ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 200 කාන්තා ඉසව්වේ අවසන් මහා තරගයේදී එම ඉසව්වේ ලෝක ශූරිය වන ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල් පරාජයට පත්වුවාය. අවසන් වරට පැවැති බීජිං ඔලිම්පික් උළෙලේදී සහ 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී මීටර 200 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් කැම්බල් මෙවර ක‍්‍රීඩා උළෙලේදී සිවුවැනි ස්ථානය දක්වා පසු බැස්සාය. ඒ තත්පර 22.38 කිනි.
බීජිං සහ ඇතන්ස් ඔලිම්පික් උළෙල දෙකේදීම මෙම ඉසව්වේ රිදී පදක්කම් ලාභිණිය වු ඇමරිකාවේ ෆීලික්ස් ඇලිසන් මෙවර රන් පදක්කම දිනා ගත්තාය. ෆීලික්ස් තරගය තත්පර 21.88 කින් නිම කළාය. මෙවර ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 ඉසව්ව ජය ගනිමින් වේගවත්ම කාන්තාව වු ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රෙසර් රිදී පදක්කම දිනා ගත්තාය. ඇය තත්පර 22.09 කින් තරගය නිම කිරීමට සමත්වුවාය.
ඇමරිකාවේ පීටර් කර්මිල්ටා තත්පර 22.14 කින් තරගය අවසන් කර ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මීටර 200 කාන්තා රන් පදක්කම ලෝක ශූරිය පැරද වු ඇලිසන්ට
නිශාඩ් පෙරේරා Friday, 10 August 2012 09:22 AM
මේව දකිද්දි මතක් වෙන්නෙම සුසන්තිකායි , ශ්‍රියන්තියි , දමයන්ති දර්ශායි .ඒ වගේ අය ආයෙත් අපිට කවදා දකින්න ලැබෙයිද දන්නේ නෑ....(ස)
අනුර Thursday, 09 August 2012 08:38 PM
ඔබට සුබ පතමි සුසන්තිකා හිටියනම් හොඳ තරඟයක් බලන්න තිබුණා.(අ)