හොර නෝට්ටු හඳුණා ගැනීමේ කුඩා උපකරණයක් නිපදවු මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අසුරමුනි චන්දන පසංජිත් (35) ඊට පේටන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කර ඇත.
සැබෑ නෝට්ටු හා හොර නෝට්ටු හඳුනා ගත හැකි බව කියන අඟල් එකයි කාලක් දිග පළල ඇති මෙම උපකරණය තම පසුම්බියේ දරැගෙන යා හැකිය.
රේඩියම් රසායනයට සංවේදී බවක් දක්වන මෙම උපකරණය සැබෑ නෝට්ටු හඳුනා ගන්නේ එහි ඇති රේඩියම් වලිනි. කොල එළියක් දක්වමින් සැබෑ නෝට්ටු හඳුනාගන්නා යන්ත්‍රය හොර නෝට්ටුවකට කිසිම සංඥාවක් නිකුත් නොකරයි.
නව නිපැයුම් කොමිසම කොළඹ බණ්ඩාරනායක සම්බන්ත්‍රණ ශාලායේ සහස්‍ක් නිපැයුම් ප්‍රදර්ශනයේදී මෙම යන්ත්‍රය ප්‍රදර්ශනය කරන බව ද කියයි.
රුපියල් දහසකට අඩු මුලකින් මෙම යන්ත්‍රය නිශ්පාදනය කළ හැකි බව කියන ඔහු පොකට්ටුවද සමග රුපියල් 1500කට මිල කළ හැකි බවත් සඳහන් කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්.... දෙන්න තැනක්.... (නි)
මම හිතන්නේ නෑ මේකට අවසර ලැබෙයි කියලා ,,,,.(ස)
ලංකාවේ සිටින දක්ෂයින්ට රජයේ අවස්ථාවක් නුදුන්නහොත් ඔවුන්ගේ මිළ කළ නොහැකි දක්ෂතා පිටරට වලට වෙන්දේසි වේවි. (නි)
ෂූවර්. මේ ළමයාට පේටන්ට් බලපත්‍රය දෙන්නේ නැහැ. (නි)
අයියෝ මල්ලි, පේටන්ට් එක අරගෙනම වැඩේ එළියට දැම්මා නම් තමයි හොද. (නි)
මෙම තරුණයාව ආරක්ෂා කිරීම අපේ රටේ වගකීමක්. (නි)
ඒ කාලේ හදට ගල් ගැහුවට මේ කාලේ මතුගම හොද වැඩකාරයෝ ඉන්නවා. (නි)
රට යන විදියට මෙවන් උපකරණයක් සැදුවා යැයි කියා දිවුරුම් පෙත්සමක් මගින් දැනුම් දෙන්න වෙයිද දන්නෙ නැහැ. (නි)
අපේ රටේ හොරුන්ට තමයි තැන .(ස)
මගේ සුභ පැතුම් අයියා. (නි)
මේක රජයෙන් අනුමත වෙන්නේ නැහැ. ඕන ඔට්ටුවක්. අපරාදේ මේ තරුණයාට තිබුනේ මේක පිටරකටක ගිහින් එලිකරන්නයි. ඒ රට වල මහ බැංකුවෙන් මේ සදහා ආධාර කරයි. .(ස)
ඔහුට තැනක් දෙන්න. (නි)
විශිෂ්ටයි. ඉදිරියේදී තවත් දියුණු කරගමු. (නි)
රේඩියම් කියන්නෙ විකිරණශීලි දෙයක් සහ මිල අධික දෙයක්,එතකොට නෝට්‍ටුවේ ඒවා තියෙන්නෙ කොහොමද?අල්ලන අයට cancer හැදෙන්නෙ නැද්ද? .(ස)
සුභ පැතුම්. තව තවත් නව නිර්මාණ ලෝකෙට ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා.(ස)
මල්ලි නියමයිනේ. හැබැයි මල්ලි මේකට රාජ්‍ය අනුග්‍රහය නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේක "මේඩ් ඉන් චයිනා" නෙමෙයිනේ. (නි)
පරිස්සමින් , සුදු වෑන් එකකින් උස්සන් යාවිද දන්නේ නෑ . ඔබට මගේ සුබ පැතුම් (ස)
නියමයි කොල්ලෝ ...පරිස්සමින් ..සුබ පැතුම් (ස)
මෙවන් හැකියාවන් ඇති තරුණයින්ට අත දිය යුතුයි (නි)
මෙච්චර වටිනා දෙයක් ඇයි මෙහෙම අඩු මුදලකට දෙන්නේ? (නි)
සුබ පැතුම් මල්ලියෝ .අපේ පාසලට ආඩම්බරයක්...සුබ පැතුම් (ස)
ඔය නිශ්පදනයට අතදිලා දියුණු නොකලොත් පිට රටින් ඇවිත් තුට්ටු දෙකට අපෙන් අරන් දහස් ගානකට අපිටම විකුණයි. එතකොට නම් අපෙ අය පොර කකා ගනීවි. (ස)
නියම වැඩක් .. අපේ සුභපැතුම් (ස)
වැඩ කාරයාට බොරු බැහැ. (ස)
තව දේවල් සොයාගන්න. ඔබත් රටත් පෙරටම ගෙනයන්න. (ස)
උණුසුම් සුභ පැතුම්... (ස)
කියලා වැඩක් නැහැ. මහත්මයෝ ඔබට සියලු ජය. බලධාරීන් මේ වගේ දක්ෂයන්ව හඳුනාගෙන වැඩිදියුණු කිරීමට අත දිය යුතුයි. (ස)
විශිෂ්ඨ නිපැයුමක්. ජාතයන්තර ප්‍රචාරයක් ලැබී නිපැයුම්කරුට සාධාරණයක් ලැබීමට සැලැස්සුවොත් යෙහෙකි. (ස)
අද තියෙන හොර නෝට්ටු වල හැටියට ඔය යන්තරය ලග තිබෙන්නම ඕනේ. (ස)
එළකිරි වැඩක්. මගෙන් සුබ පැතුම් (ස)
හොද වැඩක්. මාධ්‍ය තුලින්මයි ප්‍රචාරය දෙන්න ඕනේ. ජය වේවා !!!! (ස)
විශිෂ්ඨයි. හොඳ උපකරණයක්. (ස)
සුබ පැතුම්. නමුත් රාජ්‍ය අනුග්‍රාහයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේක මේඩ් ඉන් ශ්‍රී ලංකානේ. පිටරට රකක් නම් 1500 ට 15000 ක් දීල හරි ගනීවි. (ස)
බහුතරයක් විදියට ගත්තොත් ලාංකිකයන් විතර දක්ෂ අය වෙන කිසිම රටක නැහැ. සෑම ලාංකිකයෙකුටම මේ දක්ෂකම නිතැතින්ම පිහටා තිබෙනවා. (ස)
එහෙනම් මේක රේඩියම් සංවේදකයක් විතරයි. මුදල් හඳුනාගන්නා යන්ත්‍රයක් නොවේ. බොහොම ලේසියෙන් වංචා කරන්න පුළුවන් වෙයි. (ස)
බලපත්‍ර අරගෙන දියුණු කරන්න. ලංකාව තුළම හොඳ ඉල්ලුමක් ලැබෙයි. (ස)
මගේ සුබ පැතුම්......... විශිෂ්ඨ වැඩක් . (ස)
ලොකු ව්‍යාපාරිකයන්ගේ බඩට ගල් පහරක් තමයි. (ස)
සියළු බැංකු මෙය දිරි දීමක් වශයෙන් ගනිත්වවා............. !!!!!!!!!!!!!!(ස)
ටිකක් පරිස්සම් උනොත් තමයි හොඳ. දන්නවනේ හෙර සල්ලි අච්චු ගහන අයට දේශපාලන රැකවරණය තියෙනවා කියලා. (ස)
මුලින්ම මේක හදපු මහත්මයට මගේ හද පිරි ස්තුතිය ,සතුට පිරිනමනවා .ඒ අලුත් දෙයක් ලංකාවේ මිනිහෙක් විදිහට අපට දායාද කලාට . එත් මේකේ අව්ලක් තියනවා .මේක වැඩි කාලයක් හොර නෝට්ටු වලට පිලියමක් වෙන එකක් නෑ.මොකද මේක හොර නෝට්ටු අල්ලන උපකරණයකට වඩා Radium detector එකක් කිව්වොත් නිවැරදියි .එතකොට radium තියන ඕනෑම නෝට්ටුවක් හොද නෝට්ටුවක් විදිහට පෙන්නනවා .හොර නෝට්ටු වල radium ගාල තිබුනත් එකත් හොද නෝට්ටුවක් විදිහට පෙන්නනවා . radium ගාපු සල්ලි ගහන්න සාමාන්‍ය මිනිහෙකුට ලේසි නෑ .මොකද රේඩියම් හොයාගන්න amarui එත් අපේ අයියල එකත් කරයි කොහොමහරි . එක තමා තියන අව්ල.සමහර විට මේක හදපු මහත්මය ඔය උපකරණෙ හදල ඇත්තේ විකිරනශිලත්වයට සංවේදී වෙන්න වෙන්න ඇති .එහෙම උනොත් නම් හොරුන්නට වැඩේ ලේසියි .මොකද එතකොට රේඩියම් ම ඕන නෑ .කොහොම උනත් මේක හදපු මහත්මයට මේක දියුණු කරගන්න අවස්ථාව ලැබෙන්න කියල මම සුබ පතනවා .එහෙම නැතුව මේකේ අඩුපාඩු කියල විසි කරලා දාන්න නරකයි . .(ස)
විශිෂ්ට වැඩක්. කාලීන අවශ්‍යතාවයක්. (නි)