(සුජිත් හේවාජුලිගේ )
මැති ඇමැතිවරු 27 දෙනෙක් කොවිඩ් වයිරසයට මේදක්වා ගොදුරුවී සිටිති.
කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්රිතයන්වීමෙන් මේ දක්වා නිරෝධානයට යොමුවී ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 80 ක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ කොවිඩ් ආසාදිත ලැයිස්තුවට අලුතින්ම එකතුවූ මැති ඇමැතිවරුන්වන්නේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සුළු අපනයන භෝග රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ කුරුණෑගල දිස්ත්‍රික් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරුන්ය.
ඔවුහු කොවිඩ් ආසාදිතව දැනට ප්‍රතිකාර ලබති.
කොවිඩ් ආසාදිත වූ මෙම ඇතැම් මැති ඇමැතිවරුන්ගේ බිරින්දෑවරු සහ දරුවෝද කොවිඩ් රෝගයට ගොදුරු වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 95කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. මේ අතර කොවිඩ් වයිරසයට මේ දක්වා ගොදුරුවී ඇති පාර්ලිමේන්තුවට ආරක්ෂාව ලබා දෙන පොලිස් නිලධාරීන් සහ පාර්ලිමේන්තු සේවකයන් සංඛ්‍යාව 30 කට ආසන්නය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් සුභ ආරංචියක් නැහැ,දෙවියනි ඔබ කොහොද?
ඇත්තමනම් ඉතින් උන්ටත් දැනේවි බරපතලකම නේද?
අනේ දෙවියනේ මුන් 225 ටම මේ ලෙඩේ දීලා අපායට එක්කාගෙන යන්නකෝ .මුන් රට වනසලා ඉවරයි .එකෙක්වත් නැහැ රටට ආදරේ කරන .හිඟන්නෙක් ගෙන් හරි ලොකු ගානක් කඩා ගන්න පුළුවන් නම් ඒකත් කඩ ගනී
අගමැතිගේ වාරේ ළඟ ලඟම එනවා වගේ .ඊටපස්සේ නේ ජනපතිගේ වාරේ
රජාට අඳින එකාලට හැදෙන දවසටවත් තේරේවිද දන්නේ නැහැ මේකේ බරපතලකම... අර SB එහෙම අවදානය ගන්න හදනවා. මානසික රෝග තත්වයක් වගේ... තව ටිකයි.. වපුරපු බීජවල ඵලදාව එන්න ළඟයි...
මට හිතෙන දේම හිතෙන තවත් අය සිටීද ?
මොනවා හරි යවන්න තියෙනවා නම් ලෑස්ති කරගනිමු. ඉක්මණින්ම මේ කට්ටිය යනවා නම් රටට සෙතක්...
කොරෝනා ගැන අහපු සතුටුදායක පුවතක්....
රුපියල් 10000/- බඩුමල්ල ඉක්මණින් යවන්න.
225 ක් වන අප හරකුන් සැම පිළිබඳව... ජනතාව සිටින්නේ මොනතරම් සතුටින්ද...? ඒ සාපයම හොඳටම ඇති වැලිගම් යන්නට... දැන්වත් හිතමු රට ගැන පට්ටියේ අප සැවොම... මෙම අදහස් දියවනාව පටිටියේ ‘‘225 ම කියවීමට" හැකි වේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි.!!!