මැණික් ගඟේ ජිව මාලී තොටුපොළේ දිය කැපීමෙන් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ උළෙල අද (2) අවසන් විය. දිය කැපීම බැලීමට දසදහසක් පමණ ගඟට බැස සිටියහ. දිය කැපූ සැනින් ශුද්ධ ජලය රැගත් වන්දනාකරුවෝ ගම්බම් බලා යන්නට වූහ.