වැල්ලවාය තිස්ස පාරේ සීජීඑම් මාවතේ දී වාහනයක යමින් සිටි පුද්ගලයකුට පහර දුන්නේයැයි සැකපිට මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් පරීක්ෂකවරයකු වන ඔහු යතුරු පැදියෙන් යමින් සිටියදී පහරකෑ බව කියන පුද්ගලයා වාහනයකින් යමින් සිට ඇති බවත්, තමන්ගේ යතුරු පැදියට පාර අවහිර වීයැයි කියමින් පොලිස් නිලධාරියා පහර දුන් බවත් පහරකෑ පුද්ගලයා පොලිසියට දුන් ප්රකාශයේ සඳහන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පහරකෑ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලේ ප්රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් එකයි කියා අහන්නත් සතුටුයි (නි)
ඕක ගණන් ගන්න දෙයක් නොවෙයි. කාටහරි තඩිබාන එක පොලිසියේ ලොක්කන්ගේ විනෝදාංශයක්. ඒක උන්නැහේලගේ මානව අයිතිවාසිකම. ගුටිකන එක අපේ මානව අයිතිවාසිකමක්! (නි)
මේක පොලිසියේ චින්තනය. කාටහරි ගැහුවේ නැත්නම් පොලිසියේ වීරත්වය ප්රදර්ශනය වෙන්නේ නැහැ. ඒකට හොඳම කට්ටිය තමයි තමන්ට ආපහු හැරිලා ගහන්න බැරි අහිංසකයෝ. ගණන්කාරයින්ට, කුඩුකාරයින්ට, දේශපාලුවන්ට, හෙන්චයියලට ඕනෑනම් ආපහු හැරිලා අතින් පයින් බැරිනම් වෙන ක්රමවලින් ගහන්න පුළුවන් නිසා ඔවුන් ළඟ දණින් වැටෙනවා. ඒ ටික අල්ලනවා බැරි අයගෙන්. (නි)
විරෝධතා පවත්වනකොට නම් ප්රහාර දුන්නට කමක් නැහැ නේද? (නි)