රත්නපුර හිදැල්ලන සීවලී මැදි මහ විදුහලේ තුන්දහස් පන්සීයක් පමණ සිසුන් වෙනුවෙන් රුපියල් හැටලක්ෂයක පමණ වියදමින් නවීන පහසුකම් සහිත අවන්හලක් විදුහල්පති කමල් ආරියසිංහ මහතා අද (12) විවෘත කළේය.
පාසල් සංවර්ධන සමිතිය ,ආදී ශිෂ්‍ය සංගමය පළාත් සභා මන්ත්‍රීවරු හා පරිත්‍යාගශිලීහු බරපැන දැරුහ.
තෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ මුළුතැන් ගෙයද පළමු මහලේ සිසුන් 50 දෙනකුට එකවර කෑම ගැනීමේ පහසුකම්ද ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හීනයක් වගෙයි. විදුහල්පතිතුමනි, ඔබ තවත් කලක් මෙහි රැඳෙන්න. (නි)
මම නම් කියන්නේ වියදම වැඩියි (නි)
මම ඉගෙනුම ලැබුවෙත් සීවලියේ. (1976-1985) අපේ කාලයේ බොහොම අමාරුයි පහසුකම් සහිත කැන්ටිමක් තිබුණේ නැහැ. අපි කෑම ගත්තේ වෙරළු ගහ යට. වත්මන් සිසුන් ගැන සතුටුයි (බ)
අහිංසක දුප්පත් දරුවන්න්ට සහනාධාරයට කෑම වේලකුත් දුන්නානම් තමයි ඉතාම හොඳ. (බ)
මමත් සිවලියේ ආදී ශිෂ්‍යයෙක්. ඒ කාලේ කැන්ටිමේ හිටපු සෝම අක්ක තම ඉන්නවද දන්නේ නැ. අපි නයට තමයි ගොඩක් වෙලාවට කන්නේ??? ලෑලි ගහපු කන්ටිමක් තමයි තිබුනේ. (අ)
මම 2006 දී සීවලියට ගියේ..2014 උසස් පෙළ කරේ.අද මම ඉස්කෝලෙට ගියේ.ගොඩක් ආඩම්බරයි මම සීවලියේ ආදී සිසුවෙක් වීම ගැන.මේ හැමදේම කරපු කමල් සර්ට ගොඩක් පින් (අ)
සීවලිය පටන් අරගෙන තියෙන්නේ 1909 , පලවෙනි බෞද්ධ පාසැල හැටියට රත්නපුර දිස්ත්‍රික්කයේ , ගඟබඩ සීවලිය තිබුන තැන තමයි මුලින්ම පාසැල තිබුනේ , වතුරට යටවෙන නිසා තමයි හිදෙල්ලනට ගෙනල්ලා තියෙන්නේ 1951 දී ගොඩනැගිලි හදලා 1955 දී තමයි පටන් අරගෙන තියෙන්නේ 1949 ගං වතුරට අසුවෙලා ගඟ බඩ සීවලිය විනාස වෙලා තියෙනවා. සුමනදාස 1951 දී සිසුවෙක් තමයි.ඒ ඇත දැකීම් ඔහු සතුව ඇති කියා සිතනවා. මම 77-81 කාලයේ හොස්ටල් හිටියේ ,අපිට තිබුනෙත් ඔය කියන ලෑලි වලින් වට කල කැන්ටිම තමයි. අද දවසේ දියුණුව ගැන හරි සතුටුයි .(හේ)
සිවලියේ ආදී සිසුවෙක් වීම ගැන ආඩම්බර හිතෙනව (බ)
සිවලියට එන්න ගොඩක් වෙනස් දේවල් ඉගෙනගන්න පුලුවන් (නදී)
සොබාදම් දිනිතියගේ අගනා දයාදයක් වූ සීවලියට මෙවැනි අංග සම්පූර්ණ ආපන ශාලාවන් ලබා ගැනීමට උරදීම වෙනුවෙන් මුල්ගුරු පියාණනි ඔබට තුති. (නදී)
අපිට ආඩමබරයි සීවලි වීම ගැන. කමල සර්ගේ වැඩ තමා. (බ)
සීවලි අපිට ආඩම්බරයි. කමල් සර්ගේ වැඩ තමයි. (නි)
දේශීය ආහාර වලින් සපිරි, නවීන පහසුකම් සහිත , අංගසම්පුර්ණ ආපන ශාලාවක් ලැබීම අපිට හීනයක් වගෙයි. විදුහල්පතිතුමනි, ඔබතුමන් තවත් කලක් මෙහි රැඳුනොත් සීවලිය පාරාදීසයක් වනු ඇත. (නි)
හොද වැඩක් කරලා තියෙන්නේ. හැබැයි ටෙන්ඩර් දෙනකොට හොදට හොයල බලල දෙන්න වෙයි. අහිංසක ළමයිනේ. (දිල්)
දකින්නත් ප්‍රිය උපදවන කාරණයක් මේක. නොදන්නා නිසා අහන්නේ, ළමයින් කෑම ගන්න ඕනෑ මුදල් ගෙවලාද? ගොඩක් රටවල් වල දිවා ආහාරය පාසලින් නොමිලේ සපයන නිසා අහන්නේ. (නි)
2005 ගොඩක් සන්තෝසයි. (අ)
දරුවන් වෙනුවෙන් මේ උපකාර කල සැමට පින්. තව දෙයක් කියන්න හිතෙනවා. එ්ක කිව්වොත් වැරදි විදියට හිතයි. පොඩි දුප්පත් පාසලක් වෙනුවෙන් යහපත් දෙයක් ලබන වර කරන්න ශක්තිය ලැබේවා (නදී)
පාසලේ ආදි සිසුවියක් විදයට මට නම් හරිම සතුටුයි (නි)
සීවලි යට එන්නත් ගොඩක් පින්කරලා තිබෙන්න ඕනෑ. සීවලිය තරම් පිරිසිදු පරිසරයක ඉන්න වාසනාව මටත් ලැබුනා. එන්න ඇවිල්ලා බලන්න සීවලියේ ලස්සන දැන්. කමල් සර්, ඔබට පින්! (නි)
රත්නපුරේ නම් අාය මොනවද (බ)
සතුටුයි (බ)
සීවලී විදුහල් ආදි සිසුවකු වීම ගැන ආඩම්බරයි (බ)
මෙන්න නියම වැඩ (දිල්)
මම 1986 මේ ඉස්කෝලෙට ගියා කැන්ටිම තිබුණේ විදුහල්පති කාමරයට එහා ලෑලි මඩුවක්. (දිල්)
අපේ පාසල දවසින් දවස දියුණුවෙන එක ගැන හදවතින්ම සතුටුයි. ලංකාවේම හොඳම පාසල සීවලිය වෙනවා කියන එක අපිට දැනෙනවා. (නි)
සුබ පැතුම් විදුහල්පති සහ පිරිසට. මම බලාපොරොත්තු වෙනවා නව පහසුකම එහි මුලික පරමාර්ථය සපුරාලි කියල සදාකාලිකවම. ඔබට ජය. නිහාල් (සීවලී 1972-73) (ස)
සීවලි පවුලේ අපට මෙවැනි දේවල් ලැබෙන්නේ ගරු කමල් ආරියසිංහ විදුහල්පති තුමා, සහා සීවලියට ආදරය කරන "සීවලී ආදි ශිෂ්‍ය සංගම්" නිසා.. "කමල් සර්" අපට ලොකු සම්පතක්., සිවලි ය දිගු කල් දිනේවා,,,, (ස)
මම නම් සීවලියේ ඉගන ගත්ත කෙනෙක් නෙමේ. නමුත් රත්නපුරේ කෙනෙක් ලෙස ගොඩක් ආඩම්බර වෙනවා කමල් සර්ගේ ක්‍රියා පිළිවෙළ පිළිබඳව. දෙමාපියනි , දරුවනි, ආදී සිසුවනි, ඔහුගේ සේවය අගය කිරීම ඔබ යුතුකම වන්නේය (බ)
රජයේ නිලධාරියෙකුට ගොඩනැගිල්ලක් විවෘත කිරීමට අවස්ථාවක් ලැබීම හැබෑම පුදුමයක්. (ස)
මම 1986 මේ ඉස්කෝලෙට ගියා කැන්ටිම තිබුණේත් විදුහල්පති කාමරයට එහා ලෑලි මඩුවක්.(අ)
ඔබට සුබ පතනවා! (නි)
කමල් ඔබ හැමදාම කළේ අලුත් දේවල්. මේ වැඩෙත් සුපිරියි (නි)
81 - 88 කාලයේ මමත් සීවලී. ඒ කාලෙ කැන්ටිම කුඩා ලෑලි මඩුවක්. විවේක කාලයේදී බොහෝ දෙනෙකුට කෑමගන්න ලැබෙන්නෙත් නැහැ. මේ වැඩේ ඉතාම හොඳයි. කමල් මහත්තයා සීවලියට ආවට පස්සෙ සැළකියයුතු විශාල වැඩ කොටසක් කළා. (නි)
ඇත්තටම හොඳ වැඩක්. මම දකින තවත් දෙයක් තමයි, විවෘත කිරීම් වලට දේශපාලනඥයන්ට ආරාධනා කරලා තවත් ලක්ෂ ගණන් උත්සව වලට නාස්ති නොකර මේ විදියට කරපු එක ආදර්ශවත්. (ස)
සුමනදාස ,ඔබ ගියේ හිදැල්ලන සීවලී මධ්‍ය මහා විද්‍යාලයටද? නැත්නම් ගඟබඩ සීවලී විද්‍යාලයටද? (නි)
මෙම පාසැලට රත්නපුර දිස්ත්‍රික්කය පුරාම ළමයි පැමිනෙනවා මෙවැනි දේ තුලින් ඒ සියලු දෙනාටම සමානව එම වරප්‍රසාදය භුක්ති විදිය හැකියි. ඉතා හොද වැඩක් ආදි ශිෂයෙක් හැටියට ඉතාමත් සතුටු වෙනවා.(හේ)
හොද වැඩක් කරලා තියෙන්නේ. හැබැයි ටෙන්ඩර් දෙනකොට හොදට හොයල බලල දෙන්න වෙයි. අහිංසක ළමයිනේ (අ)
සිවලියේ ආදී සිසුවෙක් වීම ගැන ආඩම්බර හිතෙනව. (ස)
1992 මම සීවලියේ ඉගන ගත්තේ. අපිත් කෑම කෑවෙ ඔය එහා ලෑලි මඩුවක් වගේ තිබ්බ කැන්ටිමේ .... බොහොම සතුටු කාරණයක්. (ස)
1958 කාලෙ නම් කැන්ටිමක් තිබුනේ නැහැ. පාරේ අයිනේ තිබුන ප්‍රැන්සිස් අයියගේ කඩෙන් තමයි අපි කෑවේ (නදී)
ෂඃ ! කොළඹ වත් නැතිව ඇති මෙචචර ලස්සන කැන්ටිමක්. (අ)
ඇමති තනතුරු දෙන්න ඕන මේ වගේ අයට. රුපියල් 7500 තුන්වේල මාසයක් කවන්න ගණන් හදන අැමතිලට වඩා. (ස)
සීවලී විදුහල් ආදි සිසුවකු වීම ගැන ආඩම්බරයි. (ස)
මම අවරුදු 8 ක් ඉගෙන ගත්තු පාසැල. සතුටුයි 97-2004 (නදී)
මම 1951 මේ ස්කෝලෙට යනකොට කෙන්ටිම තිබුනේ අල්ලපු වත්තේ (අ)
මටත් හරිම සතුටුයි. මේ ගැන මමත් ආදී සිසුවෙක් නිසා. (නදී)
මම 1994 සීවලියේ ප්‍රාථමිකයට ඇතුළත් වී අවුරුදු 13 ක් සීවලි විදුහල් මාතාවගෙන් අධ්‍යාපනය හැදෑරූ සිසුවෙක්. කමල් සර්, ඔබට පිං සීවලී මාතාව වෙනුවෙන් කරනු ලබන මේ විශිෂ්ට සේවාවට.සීවලී විදුහල් මාතාව මිණිපුර මිණිකැට විලසින් තව තවත් බැබළේවා ! (නි)