මත්තල ගුවන්තොටුපොළ කිසි විටෙක වසා නොදමන බවත් එහි වැඩි දියණු කළ යුතු අංශ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් සකස් කිරීමෙන් අනතුරුව එය අවශ්‍ය පරිදි සංවර්ධනය කරන බවත් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා ආබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.
කෙසේ වෙතත් මේ වන විට මත්තලට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානාවක් පමණක් දිනපතා පැමිණෙයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘‘ පහුගිය කාලයේ රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ අතර දුරස්ථ භාවයක් තිබුනා. එහෙම වැඩ කරන්න බැහැ. මේ ආයතන සමාගම් වුනාට කොටස්කාරයෝ නැහැ. මෙහි කොටස් සියල්ලම භාණ්ඩාගාරය සතුයි. භාණ්ඩාගාරය කියන්නේ රජය. රජයේ වගකීම පාර්ලිමේන්තුවට උත්තර බඳින එක. ඒ නිසා මේ ආයතන අමාත්‍යංශය එක්ක එකතු වෙලා වැඩ කළ යුතුයි.
ලබන මාසෙ වෙනකොට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙවන අදියර සංවර්ධනය අපි ආරම්භ කරනවා. ගුවන්තොටුපොළ භාවිතා කරන ගුවන් මගීන්ට පහසුකම් තිබිය යුතුයි. දෙවන අදියර සම්පුර්ණ වෙනකොට ගුවන්තොටුපොළේ වෙනසක් ඇතිවෙයි.
පහුගිය අවුරුදු කිහිපය තුළත් ගුවන්තොටුපොළ වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි සංවර්ධනය කියන්නේ. නමුත් ඒ සංවර්ධනය ජනතාවට අවශ්‍ය විදියට විය යුතුයි. ගුවන්සේවා අධිකාරියත්, අමාත්‍යංශ මේ සේරම එකට එකතු වෙලා වැඩ කර පුළුල් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්න අනාගතයේදී කටයුතු කරනවා.
පහුගිය කාලේ අපි හඳුනාගත්ත අඩුපාඩු අපිට පැහැදිලි උන දේවල් නිවරදි කරගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
රටක අනන්‍යතාවය පළමුවෙන්ම පෙන්වන තැන ගුවන්තොටුපොළ. අපේ රට ලෝකයේ තියෙන හොඳම ගමනාන්තයක්. ගුවන්තොටුපොළ සංවර්ධනයත් එක්ක මෙතනට එන විදේශිකයින්ට ඉහළම අයුරින් පහසුකම් විඳින්න පුළුවන්.‘‘







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත් තවම ගල් යුගයේද ඉන්නේ?යුද්ධය වවාගෙන කන්න එපා. යුද්ධය දිනලා දුන්නේ කවුද කියන එක අද මුළු රටම දන්නවා.යුද්ධයට මුවාවෙලා ගහපු ගැහිලි පේනවනේ! ඔයාලා වගේ නොමේරූ ළදරුවෝ තමයි මහින්දව විනාශකළේ (නි)
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී විකල්ප ගුවන් තොටුපළ වශයෙන් යොදාගත්තේ රත්මලාන ගුවන් තොටුපළයි. මත්තලට මුළු දවසටම එන්නේ එකම ගුවන් යානයයි. ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති මේ වගේ ආශ්චර්යමත් ගුවන් තොටුපළක්. දැන් කළයුතුව ඇත්තේ අඩුම තරමේ ගුවන් යානා නඩත්තුවටවත් මෙම ස්ථානය යොදාගත හැකිදැයි සොයාබැලීමයි. නිසි සක්‍යතා වාර්තාවක් නොමැතිව ආවට ගියාට, දේශපාලන අරමුණු මත ගත් අනුවණ තීන්දුවක ප්‍රතිඵලයක් තමයි මත්තල. (නි)
නුවන්,රිතික්,යහපාල සහ බන්දුල පෙරේරාට ජයවේවා....! එකම කෙනා.අපි නම් අහුවෙයි.ඕනෑ නම් තව නම් දෙන්නම්. (නි)
අදහස් දාන කට්ටියගේ ඔලුවල තරම තේරෙනවා ඒවා දැක්කහම. රටකට අපමණ අගයක් තිබීමට නම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් දෙකක්වත් අනිවාර්යයෙන්ම තිබිය යුතුවේ. හදිසි අවස්ථාවකදී කලින් යානා ගොඩබෑවේ ඉන්දියාවේ ගුවන් තොටුපොළකට හෝ චෙන්නායි වලට. අපිට අමතකනේ කටුනායක කොටි ප්‍රහාරය වෙලාවේ යානා කොහාටද ගියේ කියලා. (නි)
සාක්කුවට වාසියක් බලාපොරොත්තු නොවෙන අය ඉතින් අඟහරු ලෝකෙන් ගෙනෙන්න වෙන්නේ (නි)
කට්ටිය කොලපාට මුට්ටි තවත් කට්ටියක් නිල් පාට මුට්ටි අල්ලනවා. නාගන්නේ එකම වර්ණයේ ඒවනේෙ, නාමු නාමු. සබන් අපෙන්. (ස)
බුදු මහත්තයෝ , මොකටද මේ පරණ අයම ආයෙත් ඇතුළට ගත්තේ? නැවතත් පරණ තැටියම නේද දාන්න යන්නේ?මේවා රටේ ජනතාවගේ සල්ලි. ඇමතිවරු ගෙදරින් ගෙනාවේ නැහැ (නි)
මෙහි මාසික ආදායම රුපියල් 16,000ක් බවත් රුපියල් බිලියන 27ක ණය ගෙවාදැමීමට නම් තව අවුරුදු 140,000ක් යන බවත් වෙනත් කැබිනට් අමාත්‍යවරයෙක් කියන පුවතක් මට අසන්නට ලැබුණා. (නි)
මේක හදන්න තිබුණේ පානම පොතුවිල් පැත්තට. ඒ පැතිවලට සංචාරක ආකර්ෂණය වැඩියි. (නි)
කෙනෙක් කියනවා "අපි සියලු දෙනාම එක්ව පිටරටවල කුලී වැඩට යමුකො. එලෙස ශ්‍රම වහලුන් වන විට අපේ රටට අපමණ අගයක් නොඅඩුව ලැබෙනු ඇත...." කියලා. මේ ළදරුවා ඉපදිලා තියෙන්නේ 2015 ජනවාරි 8න් පස්සේ වෙන්න ඇති. මේ වගේ අය වහලුන් හැටියටවත් වෙන රටවලට ගන්නේ නැහැ. (නි)
පහුගිය ආණ්ඩුව පටන් ගත්තු කිසිම දෙයක් මෙයාල නවත්වන්නේ නැහැ. ඒ වගේම අලුතින් දෙයක් පටන් ගන්න දෙයක් ඉතුරු කරලත් නැහැ. හැබැයි. කෙරෙන වැඩත් පරිපාලනයේ වරදින් අඩාල වෙන බව නම් පෙනෙනවා. (නදී)
දාන් සහ චන්ද්‍රා කියන කතාව හරි.(නදී)
සංවර්දනය අදට නොවේ හෙටට (නදී)
මේ අදහස් දාන ගොඩක් අය කාගෙහරි මතයක් හිතේ තියාගෙනයි ලියන්නෙ. දියුනුවෙන රටකට එක් ගුවන් තොටකට වඩා දෙකක් තිබීම උපාය මාර්ගිකව වැදගත්. මතක නැද්ද අපේ ගුවන් තොටුපලට කොටි ගහපු වෙලාවෙ මෙහේ ලෑන්ඩ් කරන්න නියමිතව පියාසර කරමින් තිබුන යානා ගොඩබැස්සුවෙ ඉන්දියාවෙ හා අසල්වාසී රටවල. එ්විතරක් ද ඒ අයට හෝටල් පහසුකම් දෙන්නත් වුනා. ස්වභාවික විපතකදී වුනත් තව එකක් දුරස්ත පලාතක තිබීම ඉතා වැදගත්. මත්තල ගුවන් තොටුපලකට හොඳනෑ කියන්න බෑ. ආර්තික වශයෙන් වෙනත් දේකට යොදවන්න බැරි ඉඩම් තමයි මේ වගේ දේකට යෙදවිය යුත්තේ. කරුල්ලන් එලවීමට ලෝකයේ බෙහෝ ගුවන්තොටවල වෙනමම අය ඉන්නවා. ලංකාව වගේ රටවල මේක ටිකක් වැඩිවෙන්න හැකියි. සිල්ලර කඩයක්වත් දාපු ගමන් ලාබ ලබන්නේ නෑ. ආරම්භකයා මත තීරන නොගෙන එතැන් සිට ඉදිරියට දියුනු කිරීමයි නව පාලකයින්ගෙන් ජනතාවට විය යුත්තේ. එවිටයි ජනතාව දිනන්නෙ. (ස)
මත්තල වැහුවත් නැතත් වැඩක් නෑ.එහි කිසිම ප්‍රයෝජනයක් නෑ.(හේ)
සමහරක් මේකේ කොමෙන්ට්ස් දානවා කිසි වැදගැම්මකට නැති විදියට. මත්තල කව්ද හැදුවේ, මොකටද හැදුවේ කියන එක නෙමෙයි, ලෝකයේ බොහෝ රටවල දැන් දැන් මේ වගේ සංවර්දන ව්‍යාපෘති ජන ශුන්‍ය ගස් කෝලන් නැති, සතා සිවුපාවා නැති තැන් වල තමයි ආරම්භ කරන්නේ. එ්කට හේතු පාරිසරික විනාශයන් අවම වෙනවා වගේම, තදබදය ඇතුළු බොහෝ කාරණා ඇතුලත්. (නදී)
අපිට එක ගුවන් තොටුපොලයි ප්‍රසිද්දියට තියෙන්නේ.එකවත් නවීකරණය කරලා ගන්නවානම් ලොකු දෙයක් දැන් තියෙන පැරණි ගොඩනැගිලි ඉවත් කරලා.(හේ)
මත්තල කියන මේ ජන ශුන්‍ය පාලු වන සතුන් හා පක්ෂීන් බහුලව ගැවසෙන මේ ප්‍රදේශයේ ගුවන් තොටුපළකට වඩා සුදුසු වන්නේ, අභය භුමියකටයි. කටුනායක ගුවන් තොටුපොළ හදල තියෙන්නේ ජනතාවගේ ප්‍රයෝජනයට එ්ත් මත්තල හදල තියෙන්නේ, එයාලගේ සාක්කුවේ ප්‍රයෝජනයට.(බ)
කුරිරු ත්‍රස්තයන්ගෙන් මව්බිම මුදාගත් යුද විජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ රජය ආරම්භ කරන ලද හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, කොළඹ වරාය නගරය,අධිවේගී මාර්ග, මහා මාර්ග, සුවිසල් වාරි ජලාශ,මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර පාසැල් ගොඩනැගිලි, ඇවන්ගාඩ් ආරක්ෂක සේවය, දිවිනැගුම වැනි දිළිදු පුද්ගල ආර්ථිකය සවිමත් කරන ආර්ථික උපක්‍රමික වැඩසටහන් අපේ රටට හොඳම නැහැ. රටට අහිතකර ඔය සියලු දේ නවතා දමා අපි සියලු දෙනාම එක්ව පිටරටවල කුලි වැඩට යමුකො. එලෙස ශ්‍රම වහලුන් වන විට අපේ රටට අපමණ අගයක් නොවඩුව ලැබෙනු ඇත. අනේ මෙහෙම අවනඩුවක් මිනිසුනි ලැබේද ලක්මවට සැනසීමක්? (බ)
ඔය මත්තල "නාමපුවරු" ගුවන් තොටුපල වහන්න එපා. ඕක හදන්න අපි ශ්‍රී ලංකාවාසීන් හැටියට රුපියල් කෝටි කීයක් පුජා කරලා තියෙනවද? ඒවායින් කෝටි කීයක් මේ වැඩේටත්, කීයක් සාක්කු වලට ගියාද කියලාත් දන්නේ උඩ වැඩ සිටින දෙවියෝ විතරයි. ඒ නිසා දෙවියන්ගේ නාමෙන් ඔය මත්තල සුදු අලියා නම් වහන්න එපා. ඒ වෙනුවට, දැනට දියුණු වෙමින් පවතින රුහුණු පළාතේ සංචාරක කර්මාන්තයට අවශ්‍ය සංචාරක හෝටල් ඉදිකිරිම නවතා, මෙම "හුලන් තොටුපල" අතිවිශාල සංචාරක හෝටලයක් හැටියට අපේ ගෘහ නිර්මනශිල්පින් ලවා වෙනස්කරවාගෙන, පළාතටත්, රටටත් ප්‍රයෝජනවත් වැඩකට යොදා ගන්නා මෙන් හිතා බැලුවොත් නරකද, ගුවන්සේවා භාර ඇමතිතුමනි? (බ)
අනේ දෙවියනේ, මේ නිකරුනේ නාස්තිකළ මුදල් කන්දරාවෙන් සුළු කොටසක් වියදම් කරලා බස් නැවතුම් පොළවල් ටිකක් තැනුවා නම්, දුප්පත් ජනතාවට නොතෙමීවත් ඉන්න තිබුනා. සමහරවිට එහෙම කළා නම්, කොමිස් කුට්ටි වල ප්‍රමාණය බර අඩු ඇති. (නි)
බලනකොට කවුරු කවුරුත් කරන්නෙ ඒ වගේ වැඩමනේ! (නි)
සිංහලේ අන්තිම රජුගේ ව්‍යාපෘති දෙක ගැන හිතන කොට හිනා යනවා. මැස්සෝ ඇහිරෙන එයාගේ පෝට් එකයි, රටින් කොටසක් මුහුදට බිලි දීලා හදපු වරායයි. එක අතකට බැලුවම ඉතිහාස ගතවෙන වැඩක් තමයි කරලා තියෙන්නේ.(නදී)
හම්බන්තොට වරාය හොඳ සංකල්පයක්. හැබැයි මත්තල ගුවන් තොටුපොළ මහජනතා සල්ලි කාබාසිනියා කරන එකක්. රටට දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අවශ්‍ය නම් අනුරාධපුර ගුවන් තොටුපොළ සංවර්ධනය කරන්න තිබුනා.එයින් රටේ උතුරු නැගෙනහිර වගේම මධ්‍යම පළාත් වල අයටත් විදේශිකයන්ටත් වඩාත් පහසුවෙනවා. මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමෙන් පරිසරයට වෙන විශාල හානිය තුට්ටු දෙකකටවත් මායිම් කරලා නැහැ. ඒකේ ඍජු ප්‍රතිඵලයක් විදිහට බොහෝ විදේශ ගුවන් යානා කුරුල්ලන්ගෙන් විය හැකි අවදානම නිසා මත්තලට එන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ලංකාවේ ඉන්න සමහරු ඔය කිසිවක් දන්නේ නැහැ. (නි)
අපේ රටට මත්තලට පෙරාතුව හදිසියකදී භාවිතයට විකල්ප ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් නොතිබුණු හෙයින් විකල්ප ගුවන්තොටක් වෙනුවෙන් වාර්ෂිකව ඉන්දියාවට ලොකු මුදලක් ගෙවීමට සිදුවුණු බවත් මත්තල ගුවන් තොටුපොළ නිසා ඒ මුදල අපට ඉතිරිවන බවත් නොදනිත්ද? නැතහොත් දැනගෙනත් නොදන්නා සේ සිටිත්ද ? (නි)
නුවන් අයියා, මත්තල ගුවන්තොට අපේ රටට වැදගත් වෙන හැටි ලස්සනට විස්තර කෙරුවට මගෙන් මල් මිටක්. (නි)
නේද අජිත්,කුරිරු ත්‍රස්තයන්ගෙන් මව්බිම මුදාගත්තා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වගේ ගුවන්යානා නෞකා දහස් ගණන් එන ස්ථාන හැදුවා.නාවික හමුදාවට විදේශ විනිමය එන ආයතන වෙනුවට ඇවන්ගාඩ් ආරක්ෂක සේවය හැදුවා. හැමවිටම පරිසර වාර්තාවලට අනුව කොළඹ වරාය නගර, උමා ඔය වගේ වැඩසටහන් අපේ රටට උරුමකර දුන්නා. දිවිනැගුම වගේ ව්‍යාපෘති වියදම අඩුකළා.... (නි)
දුප්පත් ජනතාවගේ මුදල් කාබාසිනියා කරලා තියන හැටි තමයි මේ? රටේ ජනතාවට විතරක් නෙමේ කැලේ ඉන්න සිව්පාවන්ටත් කොඩි විනයක් මේක.(නදී)
මත්තල ඇත්තටම වැදගත් වෙන්නේ අදට නොවේ ඉදිරි අනාගතයට. එදා රත්මලාන ගුවන්තොටුපල ඉඩ මදි නිසා තමයි කටුනායක හැදුවේ. මත්තල දෙවෙනි විශාල තොටුපල අවශ්‍ය වෙන්නේ ඉදිරි කාලේදී. ජාත්‍යන්තර ගුවන් හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන්. (නදී)
චීනයේ සහාය ඇතුව මෙය ගුවන් හමුදා පුහුණු කඳවුරක් කළොත් හොඳ නැද්ද? (නි)
අජිත් කළුආරච්චි, හොඳ වැදගත් මෝඩ අදහස් ටිකක් කියලා.ඔයා යන්න මැදමුලනටම. (නි)