(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ 28 වෙනි සැතපුම් කණුවට නුදුරින් පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකළ කැණීම් වලදී ඉපැරණි බුදු පිළිම කිහිපයක් හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව කියයි.
මෙම ඉපැරණි බුදු පිළිම පොලොන්නරුව යුගයට අයත් ඒවා බවට විශ්වාස කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්‍ය පී.බී. මණ්ඩාවල මහතා අද (25) පැවසීය. කැණීම් කටයුතු මුළුමනින්ම අවසන් වීමෙන් පසුව එහි සංරක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවද ඒ මහතා කීය.
පොලොන්නරුව, 28 කණුව ප්‍රදේශයේ පිහිටි මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ මීට පෙර අවස්ථා ගණනාවකදීම නිදන් හොරුන්ගේ විනාශයන්ට ලක් වූ පුරාවිද්‍යා භූමියක් බව ප්‍රදේශවාසීහූ පැවසූහ.
මහජනතාව විසින් ඒ පිළිබඳව දිගින් දිගටම පෙන්වා දීමෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව අවධානය යොමුකොට පසුගිය කාලයේ ඒ ස්ථානයේ ආරක්‍ෂක කටුකම්බි වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබූ බවද ඔවුහූ කියා සිටියහ.
මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ මායිම්වලින් පිටතද ඉපැරණි ගල්කණු ගඩොළු ආදිය විශාල වශයෙන් විසිරී පැතිරී තිබෙන බව එම ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකත් වහලා දාන්න ඕනේ... ආයතනයක් මහත්තයෝ. රටේ සල්ලි ටික ගිලින බහිරවයෙක්...
පුරාවිද්‍යා කටයුතු පුද්ගලික අංශයට දියයුතුයි. එතකොට ඉක්මනින් සංරක්‍ෂණ වැඩටික කෙරේවි.
පුරා විද්‍යා එක හරියට වැඩ කරනවාද කියල බලන්න
මේ රටේ කොහේ වුනත් තියෙන්නේ බුදුන්ගේ ධර්මය තමයි. මේක බුදුන්ට පුදපු රට...