
(යොහාන් භාසුර සහ )
මෙරට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කරන වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ කටයුතුවලට ඇතැම් ආගමික නායකයන් ඇතුළු පිරිසක් බාධා කරන බවත් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම කිසියම් හෝ කෙනෙක් පාලනය කළ යුතු නිසා වර්තමානයේ එය ක්‍රියාත්මක කරන අයට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බවත් මෙරට නම් දැරූ භික්ෂූන් වහන්සේ පිරිසක් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (20) පැවසූහ.
මෙම විශේෂ මාධ්‍ය හමුව කැලණිය මානෙල්වත්ත මහා විහාරස්ථානයේදී අද (20) පැවැත්විණි.
කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග භාෂා අධ්‍යයන අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ එහිදී පැවසුවේ මෙරට දරුවන් පාසල් තුළදීම මත්වන තත්වයකට පත්ව තිබුණද මෙතෙක් කිසිදු බලධාරියෙක් ඒ සඳහා අවධානය යොමු නොකළ බවත්ය.
වර්තමානයේ මත්ද්‍රව්‍ය පාලනය කිරීමට කටයුතු කරන වැඩබලන පොලිස්පතිවරයාට සහ පොලිසිය භාර අමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා පිරිස් සිටිනවා යනුවෙන්ද සඳහන් කළහ.
කිසියම් නිලධාරියෙක් අර තනතුරට හොඳ නෑ එම තනතුරට අහවලා හොඳයි ලෙස පෞද්ගලික මත පළ කිරීම පිළිගත නොහැකි ක්‍රියාවක් බවද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් උවදුර තුරන් කරන්න බාධා එපා
මොට්ටපාල Wednesday, 21 February 2024 06:37 AM
මත් උවදුර වෙනුවෙන් අත් අඩංගුවට ගන්න යම් යම්දේ නිදහස් කරන්න කියලා කීම බලපෑමක් වෙන්නේ නැද්ද කියලා නොදන්නා කමට අහන්න හිතෙනවා. උදාහරණයක් හැටියට ඔරලෝසුවේ කටුදෙක දෙපැත්තට කැරකුණොත් මොකද වෙන්නේ..?
Chandima Wednesday, 21 February 2024 06:55 AM
අපේ හාමුදුරුවනේ කුඩු බොන මිනිස්සු ඇල්ලුවට කුඩු ගෙන්නන මිනිස්සු අල්ලන්නේ නැහැනේ...
ගයාන් Wednesday, 21 February 2024 08:34 AM
යුක්තිය මෙහෙයුමෙන් අල්ලලා උසාවි දාලා දඬුවම් කරපු එක මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් පෙන්නන්න. බොරුවට රට ඇතුලේ කුඩු බෙදන අය අල්ලලා මාධ්‍ය සංදර්ශන තියෙනවා විතරයි.
J Wednesday, 21 February 2024 10:26 AM
කට්ටිය දැක්ක ගමන් හිතාගත්තැහැකි කාටද එන්නේ කියලා... දැන් මාස ගාණක් ගියා...