හිතුමතේට දකුණේ ගුවන් තොටුපළක් හදා මොනරුන් සිය ගණනක් මරා දමා ඇතැම් මහා පරිමාණයේ යෝජනා ක්‍රමවලින් රටට ජනතාවට ලොකු හානියක් සිද්ධ වුණා. පරිසරය නැසුණා. කැලෑව නැතිවුණා. ඒ කළ අය කවුදැයි මා නම් කියන්නේ නෑ. ඔවුන්ගේ සිත් රිදෙන නිසා. මෛත්‍රිපාල සිරිසේන ජනපති මැදිරිගිරිය වටදාගේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.
‘ව්‍යාපාරිකයන් ජාවාරම්කරුවන් හා වැරදිකරන දේශපාලනඥයන් සමග මගේ ඇයි හොඳයියක් නෑ. මා කැමති වැරදි නොකරන අය සමග ගනුදෙනු කරන්නයි. යූඇන්පී ශ්‍රී ලංකා භේදයක් මට නෑ. කිසිම දේශපාලන බේදයක් නෑ. මා කාගෙත් ජනපති. වැරදි කරන අයට ආශිර්වාද කරන්නේ නෑ. ආශිර්වාද කරන්නේ හොඳ වැඩ කරන අයටයි. පරිසරය වනසන්න සිදුකළ මහා පරිමාණ ව්‍යාපෘති මොනවාදැයි මා නම් කරන්නේ නෑ. ඒවා කළ අයගේ හිත් රිදෙන නිසා. ඔවුන් ඒ වැඩ කළේ පරිසරවේදීන්ගේ විද්‍යාඥයන්ගේ උපදෙස් හා අවවාද නොතකමිනි. එවැනි ව්‍යාපෘති වෙනස් කිරීමට හරි අමාරුයි. ඒක ලොකු ප්‍රශ්නයක්. මෑතදී යාපනයට යද්දී විල්පත්තුවට කර ඇති මහා විනාශය මම දැක්කා. ගිය රජයේ වැරදි තීරණයක් අනුවයි එය සිදුවී ඇත්තේ.‘












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා බබා ,ඕවා කලින් දන්නේ නැද්ද (කේ)
ඉතින් ඒ දවස් වල කිවුවේ නැහැ නේද? (නි)
ඔබතුමා පහුගිය රජයේ ඇමති කෙනෙක් වෙලා හිටියා නේද? (නි)
සංවර්ධනය කරනකොට පරිසරය විනාශ වෙනවා තමයි. නිකම්ම හිටියහම පරිසරය නිකම්ම ආරක්ෂා වේවිද? (නි)
අලි සෝක් විහිළුව (නදී)
අර බදුර්දීන් අච්චර විනාසයක් කලේ විල්පත්තුවට. ඒවා රටේ මිනිස්සු දන්නවා. (නදී)
මොණරා, රුහුණු පළාතට අධිපති කතරගම සුරිඳුගේ වාහනය ලෙස සැලකෙනවා. යදිමින් දේවාල ගානේ ඇවිදපු, හිටපු ජනාධිපති සන්ධානය හෙවත් සහෝදර සමාගම, මත්තල ගුවන්තොට හදන්න මොනරුන් සිය ගණනක් මරපු එක සාධාරණද ? (නදී)
මොනර කියන්නේ විෂ්ණු දෙවියන්ගේ වාහනය එවන් සතෙක් විනාශ කල අයගේ පවුල් පිටින් වැනසෙනවා. එය ඇස් පනාපිටම පෙන්නුම් කර තිබෙනවා (නදී)
ඔය ගුවන් තොටුපළ හදන්න වීරවිල පැත්තේ මුල් ගලක් තිබ්බා නේද? (නි)
ඒක තමා බලන්නකෝ, ගිය ආණ්ඩුවේ අය කරලා තියෙන දේවල්....? (නි)
කියවනවා විතරයි වැඩ නෑ නේ. ඔබතුමා දැන් ජනාධිපතිනේ දැන් වත් මේවා නවත්තන්නකෝ ඉතින්(නදී)
අනේ තාමත් අනිත් අයගේ වැරදි කියා කියා ඉන්නවා. ඔයාගේ ධුර කාලය අවසන් වෙනකොට අපි හාමතේ මැරිලා යාවි. (නදී)
විල්පත්තු විනාශය නවත්වන්න කිසි අමාරුවක් නැහැ. ඒ මිනිසුන්ව ඔවුන්ගේ පාරම්පරික ඉඩම් වෙත යවලා යළි කැලේ වැවෙන්න ඉඩදෙන්න. ගිය ආණ්ඩුවේ ඔබ කැබිනට් ඇමතිවරයෙක්. ඕවට විරුද්ධව වචනයක්වත් කියනවා අපිට ඇහිලා නැහැ. එදා එළියට බැහැලා ඒවාට විරුද්ධ වුණා නම් කොච්චර හොඳද? (නි)
ඒකනේ ජනපතිතුමනි ඒ මිනිසුන්ට ස්වභාව ධර්මයේම ශාපය වැදුනේ! (නි)
එතකොට ජනාදිපතිතුමනි අර රාජිත ඇමති තුමා සාධාරණීය කරන විල්පත්තු වන විනාශය අර බදුර්දීන් කියන ඇමති කරන වැඩ අනුමතයි ද? එතකොට ඔබතුමා එයාලව අතරිනවද? නැත්නම් ඒ අය කරන්නේ හරි දේද? (ම)
දැන් ඒ වැරදි නිවැරදි කරගන්න බැරිද? (නි)