ජාතික සංහිඳියාව ඇති කිරීමට කටයුතු කරනවා සේම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර ද සංහිඳියාව ගොඩනැගිය යුතු බවත් ඔවුන් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය අද (11) මරදානේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
ජාතික සංහිඳියාව ගොඩනැගීමේදී අතීත කරුණු සොයා බලා ඊට නිසි පිළියම් යෙදිය යුතු බව කී ඔහු අතීත කරුණු සෙවීමේදී යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් සමාව දීමේ ක්‍රියාවලියකට යොමු වී රට ඉදිරියට ගෙන යා යුතු බව ද කීවේය.
‘අතුරුදන්වූවන්ගේ කාර්යාලය ගෙන ඒම සාධාරණ යැයි අපි ප්‍රකාශ කරනවා. අතුරුදන්වූවන්ට සිදුවූයේ කුමක්දැයි සෙවිය යුතුයි. අතීතයේ සිදුවීම්වලදී කුමක් ද වුණේ කියා අපි සොයා බැලිය යුතුයි. යුද්ධය දඩමීමා කරගෙන කරපු දේශපාලන ඝාතන, අතුරුදන්වීම් ගැන සොයා බැලිය යුතුයි. සොයා නොබැලුවොත් වින්දිතයන්ට සාධාරණයක් වෙන්නේ නැහැ‘ යැයි ඔහු කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න දෙන්න ‘සංහිඳියාව‘. ඔහොම යමුකේ! (නි)
එයාලට සංහිඳියාවක් තිබුනා නම් අද රටට මෙහෙම වෙයිද? (නි)
මේවා කිවුවට කරන්න තමයි අමාරු (නි)
ඒ මොකටද? තව ටික කාලයක් ඔහොම යමු. (නි)
මැති ඇමැතින්ට සංහිඳියාව නැතිකම අපට හොඳ බව මේ මැට්ටන්ට තේරෙන්නේ නැත. (බ)