කීපයේ සිදු කල පරිමාණයෙන් දැනුත් සිදු වෙනවාද? එහෙම වෙනවානම් ඔක්කොම හරි. කෙසේ වෙතත් මේ අවස්ථාවට රටේම ඉන්න දේශපාලකයින් හා නිලධාරීන් ගෙන්වා පාසල් දරුවන් අව්වේ තබා මාධ්‍ය සංදර්ශන වලට කෝටි ගණන් අපතේ නොයැවීම ගැන නම් සතුටුයි. (නදී)
ජයලත් හාබර් එකට නැව් ඵනවා දකින්න ඇති නේද? (හීනෙන්) කාටද මේ කඩේ යන්නෙ???? (නි)
ජයලත්, දියුණුව නම් හොදයි. නමුත්...? (නි)
ජය වේවා! (නි)
සියළු ලංකාවාසීන්ට හොද පුවතක් (නි)
අඹ ගෙඩියක් වගේ මේ පොඩි රටට තවත් මොකටද ගුවන් තොටුපළවල්? (නි)
කළු කොටි තවමත් ලංකාවේ ඉන්නවානේ, ලංකාවේ දියුණුව දකින්න අකමැති. එවන් අය රටටම පිළිල (අ)
අන්න නියමයි (නි)
හොද දෙයක්. (නි)
හරීන්, ගල කඩන්න බැරි වෙලා. නැව් එනකොට යටින් කිමිදුම් කරුවො බලාගෙන ඉන්නවලු නැව ගලේ වැදෙනවද කියලා. (නි)
සුභ පැතුම්! (නි)
ලංකාවේ මොන දේ කළත් සමහරුන්ට වැරදියි (නි)
උපරිම ප්‍රයෝජන ගන්නට ලැබේවා! (නි)
මේක ඉක්මණින් අවසන් කරන්න ලැබේවා! (නි)
රට යන අයට හොල්ට් ගානේ පෝලිම්වල රස්තියාදු වෙන්න ඕන නෑ වගේ ඉස්සරහට (ස)
දකුණු ලකේ සිරි එක්කම කෙරෙන බාල අපචාර මිනීමැරුම් දැක්කම ඇඩෙනවා..!(නු)
හොදයි. ඒ සමගම දුප්පතා ගැනත් බැලිය යුතුයි. (නි)
නියමයි (නි)
නියමයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයට විශාල සෙතක් මෙයින් සිදුවේ. මොනයම් යහපත් දේ අප රටේ සිදුවණත් එය අපි අගය කරමු. රටක් වශයෙන් අපි ආඩම්බර වෙමු. මට තියෙන එකම දුක එහි ගොඩබැසීමට නොහැකිවී තිබීමයි. (නි)
බල්ලෝ කොච්චර බිරුවත් ගැල ඉදිරියටම යනවා (නි)
පේනවා නේද අපේ වැඩ? (නි)
මට හරි සතුටුයි .ඉන්දියාවේ අයට තරු පේනවා ඇති දැන් (ස)
ජය වේවා ජනාධිපතිතුමනි! (නි)
හම්බන්තොට වරායන නැව් එනවා වගේ මේකට ප්ලේන් ඒවි පෝලිමට (ස)
හොද දේට හොදයි කියනවා විනා කුහක සිතින් බැලීම නොහොබී (නි)
සුභ ආරංචියක්! (නි)
මොනවා කරත් පාකිස්තානය, චීනය ගාවගන්නම වෙනවා (ස)
මේකයි කියන්නේ.. හීනෙන්වත් හිතුවද අපේ ජීවිත කාලෙ මහෙමෙ දෙයක් වෙයි කියලා.. අපේම කෙනෙක් එන්න ඕන හම්බන්තොටට ඉර පායන්න.. අනේ වාසනාවන්..!(නු)
හම්බන්තොටටත් ඉර පායගෙන එනවා..!(නු)
මෙච්චර ගුවන් තොටවල් ලංකාවෙ අයට කෙහෙ යන්නද දන්නෙ නැහැ... අපේ අම්මලට තාත්තලට ළමයට මාසෙ වාර ප්‍රවේශපත්‍රය අරගෙන දෙන්නෙත් බොහොම අමාරුවෙන්..! ළගදි යුරෝපයේ ගුවන් ගමන් පටන් ගත්තට පස්සෙ එයාර් ලංකා එකත් වහන්න තමයි වෙන්නෙ..!(නු)
සතුටුදායක පුවතක් (ස)
බලන්න මිතුරේ අපේ දකුණු ලකේ සිරී (ස)
මෙයාලට ඇතුල් වෙන්න අවසර නුදුන්නේ මොකක් හරි අවුලක් උනොත් වැඩේ අවුල් යන නිසා වෙන්න ඇති.. නැත්නම් මේකත් වරායට සම කරයි කියලා වෙන්න ඇති..!(නු)
හම්බන්තොට අය රට යවන්න කටුනායක පොඩි වැඩියිද?(නු)
සුභ පැතුම්! (නි)
නිශාන්ත මහත්තයා යුරෝපයේ ගුවන් යානා අපෙ රටට ඵන්නෙ අද ඊයෙ නෙවෙයි ඔච්චර කුහක වෙන්න ඵපා වසර 17ක් තමුන්ලාගෙ නායකයන්ට බැරිව ගියා මෙව කරන්න බඩගැස්තරව හිතන්න ඵපා ඒ වගෙම ධනංජයල වගෙ කුහකයන් ඉන්න තුරු සිංහල කමටත් ලැජ්ජයි නැව් ඵනවද බලන්න ළුන්න හාබර් ළුකට (අ)
දකුණු ලකේ අග නගරේ .....සිරි (අ)
කට්ටිය දෙවියනට කිය කියා යන්න ඇති (අ)
ඉන්දියාවට කොහොම වෙතත් තව ටික කාලෙකින් අපිට තරු පෙනෙයි. (නි)
සාර්ථක දෙයක් නම් සියළු දෙනාටම ස්තූතිවන්ත විය යුතුයි. (නි)
ලංකාවේ වැඩිපුරම ඉන්නේ ළිං මැඩියෝ (නි)
වරාය වගේම වෙයිද? අනේ මන්දා.. මට කම්පනය වගෙයි. (නි)
අපරාදේ සල්ලි! (නි)
ඇයි පාකිස්ථාන් අයව ගත්තේ? අපේ නියමුවන් හොද මදිද? (නි)
මරු නේද ! දැන් ඉතින් අර හම්බන්තොට වරායන නැව් එනවා වගේ මේකට ප්ලේන් ඒවි පෝලිමට (ස)
අපිට තමයි ඉතින් හුළං! (නි)
දැන් අනිත් කට්ටිය කියයිද දන්නෙ නැහැ ඒකේ ලොකු ගලක් කියලා? (නි)
මේක නිකන් හින්දි චිත්‍රපටියක් වගේ (නි)
අදහස් දාන හුගදෙනෙක් ඔය දාගෙන ඉන්න පාට කණ්ණාඩි ගලෝලා ඔළුගෙඩිත් හොදගෙන අදහස් දැම්මොත් හොදයි (නි)
හැම දෙයක් දෙසම අසුභවාදීව බලන්න එපා. හරිනම් තවත් එකක් හදන්න ඕනෑ (නි)
මේ පොඩි රටට ගුවන් තොටුපළවල් දෙකක් මොකටද? (නි)
මේ සල්ලි වලින් පුළුවන් නම් බඩු මිළයි, රටේ තියෙන දුෂණ අපරාධයි අඩුකරලා දෙන්න (නි)
වැවුත් දැන් හිදිලා නිසා සී ප්ලේන් ටික බාගන්න ලෙහෙසියි. (නි)