(සුජිත් හේවාජුලිගේ )
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) ඇතුළු කාරක සභාවන්ට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් අතරේ විශාල මතභේදාත්මක සහ ගැටුම්කාරී තත්වයක් නිර්මාණයවී ඇති බව වාර්තාවේ.
ඇතැම් පත් කිරීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් සිය නායකයන්ට විරෝධය පළ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර පාර්ලිමේන්තු කාරක සභාවල මුල් පුටු ලබාගැනීමටද මන්ත්‍රීවරුන් පිරිසක් අතරේ මේදිනවල දැඩි සටනක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ක්‍රම සහ විධි පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා එම කමිටුවේ සාමාජික මන්ත්‍රී ලේඛනයට හෝ ඇතුළත් කර නොතිබීම සම්බන්ධයෙන් ඔහු පක්ෂ නායකත්වය ඉකුත්දා දැඩි ලෙස විවේචනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd