ප්‍රියංකර ජයසිංහ
මන්නාරම මඩු රක්ෂිතය තුල නීති විරෝධී ලෙස වනය විනාශ කරමින් අක්කර 40 කට ආසන්න ප්‍රමාණයක වසර ගණනාවක සිට අන්නාසි වගාවක් අරම්භ කර ඇති බව පරිසර වේදීන් චෝදනා කරති .
මන්නාරම මඩු පාර වනජීවි අභය භුමිය ආසන්නයේ පිහිටි මඩු රක්ෂිතය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් අක්කර 93828 ක රක්ෂිතයකි.මඩු රක්ෂිත තුළ මාර්ග ඉදිකරමින් කම්බි ගසා කොටු කර අවසරයකින් තොරව අන්නාසි වගාවක් අරම්භ කර ඇත්තේ වන සංරක්ෂණ අණපනත් සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් බවද කියයි.
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එළි පෙහෙළි කළ අක්කර 40 ආසන්න භුමියේ අන්නාසි වගා කර ඇති අතර පොල් වගා කිරීමට ද සූදානමක් ද ඇති බව සඳහන් වේ.
කෑලෑව තුළ මෙම අන්නාසි වගාව ආරම්භ කර ඇත්තේ ආයෝජන මංඩලය මගින් ක්‍රියාත්මක කාබනික අන්නාසි වගාවක් සිදුවන බවට විශාල පුවරුවක්ද සවි කරමිනි . මෙම අන්නාසි වගාව ඊශ්‍රායල් ජාතික ව්‍යාපාරිකයකු සිදු කර ඇති බවටද තොරතුරු ලැබි තිබේ .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොට්ටයොද ලංකාවේ ඉන්නෙ?ගමේ කෙල්ලන්ගෙ හැම හත්හිලව්වක්ම ක්ෂණයකින් ගම වට්ටේට පතුරවන එව්වන්ට අවුරුදු ගානක් අක්කර හතලික අන්නාසි වගාව පෙනුනෙ නෑ.නිල්ලට තියන රූස්ස වනාන්තරයක් පිටරැටියෙක් විනාශ කලේ අමන දේශපාලන හස්තයකින්ද?එහෙනම් මේ චන්දෙ කාලේ වැහි නැති හෙන වැදියන්..
දෙය්යො දනී මං නොදනී.
බොහෝවිට සිදුවන්නේ පොල්වගා ඉඩම් අවුරුදු දෙකකට අන්නාසි සඳහා බදු දීමයි . පළමුව අන්නාසි වගාකර පොල් සිටුවීම කරනතුරු අදාළ බලධාරීන් නිදාගෙන සිටියාද දන්නේ නැහැ.ලංකාවේ නොවන විදේශිකයෙකු මෙවැන්නක් කරනතුරු පුදුම වීමට දෙයක් නොවේ. වායු කොම්පැනියේ සභාපති වුනෙත් විදේශිකයෙක් නොවැ
ඔය නිලදාරී කියන අය ටිකක් ඉන්නවා නේද අපේ බදු මුදල්වලින් එදා වේල කන ඒ අයත් නිදාගෙනද හිටියේ ????
අපරාදේ ප්රභාකරන් මරලා දැම්මේ
වහාම ඔහුව රටෙන් පැන්නිය යුතුයි...
කොමිස්කාරයෝ එක්ක හාදවෙලා පිටරැටියා කරපු මේ පරිසර විනාශය වහාම නැවැත්විය යුතුය. බැකෝ දමල හදපු අන්නාසි වත්ත බැකෝ දාලම ගලවා විනාශ කරන එකයි තියෙන්නේ ! රට කාපු මේ පිටරැටියා ගුවන් ගතවීමට ඉස්සර අල්ලා නඩු දමා කූඩු කරන්න. එයට උල්පන්දම් දීලා කොමිස් කාපු අපේ රටේ අයටත් අමතක නොවන විදියේ දඬුවම් දීමට රජය උත්සුක විය යුතුය.
ලාංකිකයෝ, " ලෝකෙන් උතුම් රට ලංකාවයි, සිරි ලංකාවයි. අපෙ නිජ භූමිය ලංකාවයි!"
පිස්සුද? ඒ කැලේ තියෙන විල්ලුවෙ වල් පැළ වෙනුවට අන්නාසි ඉබේ පැළ වෙලා. ඇයි මොකෝ වෙන්න බැරිද? ඔය කැළේ හැදෙන අඹ "වල් අඹ" වගේ " වල් අන්නාසි"...
පරිසර ඇමතිකම තමන් යටතේ තියා ගන්න ඕන කියමින් මේ වෙන්නේ මොනවාද? මේවා ජනාධිපති වරයා දන්නේ නැත්නම් ඔහු වහාම ඒ ඇමති ධුරයෙන් ඉල්ලා අස් විය යුතුයි.මේ ආණ්ඩුව යටතේ බරපතල පරිසර විනාසයක් සිදු වෙමින් පවතී.එක පැහැදිලි කරුණක්.