වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය සංවිධානය කරන මත්ද්‍රව්‍ය විරෝධී පාද යාත්‍රාවක් හා රිය පෙරහරක් සෙවනපිටියේ සිට වැලිකන්ද දක්වා අද (05) ආරම්භ කැරිණි.
මේ සඳහා ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියකම සහභාගීත්වයක් දක්නට ඇත.
සියලුම රාජ්‍ය ආයතන හා පොලිසිය මෙයට එක් වී ඇති අතර වැලි ටිපර් රථ එක් වී තිබීමද විශේෂත්වයකි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
. චින්තන කාලේ හදපුව නේද? (අ)
මෙන්නේ පාද යාත්‍රා. අර පසුගිය දවස්වල විපක්ෂ සංදර්ශනය වගේද? යහපත් අරමුණක සඳහා යන එකක්. මත උවදුර දුරුවේවා! රටට සහ ජනතාවට සෙතක්ම වේවා! (නි)
අපේ වගේ රටක අයි මහා දවාලේ ටයි පටි අදින්නේ (අ)
පොලිසිය පා ගමන් යන්නේ හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඉහලින් නියෝග එන්නේ නැති නිසා වෙන්න ඇති. නැත්නම් කවදද මේ වගේ දෙකට පොලිසිය පා ගමන් ගියේ.............(අ)
මෙහෙම දේවල් වලින් කොහොමද මේ උවදුර නවතින්නේ? (නි)
හරියට වසංගත ලෙඩක් වගේ, පාගමන් ලෙඩේ දිගටම පැතිරෙයි වගේ (නි)
පා ගමන් ගිහිල්ලා තේරුමක් නැහැ. ලංකාවේ පොලිසිය කොහොමද නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ? ඉහළින්ම ඉන්නේ දේශපාලකයොනේ. (නි)
වැලි ලොරි වල බලපත්‍ර තියනවද කියලත් පරීක්ෂා කළා නම් හොඳයි (නි)
බොහොම ආදර්ශමත් වැඩක්. හැබැයි ඕක ගිහින් කාටද කියන්නේ? ලංකාදීප පුවත්පතට බොහොම ස්තුතියි! එතකොට පත්තරෙන් හරි දකියිනෙ. (නි)
යහපත් අරමුණට යහපතක්ම වේවා! (නි)
ඕඅයිසී මහත්තයා පා ගමන් යන්න ඕනි නෑ හරියට නීතිය ක්‍රියාත්මක කළානම් (බ)
මත්ද්‍රව්‍ය මේ වගේ දූපතක නැතිකරන්න බැරි නෑ අදාළ බලධරයන්ට වුවමනාවක් තියනවානම්. අපාගත වෙනකම් තාවකාලිකව ලංකාවේ මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න සමහර ලොක්කෝ නිසා තමයි මේ දේවල් රටපුරා පැතිරෙන්නේ...(බ)
ඉහළ සිට පහළටම මේ රටේ මත්කුඩු ජාවාරම්කරුවන්ට හරියටම නිතිය ක්‍රියාත්මක කළා නම් මෙවැනි පා ගමන් අවැසි නැහැ නේද? මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රකින දේශපාලුවන් සහ ඔවුන්ව රැකගැනීමට ඉදිරිපත්වෙන උගතුන්ද මුදල් ඇසින් නොව මිනිස් ඇසින් මේ ගැන සිතුවොත් නරකද? (නි)
හොඳ ආදර්ශමත් පාද යාත්‍රාවක්. හොඳ අදහසක්, පිරිසිඳු චේතනාවක් මුල් කරගත් හොඳ වැඩක්. හැබැයි, මේවට ප්‍රතිපල නැත්නම් ඉතින් එකත් තේරුමක් නෑ නේද. කොහොමත් අර ඊයේ පෙරේදා නුවර ඉඳන් බීගෙන පිස්සු නට නට පාද යාත්‍රා ආපු කට්ටියටත් මෙයින් ආදර්ශයක් ගන්න පුළුවන්. (බ)
එක දෙයයි කරන්න තියෙන්නේ. පුළුවන්නම් ලංකාවේ අරක්කු සිගරට් තහනම් කරන්න. බොරුවට මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැතුව. (බ)
ඇත්තටම මේ වැඩසටහනේ නියමාර්ථය පහුගිය පාද යාත්‍රාව ජනතාවගේ මතකයෙන් මකා දැමීම නොවෙයිනම්. මෙය හොඳ වැඩක්. (බ)