මද්‍යසාර භාවිතය පුද්ගලයකුගේ ආයුෂ අඩුවීමට ප්‍රධාන සාධකයක් වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය කීවේය.
මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය මේ බව සඳහන් කළාය.
මද්‍යසාර භාවිතය හේතුවෙන් දිළිඳුබව ඇති වීම, කාන්තාවන් හිංසනයට ලක්වීම, සියදිවි නසාගැනීම, ආදී කරුණු සඳහා හේතුවන බවත් මේ සම්බන්ධයෙන් කථිකාවක් ඇති කළ යුතු යැයි ද ඇය පෙන්වා දුන්නාය. අනතුරුවලින් පහෙන් එකක් මද්‍යසාර භාවිතය නිසා සිදුවන අනතුරු බව ද වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලංකාවම කතාකරන්නේ, විරෝධය පාන්නේ ලංකාවේ නීතිගත මත්පැන්, දුම්වැටි ගැන. ඒවා අහිතකරයි තමයි. නමුත් ඒවා පරම්පරා ගණනක් රටේ තිබුන දේවල්. නමුත් මේ මත්කුඩු කියන ඒවා විවිධ ආකාරයෙන් එනවා. ඒවා දහස් වාරයක් අන්තරාදායකයි, භයානකයි. නමුත් විහිලුව වෙන්නේ කිසිම සංවිධානයක්, මහජන විරෝධයක් ඒවාට විරුද්ධව ඉදිරිපත් නොවීමයි. හැමෝම විරෝධය පාන්නේ අන්තරාව අඩුදෙයටයි. තේරුම් ගන්න අමාරුයි. හේතුව භීතියද, නොදැනුවත්කමද? (නි)
මත් රකුසා තමන්ගේ ආයු අඩුකරනවා විතරක් නොවේ, මනස විකෘති වුණාම බාල මහලු ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව තමා කරන්නේ මොනවාද නොදැන අන් අයගෙත් ජීවිත වලට වගකියා ආයු අඩුකරනවා (නි)
මත්පැන් දැන් කාලේ මිනිසුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්වෙලා (නි)
මත්පැන් වල මිල දන්නවද? කටාර් මත්පැන් සුපර් මාකට් එකේ තිබෙන බ්‍රැන්ඩි බෝතලයක මිල සටහන් කර තිබෙන්නේ රියල් 7000, රුපියල් වලින් 245000. ඉතින් අපි මත්පැන් වලට ඍණ විවේචන දීලා වැඩක් නැත. කොයිදේත් සීමාව ඉක්මවා කළොත් තමා නරක. (නි)
පමණට වඩා වතුර බිව්වත් ලෙඩක්. වැඩකරන අය මත්පැන් ස්වල්ප වශයෙන් ගන්න එක නොගෙනම ඉන්නවට වඩා හොඳයි (නි)