මීතොටමුල්ලේ කොළඹ නගර සභා කුණු කන්ද මීතේන් ගෑස් නිසා පිපිරී මහා ඛේදවාචකයක් වීමට ඉඩ ඇතැයි මාධව කොඩිතුවක්කු නම් පෞද්ගලික සමාගමක නිලධරයෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේ කියා සිටියේය.
මෙම කුණු කන්ද උපයෝගී කරගෙන තම සමාගමට විදුලිය නිපදවීමට හැකි නමුත් කොළඹ නගර සභාව ඊට ඉඩ නොදෙතියි ඔහු කීවේය.
මහජන පීඩාව ගැන සැලකිල්ලක් නොදක්වා නගර සභාව මේ සිද්ධිය දිනෙන් දින කල් තමතියි ඔහු පැවසීය.
කොළඹ පුරපති මොහොමඩ් මුසම්මිල් මහතා අධිකරණයට දැන්වූයේ මාස තුනකින් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට කල් දෙන ලෙසයි.
මහේස්ත්‍රාත්වරිය ජුනි 19 වැනි දා ට නඩුව කැඳවීමට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චරකල් ගිනි නොගත්ත එකනේ පුදුමේ (නි)
මීට කලිනුත් විදුලිය හෝ ගෑස් නිපදවීමට ක්‍රියා කිරීමට සමාගම් කිහිපයක්ම ඉදිරිපත් වුනා. එහෙත් අවසර ලැබුනේ නැහැ. කරන කෙනෙකුට කරන්න ඉඩදීල උදවු කරන්න එපාය.(කේ)
මීතොට මීතේන්. හොදට ගැලපෙනවා. පිපිරුවේ නැතත් මුල පලාතම මාස ගානක් යනකන් ගිනිගන්න පුළුවන්. පරිසර ප්‍රශ්න වලට පිලුතුරු හොයන එක ලේසි නෑ. කලකට ඉහත වැලිගම ප්‍රාදේශීය සභාව කුණු ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් ඉතා හොදින් ක්‍රියාත්මක උනා. දැන්නම් කොහොමද නොදනී (නදී)
තමතමන්ගෙ කුනු තමතමන්ම ප්‍රතිචක්‍රීකරනය කල යුතුයි කියල නීතියක් දැම්මනම් වැඩේ හරි(නදී)
ජාතික කසළ කළමනාකරණයක අවශ්‍යතාව හඳුනාගන්න ,එතනින් තමයි ආරම්භ කළයුත්ත්‍ෙ. මුතුරාජවෙලට කුණු දමන එකටත් ජනතාව විරුද්ධ වියයුතුයි (නි)
මට මතක හැටියට කොහේදෝ කුණු කන්දක් දුම්රිය මඟින් පුත්තලම පැත්තට ගෙනියන්න පහුගිය රජය තීරණය කළා නේද? ඒ දවස්වල සමහර අය මේ යෝජනාවට විහිළුත් කළා (නි)
මේ කුණු කන්ද බෝම්බයක් වගේ හෝ ගෑස් ටැංකියක් වගේ පුපුරාගොස් මහා විනාශයක් වෙයි කියනවා නම් එය උසාවියත් ජනතාවත් නොමඟ යැවීමක් ලෙසයි මම නම් දකිනනේ. ඒ ගැන බිය වියයුතු නැහැ. නමුත් අද සිදුවන්නේ කුණු වලින් ජීවත්වන බලධාරීන් මෙම ප්‍රශ්නය විසඳීමට අකුල් හෙළීමයි. මේ කුණු කන්ද මහා ඉන්ධන සම්පතක්. මේ ජනාකීර්ණ ස්ථානයක් වන බැවින් ඒ කුණු ටික ඔතනදි විදුලිය නිපදවන්න යොදා ගත නොහැකියි. ඒ නිසා ඉඩකඩ ඇති මුහුදුබඩ වෙනත් සුදුසු ස්ථානයක තාප බලාගාරයක් ඉදිකර මේ කුණු එතනට ප්‍රවාහනය කළයුතුයි. මේ සමඟම මීගමුව ගම්පහ වැනි නගර වලත් කුණු එකතු කරගත්විට මෙගාවොට් 100 කට වැඩි විදුලියක් නිපදවිය හැකියි. (නි)
තිලක්, ඔබ දන්නවද මීතේන් වලට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා? මේ කන්ද පිපිරුවොත් ලොකු විනාශයක් වෙනවා. කරුණු දන්නේ නැතුව අනෙක් අයව නොමඟ යවන්න එපා. මීතේන් කාලයක් ලොකු තදවීමකට ලක්වුණාට පස්සේ පිපිරීයාමක් සිදුවෙනවා. කුණු වලින් මීතේන් ගෑස් නිපදවෙනවා. ජපානය වගේ රට වල මෙම ගෑස් පාවිච්ච් කරන්නේ විදුලිය නිපදවීමට. (නි)
දැනටමත් නාවික හමුදාව වගේ ආයතන ජීව වායුව-මීතේන් නිපදවාගන්න කුණු සම්පතක් කරගෙන (නි)
පිපිරෙනවා නම් මීට කලින් මීටවඩා ලොකුවට තිබුන කුණු කඳු පුපුරන්න ඕනෑ.මිනිස්සු කුණු කඳු ළඟ මුලින්ම පොඩිවට ගෙවල් අටවාගන්නවා. ඊටපස්සේ වතුර විදුලිය ගන්නවා. ඊටපස්සේ ගේ ලොකුවට හදාගන්නවා.ඊටපස්සේ කුණු කන්ද නිසා ජීවත්වෙන්න බැහැ කියලා උද්ඝෝෂණ කරනවා. (නි)