බස්නාහිර පළාතේ මත්පෙති උවදුරින් සිසුන් බේරා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් සකසන්නැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දුන්නේය. වෛද්‍ය වට්ටෝරු නොමැතිව බෙහෙත් නිකුත් කරන හා තරුණයන්ට විවිධ ඖෂධ වර්ග අලෙවි කරන ඖෂධහල් ගැන සැලකිලිමත් වෙන ලෙසට කරුණු දැක්වීය. පාසල් අවට ඇති බෙහෙත්හල්හි සුදුසුකම් ලත් ෆාමසිකරුවන් සිටින්නේද යන්න සහ ෆාමසිවලට ලබා ගන්නා බෙහෙත් තොග හා නිකුත් කරන බෙහෙත් නිසි ලෙස ලේඛන ගත කරන්නේද යන්නත් සොයා බලන ලෙස මහ ඇමැතිවරයා අවධාරණය කළේය. මෑතක සිට යළි බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් මත්පෙති භාවිත කරතියි විදුහල්පතිවරු සහ ගුරුවරු කියති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ සෝදිසි මෙහෙයුම් කරන්න ඕක ප්‍රසිද්ධ නොකර නේද?
කරන්වනම් මෙන්න වැඩ.
පුලුවන්නම් ලංකාවෙන්ම තුරන් කරලා දාන්න..
හොද වැඩ පිලිවෙලක්. අපේ බාල පරපුර ආරක්ෂා කර ගන්න..
හරි දැනුමක් නැතති අය තමයි මේවගේ වැඩ කරන්නේ.