මීගහතැන්න පොල්ගම්පොළ සූරිගොඩ පදිංචිව සිටි අයේෂ් නෙත්සර (17) සිසුවා මාස හතරක කාලයක සිට ආගිය අතක් නැති බව ඔහුගේ පියා පියරත්න අබේසිංහ සමරසිංහ මීගහතැන්න සහ මතුගම පොලීසිවලට පැමිණිලි කර තිබේ.
මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයයේ අධ්‍යාපනය ලැබූ සිසුවා පසුගිය දෙසැම්බර් මස පළමු වැනි දින මතුගම ප්‍රදේශයේ අමතර පන්තියකට සහභාගී වීම සඳහා නිවසින් පිටවී ඇත.
එදින සිට ඔහු පිළිබඳව තොරතුරක් දැන ගැනීමට නොහැකිවී ඇති අතර පසු දින ඒ පිළිබඳ මතුගම පොලීසියට පැමිණිලි කර, පසුගිය 23 වැනිදා මීගහතැන්න පොලීසියට ද පැමිණිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනුමෙන් දක්ෂ ළමයෙක් වගෙයි. ඉරිසියාවට කවුරුහරි පැහැර ගත්තාවද්ද? (නි)
අනේ පුතේ, ඔයාට තුනුරුවන්ගේ සරණින් කරදරයක් නම් වෙන්න එපා ! (නි)
දීප්තිමත් ශිෂ්‍යයෙක් විය හැකියි. අනතුරක් නොවේවායි පතමි. (ස)
ඔබට ඉක්මනටම දෙමව්‍පියන්ව මුණගැසෙන්න හැකි වේවා කියා ප්‍රර්ථනා කරනවා. (නි)