
(චමිල් රූපසිංහ)
හෑෂ් මත්ද්‍රව්‍ය පැකට් කර අළෙවි කිරීමේ මහා පරිමාණ ජවාරමක් සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ සිසුවකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.
සැකකරු මුරුතලාව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන අදාළ ව්‍යාපාරය සිදු කරගෙන ගොස් තිබෙන බව පොලීසිය පවසයි.
ගන්නෝරුව ප්‍රදේශයේ දී හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් තරුණයකු ලබාදුන් තොරතුරු මත පොලීසිය නිල සුනඛ ‘‘ලූකස්‘‘ ගේ ද සහය ඇතිව විශ්වවිද්‍යාල සිසුවා නවාතැන් ගෙන සිටි අදාළ නිවස වටලා තිබෙන අතර එහි තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්රෑම් 15 ක් පොලීසිය සොයා ගෙන ඇත.
රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා සමඟ තවත් සිසුන් දෙදෙනකු අදාළ නිවසේ නවාතැන් ගෙන සිට ඇත.
වැටලීම සිදු කරන අවස්ථාවේ ඔවුන් කමරයේ නොසිටි බව පොලීසිය පවසයි. ඔවුන් ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ද යන්න සෙවීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මෙම සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2014 කණ්ඩායමට අයත් බව ට තොරතුරු අනාවරණය වන අතර ඔහු විභාගවලට පෙනී නොසිටීම හේතුවෙන් මෙතෙක් උපාධිය ලබාගෙන නොමැති බව ද දැන ගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධිය කරලා නැත්තම් ජෙප්පෙක් හරි අරගල කාරයෙක් වෙයන්...!
කුඩු දාලා අල්ලන්න යන කේස් එකක් ද දන්නේ නෑ..
මේ ඔක්කොම අනුර සහොදරයා ජනාධිපති කරවන්න...!
නිදහස් අධ්‍යාපනයෙන් පළ නෙළාගෙන අන්තිමට සියවි නසා ගත්තා වගේ. මේ වගේ නරක අය තමයි දේශපාලන බැල මෙහෙවර කරමින් විශ්ව විද්‍යාල ඇතුළ නරා වලක් බවට පත් කරන්නේ...!