ජිනීවා නුවරදී ඇමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවට එරෙහිව රජයේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පුවරු ඔසොවාගෙන පෙළපාළි යමින් උද්ඝෝෂණයක් කළහ. ඊට එක්වන ලෙස මැති ඇමැතිවරු විපක්ෂයට ද කීහ. ඇමැතිවරුන් වන විමල් වීරවංශ හා පාඨලි චමිපික රණවක මහත්වරු එහි දක්නට නොසිටියහ. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපකෂ මහතා එහිදී පැවැසුයේ ඕනෑම අභියෝගයකට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි. මාවිල්ආරු පෙදෙස කොටියන්ගෙන් ගිළිහෙද්දිත් මෙවැනි අභියෝග ආ බවත් ඉරාණය මෙන් ශ්‍රී ලංකාව ද අභියෝගයනට මුහුණ දෙන බවත් ඔහු කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝජනාව හරියට තේරුම්ගන්නවත් බැරි මෙම පිරිස ලෝකයා පමණක් නොවෙයි රටත් නොමග යවනවා. මෙයාලට ඡන්දෙ දුන්නු අයටත් මොලේ කළදක් නැහැ.
මෙම කට්ටිය බොහොමයකට ඇමරිකාවේ පුරවැසිකම තියෙනවා.
නැති ප්‍රශ්න දාගන්න හදනවා. මන්ත්‍රීවරු විරෝධය පෑවට කමක් නැහැ අනවශ්‍ය ප්‍රකාශ නිකුත් නොකර. ඉරානය ගැන සදහන් කිරීම මේ වෙලාවේ හොද දෙයක් නොවේ. ඉන්දියාවට හොද අවස්ථාවක් තිබුන ලංකාවට පක්ෂව ඡන්දෙ දීල කලාපීය බලවතා හැටියට ලෝකෙට යමක් පෙන්නන්න. දැන් ඒ අවස්ථාව චීනෙට යනවා. ඉන්දියාව නිකන් නාගත්තා.
පුරාවස්තු කොල්ල කන්නන්ට විරුද්ධවත් පෙලගැසෙන්නකෝ ඇමතිවරුණි. මෙන්න මෙහේ අහිංසක මිනිස්සුත් මරණවා.
ඔයවගේ පිස්සු නටල තමයි වැඩේ අනාගත්තේ.
විමල්, පාඨලී දෙන්නා ආණ්ඩුවෙන් යයිද ? ඉරානයට තෙල් සහ න්‍යෂ්ඨික බලය තියෙනවා. අපිට මොනවද තියෙන්නේ ? අපි අසරණයි.
අපි සැමදා ඔබ සමගයි.