එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුවහොත් මත්තල ගුවන්තොට කටු ගෙයක් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
මත්තලට ගුවන් යානා ගොඩබෑමට හා නැංවිමට පෙර රතිඤ්ඤා මල්වෙඩි පත්තු කර කුරුල්ලන් එලවීමට සිදුව ඇතැයි ඔහු කීවේය.
‘මත්තල අවට සියලු දිය කඩිති වසා දැමීමට යන බව කියනවා. මහජනතාවට පමණක් නොව සතුන්ටත් වන්දි ගෙවීමට සිදුවී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිති ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා ගුවන්තොට හදා තිබෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිකොත නම් දැනටමත් ඒ වගේ. (නදී)
මොනවා කරන්නත් පෙර ආණ්ඩුවක් එන්න ඕනනේ.(නදී)
එහෙනම් ඉතින් කාලාන්තරයක් බලාගෙන ඉන්න. කටෙන් බතල හිටව හිටව ඉන්න ආවට පස්සේ මෙයාල කරන්නෙත් මාටියා ගහන එක තමා. මේ සුරංගනා කතා කොන්ඩෙ බෙඳපු චීනුන්ට කියන්න.(නදී)
කටු ගෙයක් කලාට කමක් නෑ හයිය තරප්පු පෙලක් දාන්න අපේ ලමයි බිම දාන්නෙ නෑතුව.(නදී)
මේ කතාව නම් ඇත්ත.(නදී)
කිව්වොත් කියන්නෙම මෙහෙම කතාවක් තමයි.(නදී)
තිස්ස මහත්තයා හින්දා තමයි හැමදාමත් මැච් එක පැරදුනේ. 2050 දි වත් කප් එක උස්සනවා බොරු.(නදී)
ඇතත්ටම මත්තල ගුවන් තොටුපොල හොද කටු ගෙයකටම තමයි. එක ගුවන්යානයක් වත් එන්නේ නැති ගුවන් තොටුපොළවල් නඩත්තු කරන එකම රට ලංකාවයි.(නදී)
මහ ජනතාව වෙනුවෙන් මෙයාලට කතා කරන්න දෙයක් නැහැ. සමගියෙන් ඉන්න බැරිව රටක් හදන්නේ කොහොමද?(නදී)
මම නම් නිකන් ටිකට් එකක් දුන්නත් මත්තලින් නම් එන්නේ නැහැ. මගේ තවම ඉන්නේ කුඩා දරුවන් දෙන්නෙක්. පනට ආදරේ කරන මෙලෝ සතෙක් මත්තලින්න්නම් එන්නේ නැහැ. ඒක ඉර හද වගේ විශ්වාසයි.(නදී)
කිව්වොත් ගොන් කතාවක්.(නදී)
ඉස්සර වෙලාම මඩ කල්ලියට කතාව හදල බාරදෙනවා,ඒවා පත්තර,වෙබ් සයිටි වල යන්න ඇරලා,මේගොල්ලෝ කතා කරන්න ගන්නවා. මිනිස්සු මෝඩ නැති බව ඊලග ඡන්දෙදිත් බලා ගන්න පුළුවන්. (අ)
ඒ කියන්නෙ මත්තල ගුවන් තොටුපොල සදාකාලිකයි කියන එක තමයි. (අ)
නන්දසිරි හරි. (අ)
අපේ රටට ගහල තියන ලොකුම හේනේ ඕක තමා. කලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මරුවෙන්නහනේ නැහැනේ.ඒවගේ තමා ලංකාවේ ආණ්ඩුත්.කෝකත් එකඊ. (අ)
ප්‍රේමදාස මහතා කෙත්තාරාම දිවා රාත්‍රි ක්‍රීඩාංගනය හදන කොටත් කීවේ ඔය වගේ පිස්සු කතා ! මත්තල ගුවන් තොටුපලේ වටිනාකම අපේ ඒ අයට තේරුම් ගන්න ,ගන්නවන්ට ටිකක් කල් ගතවේවි පෙරහෙරත් හමාර වෙයි. (අ)
පළමුවෙන් ආණ්ඩුවක් හදන්න (අ)
මහත්තයෝ අදහස නම් හොදයි,ඉතින් එහෙම කොරාලා ඔයලා කටුගේ තිබ්බහම,පරම්පරා ගානක් ගියත් බය නැතිව කට ඇරල කියන්න පුළුවන් පුරාණයේ එක්සත් ජාතික පක්ෂයක් කියල එහෙකුත් තිබුණා කියල. (අ)
කිව්වොත් මේ වගේ කතාවක් තමයි තියෙන සංවර්ධනය යත් නැති කරල දාන්නද හදන්නේ (අ)
කුරුල්ලන්ගේ ප්‍රශ්න එන ලෝකේ ඇති එකම ගුවතොටුපල මේක නෙමිනේ. (අ)
කටු ගෙයක් කරන එක කොහොම වෙතත් කීයක් හරි හොයාගන්න බලයි (අ)
කවද්ද බලයට එන්නේ (අ)
කටුණායක කලපු වට නුදුරින් පිහිටල තියෙන්නෙ කාක්කන් රෑන් පිටින් ඉන්නෙ ඵහෙනම් මෙයාල කටුණායකත් කටු ගෙයක් කරයි අලිමෙකඩට පාමෙකඩ කියපු මාමලාමනෙ රටෙ බලය ඉල්ලන්නෙ මං අහන්නේ (අ)
එක්සත් ජාතික පක්ෂයට හැමදාමත් මේ වගේ කතා කියන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ කතා උඩ පැන පැන පිළිගන්න මිනිස්සුත් මේ රටේ ඉන්න හින්දයි (අ)
කටු ගෙය සැබෑ සිහිනයක් වේවා (අ)
හරි හරි ඉතින් පළමුවෙන් බලයට එන්නකෝ....එතකොට බලමු. (අ)
මෙය තැනුවේ පාසල් ළමයින්ට නැරබීමට පමණද? (අ)
නියමයි. එතකොට පරදින අලිත් ඒ කටු ගෙයිම දානවද? (අ)
ඔය කටුගේ හදනකොටනම් අපි ඉන්න එකක් නැහැ (අ)
ඔය බලය ලාබාගන්න බැරුව මරු විකාරේන් කියනකථා, මතු අත්මයකවත් එක්සත් ජාතික පක්ෂය බලයට එන්න එපා. (ස)
වරායයි ගුවන්තොටුපොළයි දෙකම කටුගෙට ගන්න තමයි වෙනනේ (ස)
කටුගෙයක් කොහොමවෙතත් , කටු නම් මතුවෙන්නේ ඔය මාතලේ පැත්තෙන්, නේද තිස්ස මහත්තයෝ. එහෙම වෙනකොට හීනෙන් පවා පෙනෙන්නේ කටුම තමයි. (ස)
මේක ඡන්ද කඩන්න කියන කතාවක් (ස)
කටුනායක මෙනතරම් කුරුල්ලෝ ඉන්නවද. එකත් කටුගෙයක් කරනවද? (ස)
සිහිනයට ඉඩ දෙන්න (ස)
ඒයා හොඳා අප්‍රියල් පළවෙනිදා බොරු කියන්න.(නදී)
තිස්ස අත්තනායක මහත්තයෝ ලෝකේ තියෙන ගුවන් තොටුපළවල් ගැන අධ්‍යනයක යෙදෙන්න .පසුව ඔබට වටහාගත හැකිවේවි ගුවන් තොටුපළවල් වල භූලක්ෂණ.(නදී)
මහත්තයෝ, වරායට මොනවාද කරන්නේ? (නි)
කොහොමත් මෙයාලගේ ආණ්ඩුවක් එනකොට මත්තල කටු ගෙයක් කරන්න කාලේ හරි වෙයි.(නදී)
මේ වගේ බොළ‍්ද කතා නිසා තමයි අද එජාපය නැත්තටම නැතිවෙලා තියෙන්නේ. ඔබ තුමන්ලා ජනතාවටත් ආදර්ශයක් වෙනවා. ඉන්පස්සේ ජනතාව ඡන්දය දෙයි.(නදී)
හදපු කටු ගෙවල් මදිද මන්දා? (නි)
සිරිකොතත් නිකම්ම කටුගෙයක් වෙනවා මේ වගේ නායකයෝ හින්ද
කෙනත් කියන එක සම්පුර්ණ ඇත්ත. පුදුම බලයක් මෙයාලට තියෙන්නේ. (නි)
අපි නොකා හිටියත් රටට ආදරේ කරන මිනිස්සුන්ව අපිට රටක් වටිනවා. (නි)
නියම සිංහලුන් ඉන්නකල් මේ අයට කවදාවත් මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න වෙන්නේ නැහැ. (නි)
කටුගෙට යවන්න ඕනෑඋ කාවද කියලා අපි දන්නවා. (නි)
ඔය විදියටම අධිවේගී මාර්ගයේ බල්ලෝ මැරෙනවා කිවුවානේ. දැන් කෝ බල්ලෝ මැරෙනවාද? කාලයත් එක්ක කුරුල්ලෝ මගඅරිනවා. (නි)
ඔහොම යමු කවදද දිනන්නේ කියලා බලාගෙන ඉදිමු. (නි)
එයාර් පෝර්ට් එක හදන්න කලින් දන්නෙ නැද්ද? (නි)
මෙහෙමත් කතා? (නි)
ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීම රටක සංවර්ධනයක්, ප්‍රගතියක් කියා පිළිගන්න බැරි ඇයි? අලුත් ගුවන් තොටුපොළකට දැනට ගුවන් යානා ඒම පිළිගත හැකියි. එය ක්‍රමයෙන් වෙනස් වේවි. (නි)
කුරුල්ලන් නම් ඉන්නවා ඇති. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. (නි)
ඒ අයටත් ඒ කටු ගේම ඉන්න පුළුවන්. (නි)
අමුතුවෙන් කරන්න දෙයක් නෑ ඕක දැනටම කටු ගෙයක්. (නදී)
මේවා රටේ ජනතාවගේ සල්ලි. මත්තල හැදුව එකේ වැරදි තියෙනව නමි එව්වා නිවරදි කරන්නයි ජනතාව රජයක් පත් කරන්නේ. එහෙම නැතුව ඒවා විනාශ කරන්න නෙමෙයි.(ස)
කටුගේ හදන්නේ කොයි කාලේ ඇට කටු වලින්ද? (නි)
අනේ ඇත්තට ... මේ ගොල්ලනේ ජනතාවට සේවය කරන්න එනවා කියලා කෑ ගහන්නේ. (නි)
පරණ අලි ටික කොළඹ කටුගෙට යවලා අලුත් අලින්ට බාරදෙන්න (නි)
තිස්ස මහත්තයෝ, රටේ මිල ගණන් ඉහළ ගියාට අද ලංකාවේ තත්වය අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. කොයි ආණ්ඩුව ආවත් වෙන්නේ මේ මිළ දර්ශකේම බලන්නයි. නමුත් තව අවුරුදු ගානකට ඔය කියන කටුගේ හදන්න ඔබතුමාලට නම් ලැබෙන්නේ නැහැ. ස්වීට් ඩ්‍රීම්ස්! (නි)
රතින්ඥා කම්මලක් දැම්ම නම් කතාව හරි. කට්ටියට රැකියා තියෙනවා, චන්දෙත් හම්බවෙනවා, කුරුල්ලොත් එලවන්න පුළුවන්. දේශිය නිෂ්පදයක්නේ. අනේ මෙහෙමත් රටක්.(නදී)
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.(නදී)
නරියා මිදී ඇඹුලයි කිවුවා වගෙද? (නි)
මෙයා නම් කීවොත් කියන්නේ මේ වගේ කතාවක්ම තමියි. (නදී)
ප්‍රතිපත්තියක් නැති දේසපාලන පක්ෂ තමයි ලංකාවේ තියෙන්නේ. බලයට එන්න කලින්ම කියන්නේ වහනවා විකුනනවා කියලයි. (නදී)
මේ වගේ විදිහට හිතන අය දැන් අඩුයි. (නි)
මොකුත් නොදන්න මිනිසුන්ගේ ඡන්ද ගන්න පදනම් රහිත මෝඞ කථා. කුරුල්ලන් නැති රටක් කොහෙද තියෙන්නේ. පැරිස් ගුවන් තොටුපල අවට මොනතරම් කුරුල්ලන් ඉන්නවාද, ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අගය නොකර මඩගහන දේශපාලුවන්ට භංගවේවා! (නදී)
ඔය තිලක් වගෙ වාචාල කථා කියන අය තමයි අන්තිමෙට මත්තල යන්නෙත්. තිස්ස මහත්තයට තව දෙපාරකට වඩා තව ඡන්දෙ ඉල්ලන්න ලැබෙන්නෙ නැහැ. ඵයාලට වෙනම කටු ගෙයක් මහින්ද මහත්තය හදනවා. යාපනයෙ උප වාසයක්වත් කරල ඉන්න බැරියැ.(නදී)
සිහියෙන් කටයුතු නොකල හොත් මත්තල ගුවන් තොටුපොල පමණක් නොව මුලු රටම කටුගෙයක් වේවි .නැත්නම් කාන්තාරයක් වේවි.(නදී)
මේ මහත්තයා හරියට දේවදත්ත වගේ.(නදී)
දැන් කුරුල්ලෝ ඉන්න නිසා කටුගෙයක් කරනවා. එතකොට හරක් ඉන්න තැන් වලට කරන්නේ මොකක්ද? (නි)
මත්තල ගුනදාස මුදලිගේ ගැන ඔබ දන්නවාද? (නදී)
මත්තල ගැන ඔබ දන්නවද?(නදී)
අවුරුදු 17 ක් රට කළා. කටු ගෙයක් තියා එක මැටි ගෙයක්වත් හැදුවැයැ? (නි)
මෙහෙම කිව්වම මිනිස්සු චන්දෙ දෙයිද? මේවා කුහක දේශපාලන කථා. අපි බලය ලැබුනොත් ගුවන් තොටුපළවල් දෙකම මීට වඩා දියුනුකරනවා කියන දෙයයි අපිට අහන්න අවශ්‍යය. (නදී)
මත්තල අයටයි, දරුවන්ටයි මෙහෙම දේවල් ලැබුණට හරියට පාරක් තොටක් නැති ගම්මාන තාමත් තියෙනවා අපේ රටේ. (නි)
යු එන පී එක හිතන්නේ ලංකාවේ තවමත් ඉන්නේ 1950 ගණන් වල මිනිස්සු කියලා වෙන්න ඇති. (නි)
එජාපය බලයේ හිටියා නම් අද මත්තල විතරක් නෙවෙයි මුළු රටම කටු ගෙයක්. ඔබතුමාලා කට ඇරියොත් ඔහොම කතාවක් තමයි කියන්නේ. මම මෙහෙම කිව්වට වර්තමාන ආණ්ඩුව කරන හැම දෙයක්ම හරියි කියල කියන්නෙත් නැහැ. අපේ රටට අද අවශ්‍ය රටට ආදරේ කරන සහ රටේ වටිනාකම දන්නා සහ තේරුම් ගත්තු පාලකයන්. (නි)
මත්තල ගුවන් තොටුපල මටත් ප්‍රහේලිකාවක් තමයි, එත් ඇයි කටුගෙයක්? අලි අනාථාගාරයක් නම් හිතන්නවත් පුළුවන් වටපිටාවේ අලි ඉන්න නිසා. අඩුම තරමේ පක්ෂයේ සාමාජිකත්වයත් වැඩි කරගන්න බැරියා.(නදී)
ඇත්තට මාතලේ කටු ගොඩට මොකද වෙන්නේ ?(නදී)
යු අන් පි එකේ අය කියන්නෙම ඔය වගේ කතාමයි... (නි)
තිස්ස අත්තනායක කවුද වගේනේ...
කටුනායකට එන ගුවන්යානා මත්තලට බස්සනකොට නොහොමද මත්තල ඉඳන් ආයේ කොළඹ එන එක?(නදී)
හැමදාමත් දේශපාලකයෝ කලේ කිසිම වගකීමක් නැති කතා. (නදී)
අපිට මේ ඉන්න විදිය හොඳයි. අපිට කටු ගේ එපා. අපිට අපේ රට ඕනෑ (නි)
ඇත්තටම ඔයාලට රටේ වෙන දැවෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද? (නි)
දැන් අහවල් තැන ඉන්න අයත් කටුගෙයි භාණ්ඩ වගේ වෙලා. (නි)
චින්තක, කටුනායක ඉන්නේ පෙම් කුරුල්ලෝ. (නි)
ඔව් ඔව් අපිට හොදට මතකේ තියනවා ඒ කාලේ කටුගෙයක් දාලා තිබුණා. (නි)
ගිංතොට තුනී ලෑලි සංස්ථාවටත් කරපුදේම මත්තලටත් කරාවි.(නදී)
කටු ගෙයක් කොහොම වෙතත්මෙහෙම හිතුවොත් නම් රටම මළ ගෙයක් වෙනවා ළගදීම. (නි)
බදුල්ලේ වරායක් හදනවා කිව්වේ මෙයාගේ ලොක්කා. (ස)
කොහොමටත් ඒ අය කලේ කටුගෙවල්, හිරගෙවල්, මලගෙවල් මුළු රටේම ඇති කළ එකනේ. (නදී)
රුපවාහිනියේ වෙළඳ දැන්වීම දැකපු අපේ පොඩි එක කියනවා එයාවත් මත්තල එක්කන් යන්නලු ඒ අයියල අක්කල එක්ක සෙල්ලම් කරන්න. පොඩිඑකා හිතාගෙන ඉන්නේ එහෙ තියෙන්නේ සෙල්ලම් ගුවන් තොටුපලක් කියල, අහන විදියට එහෙම හිතන එකෙත් ඇති වරදක් නැහැ වගේ.(නදී)
කොළඹ ඉන්න මිනිස්සු කැමති නැහැ වෙන පළාතක් දියුණු වෙනවට. කටුනායකටත් ඉස්සර ඔහොම ප්‍රශ්න තියෙන්න ඇති. ඒත් කාලයත් සමගම ඕවා විසඳෙනවා. (නි)
මේ ගොල්ලෝ ඉතින් හැමදාම මෙහෙමනේ. (නි)
එහෙනම් ඉතින් 2099 විතර (ස)
ජනතාවගේ බුද්ධිමත් ඉහත අදහස් විමසා බැලීමේදී කරුණාකර මින් ඉදිරියට මෙවන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටීම හොදයැයි සිතේ. (නි)
සමහරුන්ට රටක් දියුණු වෙනවා බලාගෙන ඉන්න අමාරුයි. (නි)
මේ වගේ පරිණත දේශපාලඥයෝ මේ රටට අවශ්‍යයි. (නි)
රටේ කොච්චර අඩුපාඩු තියෙනවද? රටට, මිනිස්සුන්ට ආදරේ නැති පාලකයෝ ඉන්නකොට ඔහොම තමයි. (නි)
කටුනායක හදනකොටත් සමහරු ඔහොම කිවුවා... (නි)
බුද්දිමත් කෙනෙක් නම් කියන්න ඕනේ ඒ අයට බැරි උන දේ කොහොම හරි ගොඩ අරගෙන පාඩු නොවන තැනක් බවට පත් කරනවා කියල. (නදී)
මේ සුධන්ත,රාජු, නිකන් පන්දමට බොරු කියන්න එපා. (නි)
අනේ මහත්තයෝ, අහවලාගේ ලෙඩේ ඔබතුමාටත් බෝවෙලාද? (නි)
මෙතුමාට වෛරස් එකක්වත් ඇතුළු වෙලාවද්ද? (නි)
ඔයාලා වගේ අසුබ වාදී අය රට පාලනයට අවොත් රට ඉවර වෙයි.(නදී)
රටක ජනතාවගේ අනාගතය වෙනුවෙන් කරපු හොඳ ක්‍රියාවක් අගය කරන්න බැරි, ඒක දරාගන්න බැරි මේ වගේ විපක්ෂයකින්ද අනාගතයේදී රටට යහපතක් කරන්නේ? (නදී)
රටක් සංවර්ධනය වීමට මහා මාර්ග, ගුවන් තොටුපලවල්, වරායවල් , රෝහල්, කර්මාන්ත ශාලා වල සංවර්ධනයක් අවශ්‍යයි. ඒත් ඒවා රටේ සැම දෙනාටම පාවිච්චි කරන්ට පුළුවන් තැනක හදනවා නම් තවත් හොඳයි. (නි)
හම්බන්තොට නිසැකවම එජාපය පරාදයි.(නදී)
එජාපය අවරුදු 17 තිබුණා. එක පාරක්වත් හැදුවද? අපි මැරිලා ඉපදිලා නැහැ.(නදී)
දේශපාලනය කුහකයි.(නදී)
කිවුවොත් කියන්නේ මේ වගේ කතාවක්ම තමයි (නි)
මත්තල ගැන කතා කරන්න කලින් එයාලගේ කාලේට අයත් කතා කරන්න ඕනෑ දේවල් ගොඩක් තියෙනවා. (නි)
දකුණට කිරි අපිට කැකිරි... (නි)
රනිල් මහත්තයා ගුවන්තොටුපල හදන්න ගියේ වැල්ලවායේ නමුත් පැරදුන නිසා බැරිඋනා. මහින්ද මහත්තයා ඒක මත්තල හැදුවා. ගම වෙනස් උනාට ඓර්පොර්ට් එක වෙනස් උනේ නැහැ. (ත) \ .
එක්සත් ජාතික පක්ෂයට බන කියන ජනතාවගෙන් මම අහන්න කැමතියි ප්‍රේමදාස මහත්තය කරපු එක වැඩක් මේ රජයෙන් කරල තියෙනවද? (නදී)
කොළඹට විතරද කරන්න ඕනේ. කටුනායකටත් මුලින්ම එහෙම තමයි කිව්වේ.(නදී)
මුලින්ම කරන්න ඕනෑ දේවල් කරලා ඉන්පස්සේ මත්තල ගැන කතාකරන්න. (නි)
ඔහොම කතා කළොත් ලැබෙන්න තියෙන චන්ද ටිකත් එජාපෙ ට නැති වේවි. රටේ ප්‍රශ්න ගොඩක් තියෙන බව අමතකද? ඔබ තුමාලා ජනතාවට කරන්න පුලුවන්දේ කියනවා වෙනුවට ගොන් කතා කියල පක්ෂේ තියෙන ටිකත් විනාස කරන්න එපා.(නදී)
කිව්වොත් කියන්නේ ඔහොම කතාවක්මයි... (නි)
ලෝකයේ ඕනෙම ගුවන්තොටුපොළක කුරුල්ලෝ ඉන්නවා. ඒ නිසා ඒ හැම ගුවන්තොටුපොළකම එකකම සවි කරලා තියෙනවා බිර්ඩ් දිස්පොසල් සිස්ටම් එකක්.(නදී)
පුබුදු, ගින්තොට විතරක් නොවෙයි කොස්ගම එකත් වහල දැම්මේ නැත්නම් සිංහරාජයත් ඉවරවෙලා අවුරුදු 10 ක් වත් ගිහින්. (ස)
ඔබතුමාලා වගේ කිහිප දෙනෙකේ කරන අනුවන කතා නිසා මුළු එජාපෙම රටවැසියන්ගේ හැල්ලුවට ලක් වෙනවා. දැන්වත් මෝඩ කතා කියන එක නවත්තන්න (ස)
මහත්තයෝ, ඡන්දයක් ළං වුණහම ඔය කතාව කියන්නකෝ. (නි)
රස්නේ කාලෙනේ.... (නි)
මේ මහත්තුරු පෑවිල්ලට එක කතාවක් කියනවා. වැහිකාලෙට තව කතාවක් කියනවා. (නි)
අඑයෝ සල්ලි.. (ස)
නිකන් බොරුවට අරුත්සුන් කතා කියල ජනතාව හිනස්සනව, බඩු මිල ගණන් උනාට රටේ දියුණුව බලන්න. (ස)
ඔබ තුමාලා වගේ අය පත් උනොත් මත්තල විතරක් නෙවෙයි ලංකාවම කටුගෙයක් කරාවි.(ස)
මහින්ද මහත්ය මේක හැදුවේ අපිට නොව අපේ ඉදිරි පරම්පරා වලට.(ස)
සහෝදරවරුනේ දැන් ගුවන් යානා බස්සනවාද කියා බලන්න.(නදී)
මේ වගේ විපක්ෂයක් තියෙනකල් කවදාවත් රට ගොඩ යන්නෙ නැහැ. අපි ආණ්ඩුවට කැමති නැහැ. ඒක ඇත්ත. ඒ කියලා හොද විපක්ෂකුත් ලංකාවේ නැහැ. අපිට ඇහෙන්න ඕනෑ අපි බලයට ආවොත් ඔයාලට වැඩිය රට සංවර්ධනය කරනවා කියන එක නැතුව තියන එකත් නැති කරනවා කියන එක නෙමෙයි... (නි)
අදහස් ටික බලපුවහම පිස්සු හැදෙනව කටු ගෙයක් ඇත්තටම අවශ්‍ය කාව දාන්නද කියල අදහස් ටික කියෙව්වාම තේරුම් ගත හැකිය. (ස)
මෙයාලට වෙන ප්‍රශ්න මොකුත් නෑ වගේ මේ දේවල් කතා කරන්නේ. ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳ ගන්නේ නැතුව.. (ස)
මේ ගොල්ලෝ හිතන්නේ ලංකාවේ තමයි මෝඩ මිනිස්සු ඉන්නේ කියලා. (නි)
මෙච්චර කල් නිදාෙගනද ඉඳල තියෙන්නේ ? (ස)
ඔක්කොටම පෙර සිරිකොට කටුගෙයක් කරන්න බලන්න. (ස)
මේක තමයි අපේ රටට උන අපරාදේ. මොකද එක ආණ්ඩුවක් කරන සංවර්ධන කටයුතු අනිත් ආණ්ඩුව ආවගමන් නවත්තනවා . කෝටි ගණන් සල්ලි විනාශ කරනවා. ඊට පස්සේ ඒ ආණ්ඩුව අලුත් දේවල් පටන්ගන්නවා. අර පරණ දේවල් ඒ විදිහටම විනාශ වෙනවා. මේ රටට ඕනෑ ජාතික ප්‍රතිපත්තියක්. නැතුව කවදාවත් මේ රට දියුණු කරන්න බැහැ. (නි)
මමත් හොද එ.ජා.ප. කෙනෙක්. නමුත් මේ වගේ මිනිස්සු නිසා පක්ෂය එපා වෙනවා . (ස)
හැබැයි සමීර,60,000 තරුණ තරුණියෝ කටුකම්බි ඇතුලට දාලා ටයර් සෑ වල දාපු හරිය නම් කරන්න හිට්ලර් කෙනෙකුට ඇර වෙන කෙනෙකුට බැහැ. (නි)
අනේ මහත්තයෝ, ඔක්කොටම කලින් පක්ෂේ හදාගෙන ඉන්න. (නි)
ආපෝ කට!!! (නි)
අමරණීය විරුද්ධ නායකට සහ සදා විපක්ෂ ලොකු තනතුරුවලට කටුගෙයි ඉඩ වෙන් වෙනවාද? (නි)
ඔව් ඔව් අලිමංකඩ කියල පාමංකඩනේ ගියේ අනේ ඉතින් මොකටද? (ස)
අර චීනට වෙච්ච වැඩේ මෙයාලට වෙන්න ඕනෑ, අම්මපා මම කියන්නේ... (නි)
ගුවන් ගමන් හිතු හැටියේ වෙනස්කරන්න පුළුවන් කමක් නැහැ. එවායේ කොන්ත්‍රාත් වෙනස්කරලා ගමන් මග අලුත් කරන්න කලක් යනවා, මෙක තීරෙන්නේ නැද්ද? (ස)
මහත්තයෝ, ඔහොම කතා කර්නන එපා. (නි)
කොහොමත් එක කට්ටියක් නම් සදාකල් මිහිදන් කරන්න ඕනෑ කටුගේක, අනාගත පරම්පරාවට පෙන්නන්න. (නි)
මට මේ දැන් මතක් වුණ නිසා අහන්නේ, එතකොට අර අපේ මහත්තය වැල්ලවායේ හදනවා කියපු ගුවන්තොටුපොළ ගැන මොකක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? (නි)
ඔයගොල්ලෝ ඇවිල්ල කටුගෙවල් හදනකම් මොනතරම් කාලයක් බලන් ඉන්නද ?(නදී)
ඔය විදියට කෑගහන්න එපා. (නි)
කාට කියන්නද මේවා? (නි)
අනේ දන්නේ නැති නිසායි අහන්නේ එතකොට අපේ ජනාධිපතිතුමාවත් තියෙනවාද (අ)
නිශ්ශබ්දව සිටින තාක් මෝඩයාද පණ්ඩිතයෙකි. මේවගේ ලේකම්ලා ඉන්න පක්ෂයකට දෙවියන්ගේම පිහිටයි.(නදී)
ඇස් සිල්වා .. හරිම හොද අදහස් ටික ජයවේවා ජනපතිට . (අ)
හැදෙනවානම් මේ අදහස් ටිකත් ඇති (අ)
බය වෙන්න දෙයක් නෑ .මත්තල කවදාවත් කටු ගෙයක් වෙන්නේ නෑ .(නදී)
කවුරු හැදුවත් මේ අපේ දේපොළ. ඒවා කටුගෙවල් කරන්න දෙන්න පුළුවන්ද? (නි)
මහත්තයෝ කුරුල්ලෙක් මැරුණට මොකද වෙන්නේ බිමින් යන වාහන දවසකට ජීවිත කීයක් විනාස කරනවද? (ස)
මම ලංකාවට නිවාඩුවට ආවහම පොල් මලක් ගහගෙන වට වන්දනාවේ යන ගමන් මත්තල පැත්තෙතත් යන්නයි හිතන් එන්නේ. මල් වෙඩි ගහල, රතින්ඥ පත්තු කරලා කෆීර් යානා යවල, මගුල් බෙර වාදනය මැද්දේ ගුවන්යානා නග්ගනවා, බස්සනවා බලන්න.(නදී)
මෙතන තියෙන ප්‍රතිචාර දැක්කම තේරෙනවා මොන තරම් ගල් මූසලයෝද ලංකාවේ ජීවත් වෙන්නේ කියලා. ප්‍රභාකරන් කලෙත් දමිල මිනිසුන්ගේ මොළ හෝදපු එකයි.(නදී) .
අනේ මෙහෙමත් පක්ෂයක්! (නි)
මහත්තයෝ, මත්තල ලොකුවට අලි අනාථාගාරකුත් හදනවාලු. (නි)
මහත්තයෝ, ඔය නැතිකරගන්නේ මොනවද කියලා දන්නවද? (නි)
මෙහෙම ගියොත් මත්තල කෙසේ වෙතත් ඔයාලගේ පක්ෂය කටු ගෙට දක්කන කාලේ නම් වැඩි අතක නෙමෙයි (නි)
මේක ඒකමතිකව තීන්දු කළේ. ඇයි දන්නේ නැද්ද? (නදී)
සමීර සාලින්ද, අද අපට විතරක් නෙමෙයි, පරම්පරා ගානකට උතුර දකුණ, බටහිර නැගෙනහිර මේ ඕනෑම තැනක යන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ රටට පෙර පිනකට දෙවියෙක් පහල වුණූ නිසයි. කොයි පක්ෂයක් ආවත් මිල දර්ශකේ මේකම තමයි. (නි)
විමුක්ති, තමුන්නාන්සේ තමයි මෙතන ඉන්න එකම අඥානයා හරිද? (නි)
එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුවහොත් මත්තල ගුවන්තොට තවත් දියුණු කරන බව කිව්වා නම් මමත් ඡන්දය දෙනවා. (නි)
අරයා කණ්ඩලම හෝටලේට කළා වගේද? (නි)
එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුවහොත් 1. මත්තල ගුවන්තොට කටු ගෙයක් කරනවා 2. හම්බන්තොට වරාය ගොඩකරනවා 3. අධිවේග මාර්ගය කුට්ටි කරලා ඉඩම් අයිතිකාරයන්ට ආපහු බෙදල දෙනවා... අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අනාගතේදී ඔබ පක්ෂයට හිමි වන්නේ කටු ගෙයක් පමණි. (නි)
මේ අත්තනායක මහතාැ අත්තන අට කල කියන එක ඇත්තක්. (අ)
යුද්ධ කරන්න ඕනෑ කෙනෙකුට පුළුවන් කියලත් කෙනෙක් කිවුවා නේද? (නි)
ඔබ සහ අපි සර්ව පිත්තල ලෝකයක සිට සිනාසෙමු. එතෙක් අඩමු.(නදී)
ඔහොම කතා කොච්චර ඒ කාලෙත් කිව්වද? එන්න තියන චන්ද ටිකත් නැතිවෙන තැනට වැඩකරනවද මන්දා.(නදී)