‘දවසකට මට දුරකථන ඇමතුම් 10ක් 15ක් එනවා. අහවල් ලේකම් බැසිල්ගේ හිතවතෙක්. අහවල් අතිරේක ලේකම් නාමල් එක්ක බිස්නස් කරපු කෙනෙක්. තාමත් පරණ අයමයි වැඩ කරන්නේ. මේකද යහපාලනේ. මේ වගේ ප්‍රශ්න අහනවා. මම කැමැතියි මට බලයක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලයේ 6 දෙනෙක් අයින් කරනවා. අමාත්‍යංශ ලේකම්වරු 11ක් වහාම ගෙදර යවනවා මට බලයක් තියෙනවානම්‘ යැයි යටියන්තොට පැවැති ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ගුණ සමරු උළෙලේ දී සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.
‘දීර්ඝ කාලයකට පසු ශිලාචාර රාජ්‍ය පාලනයක් සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට ඉඳගෙන තියෙනවා. මම ඇතුළු අප සියලු දෙනාට වත්මන් ආණ්ඩුව පිළිබඳ බරපතල විවේචනයක් තියෙනවා.‘ යැයි ද විජේසූරිය මහතා කීවේය.
COMMENTS
ඩොලර් වලට යටවේලා, ඇමරිකාවට ගැතිකම් කර කර මේ රට කන අණ්ඩුවට කඩේ යන්නේ කවුද කියලා දැන් අපි හොඳට හඳුනාගෙන ඉවරයි (නි)
ඔබතුමාලා පැවති පාලනය වෙනස්කළේ රට හරි මාවතට ගන්න. ඔබලාගේ දේශනා අහලා ජනතාව ඡන්දය දුන්නා. දැන් අතන මෙතන කියලා හරියන්නේ නැහැ, තිබෙන පාලනය ඔබට ජනතාවට අකැපයි කියලා. ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. නැත්නම් ජනතාවගේ කාලය ජනතාවගේ මුදල් නාස්ති වෙනවා වගේම රටේ දියුණුව ආපස්සට යනවා. අවසාන වශයෙන් ඔබලත් රට කාපු ගොඩට වැටෙනවා. (නි)
මේ දේශපාලන සංස්කෘතිය සුද්ධකරන්න නම් ගලේ ගහලා අපුල්ලන්න වේවි. සද්දේ විතරයි. වැඩ නැහැ! (නි)
මෙතුමා කතාකරන්නේ හරියට 2015 ඡන්ද වලදී තමන් බලය අරන් කතාකරපු හැටි මතක නැතුවා වගේනේ. ඔබතුමාලාම නේද 2015දි බලය ගත්තේ. තැටිය රත්කළා නම් රොටියත් ගානට පුච්චාගන්න දැනගන්න ඕනෑ නේද? (නි)
අනේ මන්ද මොනව කියන්නද. (හේ)
රජයේ වැඩ වලට ඇඟිලි දික් නොකර ඉන්නවා නේද හොද මහත්තයෝ.(හේ)
රට පුරුදු වෙලා තිබුනේ කාගේ හරි ලේ බීලා සූරන් කාල සල්ලි හොයන්න . මේ පුරුදු අත් හරින්න සැහෙන කාලයක් යයි (හේ)
මෙතුමා ගැන මගේ තිබුණු ගෞරවය දැන් නැත්තටම නැතිවෙලා. (නි)
වෙනසක උරුමය - අරුමය සහ කරුමය (නි)
මට බලයක් තිබෙනවා නම් සියලුදෙනාම ගෙදරම යවනවා (නි)
මහත්තයෝ ඔයයලට රිෂාද් බදුර්දීන්ලා කරන දේවල් පෙන්නේ නැද්ද ? (බ)
ධම්ම මහතාගේ ප්‍රාර්ථනාවට මමද එක්වෙමි. සෝභිත හිමියනි, තැටිය රත්කරගෙන රොටිය පුළුස්සා ගැනීමේ දැඩි අධිෂ්ඨානය වර්තමාන රජයට ඇති බව අපි දනිමු. එයට ඇති බාධක නවතා දැමීමට තව්තිසාවේ සිට හෝ දිවැස් හෙළනු මැනවි! (නි)
ඔබ හරි. අපි ඔබ සමඟයි. මේ රටේ අයට තේරෙන්නේ නැහැ (නි)
මටත් බලයක් තිබුනා නම් මම දන්නවා කරන්න ඕනෑ දේ (නි)
තමන්ට සිතූ පැතූ සියල්ල කරන්න පුලුවන් කියලාද හිතාගෙන ඉන්නේ (නි)
මාර කථාවක්නේ කියන්නේ. ආණ්ඩුව මාරු වුනාම මිනිස්සු ජොබ් එකෙන් එලියට දාන්නද කියංනේ ? වැරදි කරලා තියෙනවා නම් උසාවියෙන් කරන දෙයක් කරාවි. රාජපක්ෂ ආන්ඩුවේ මිනිස්සු රාජපක්ෂලා එක්ක තමයි වැඩ කරන්න ඕන. ආන්ඩු පෙරලුනාට පසුත් එහෙමනම් මාරු කරන්න. (බ)
ඔය කියන ඇමතිවරු මෙවර පාර්ලිමේන්තුවට ආවේ ඡන්දය දිනලද නැත්නම් අර පස්ස දොරෙන් ආව කට්ටියද? ඒවා වෙනකොට ඇයි කතා නොකරේ. හැඳි නොගා බලන් හිටියා නම් කිරිහොද්ද කැටි වෙයි කියලා හිතුවේ නැද්ද? (බ)
අනේ ධම්ම දැන්වත් ඔය විහිළුව නවත්වන්න. සෝභිත හාමුදුරුවන්ට ජීවත් වෙලා ඉඳිද්දීම ලැබුනේ කලකිරීම. මතකනේ කිව්වා තැටිය රත්වුනාට රොටිය පිච්චෙන්නේ නැති කතාවක්. ඉතින් උන්වහන්සේ දැන් කොහොමද මේ යහපත් වැඩවලට අත දමන්නේ. (බ)
30 ට අඩු කරන්න 62 කම ගෙදර යවන්න (බ)
ඔයිට වඩා හොදයි කවුද යකෝ මගේ අමුඩේ කැත කළේ කියලා ඇහුවානම් (බ)
මොනවාද මේ කියවන්නේ? (නි)
දේශපාලනය අතිශයින් පෞද්ගලිකයි. අද සියලුදෙනා නැතහොත් බොහෝ දෙනා දේශපාලනය යොදාගන්නේ තම පෞද්ගලික අරමුණු සාධනය උදෙසායි. රාජ්‍ය පාලනයේ හරි වැරදි දකින්නේද එම ස්ථානයේම සිටයි. ඒ නිසා ඔය විවේචන වලින් සිදුවෙන යහපතක් නැහැ. ඔබ කියන විදියට ඔබට බලයක් තිබුණා නම් ඒ බලය පාවිච්චි කරලා වැරදි කරන අය එළියට දානවා. එහෙමනම් නීතිය, අධිකරණය කුමකටද? (නි)
ඔබතුමාට තිබුණු ගෞරවය ඔබ නැතිකරගෙන තියෙන්නේ යහපාලනයේ පිහිටෙන්. දැන් ඔය කතා කිවුවට මිනිස්සු රවටන්න බැහැ (නි)
අපේ රටේ උගත්තු බොහෝවිට කරන්නේ වැඩිම මුදලට විකිණෙන එක. සමාජයට මුහුණදෙන්න ඕනෑ හින්දා මොනවාහරි දෙයක් කියනවා. රටට හිතැති බව පෙන්නන්න ඇත්තටම. (නි)
මහින්දගේ ආණ්ඩුවට වඩා නම් හොඳයි (බ)
බලය නැති තැන ඔක්කොම අවංකයි, බලය ලැබුනම ඔය අවංක කම කොහෙන් යනවද දන්නේ නැහැ. (ර)
ජවීපෙ ට බලය දෙන්න කාලේ හරි. වෙන විකල්පයක් නෑ (බ)
ලංකාවේ ලොකුම ප්‍රශ්නය තමා නියම අවංක අයට නිසි බලය නොලැබීම,.....බලමු කවදා මෙම ක්‍රමය ඉවර වේවිද කියා ,......(හේ)
මෙයාලට ඕන වුනේ මහින්ද පරාජය කරන්න විතරයි . රට හදන්න නෙමෙයි.දැන් තේරෙනවාද ඇත්තමට යහාපාලනයට මොකුත් කරන්න බැරි බව. යහපාලනය යනු හුදෙක් වචනයකට පමණක් සිමා වූ දෙයක් බව මුළු රටේම ජනතාවට තේරෙනවා .(බ)
බලය නැතුව මෙහෙම නම්, තිබුණා නම් කොහොම වෙයිද? (නි)
බලයක් නැති එකමයි හොඳ (නි)
යහපාලනයට එන්න කලින් අපි ඔබතුමා ගැන හිතාගෙන සිටි විදිය වැරදියි කියලා දැන් නම් දන්නවා. තිබූ පිළිගැනීම බින්දුවට දාගත්තා. (නි)
සලීම්, ඩෙන්සිල්, ලයනල්, ඔබ හරියටම හරි (නි)
ඇයි ඔයාලම නේද රනිල්ලාට රට බාරදුන්නේ? දැන් ඉතින් ඉවසන්න (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
රාජපක්ෂ පාලනය තුළ ඉහවහා ගිය දූෂණය, හිංසනය සහ අපරාධ වසර දෙකක් ගතවීමට මත්තෙන් ජනතාවට අමතක වී ඇතැයි සිතාදෝ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ගැන කතා කියමින් බොරුව සහ නිර්ලජ්ජීභාවය පාද යාත්‍රාව ඔස්සේ ප්‍රදර්ශනය කෙරිණි. වත්මන් ආණ්ඩුවේ අපමණ දුබලතා පැවතුණද දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා දක්වන අවංක කැපවීම සුළුකොට තැකිය නොහැකිය. සමහරුන්ට එය දරාගැනීමට අපහසුවීම ගැන පුදුම වියයුතු නැත. සමහර අදහස් දුටුවිට මතක් වන්නේ ලේ රසට හුරු තිරිසන් සතුනට ලේ රස හැර වෙන මොනම රසයක් ගැන හැඟීමක් හෝ තිබෙන්නට නොහැකිය යන්නයි (නි)
තමන්ගේ පෞද්ගලික මතය ජනතාවගේම මතය කරන්න හදන කීදෙනෙක් නම් ඉන්නවද? (නි)
අපිටත් තියන ප්‍රශ්නය එ්කයි. දැන් අපිට බලයක් නැහැ. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු කීප දෙනෙක් අවංකයි. බොහෝ දෙනෙක් ලාභ ප්‍රයෝජන තකා වැඩ කරන්නේ. රටට සේවයක් වන්නේ නැහැ. මහජනතාව මීට වඩා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් මඟින් යහපාලයන නිවැරදි කළයුතුය. නැත්නම් පසුගිය ජරා පාලනය අායෙත් ඒවි. (නි)
ඉතින් විජේසූරිය මහත්තයෝ, කවුද මේ පුද්ගලයෝ? කවුද ඒ ඇමතිවරු හය දෙනා? කවුද ඒ අමාත්‍යංශ ලේකම්වරු 11 දෙනා? සමහරවිට ජනපතිතුමාවත්, අගමැතිතුමාවත් පැරණි රජයට සම්බන්ධ ඔබ කියන එම හෙන්චයියලා ගැන නොදන්නවා වියහැක. ඔබගේ කතාවේදීම ඒ ටිකත් පැහැදිලි කළා නම් නරකද? ඒ අය එළියට දැමීමට ඔබට බලයක් නැතිවුණත් රජයට එම බලය තිබෙන නිසා දැන්වත් ඔය ආරංචිය රටට හෙළි කරන්න. අපටත් තේරෙනවා රජය ඉතාමත් මන්දගාමී බව. මොනවා කරන්නද? (නි)
ඔය බලය කවදාවත් ලැබෙන්නේ නැහැ. අපේ දේශපාලන රටාව වෙනස්. වැරදි කරන අය නිවැරදි කරන්න බැරි ඔවුන් වැඩටත් දක්ෂ නිසා. ජනතාව සමඟ ඉන්න දන්නා නිසා. පාරම්පරික දේශපාලනයට කැමති නිසා (නි)
ඔබතුමාගේ කතාව ඇත්ත. මම දන්නා දේශපාලකයෙකුට කඩේ ගිය අයෙක් දැන් තව අමාත්‍යංශයක දෙවන පුටවේ වැඩ. දැනටමත් රට සවාරි කීපයක් ලබාගෙන යහපාලනයේ සැප ගන්නවා. ඔහොම අය ගැන මොනවා කියන්නද? (නි)
ඕවා ඉතින් කියලා විතරක් වැඩක් නැහැනේ මහත්තයෝ (නි)
එ් කියන්නෙ ඔබතුමාලත් අපිට ලෙකු රඟපෑමක් කරලා තියෙන්නෙ. ඡන්දෙ කාලෙදි වැඩකරන හැටියට අපි හිතුවා බලයට පත්වුණාමත් රට නිවැරදි මාවතක ගෙනියන්න උදවුවෙයි කියලා. දැන් බලයක් නැහැ කියලා ඉන්නෙ අැත්තටම ඔබ බලාපොරොත්වුණ දෙයක් නොලැබීමද, නැත්නම් මහින්ද මහතා සමඟ තිබුණ අමනාපයකට එතුමා පරාද කළයුතුයි කියන මතය සමඟ එකතුවීමද? (නි)
මහාචාර්ය සරත් විජේසූරිය මහතා ගේ අදහස 100% සත්‍යයි. (නි)
මේ අයට තිබෙන ලොකුම ප්‍රශ්නය අපිට තේරෙනවා. රටට හෙණ ගැහුවත් ඊර්ෂ්‍යාවෙන් පළිගැනීම ගැන පමණක් කතාකරන අය ගැන අපිට තියෙන්නේ ලොකු කළකිරීමක්. රාජපක්ෂ කළ ලොකුම වැරැද්ද යුද්ධය නැවැත්වීමයි (නි)
උපාලි, ජනවාරි 8 ඒකාධිපතියා ජයග්‍රහණය කළා නම් බලාගන්න තිබුනා ඔබ කී දේවල සත්‍යය. එහෙනම් මේ වෙනකොට විපක්ෂයක් අද ලංකාවේ නැහැ. (නි)
මහත්තයෝ, ඉතින් අපිත් ඕකම තමයි බලාපොරොත්තුව එදත්, අදත්, තවමත්. ඔබ ඔය අයගේ නම් ගම් ටිකත් කියන්නකෝ. අපිට කියන්නට බැරිනම් වගකිවයුත්තන්ට හරි කියලා බලන්න (නි)
අපිට පේනවා සාධාරණ සැමගේම හැටි (නි)
මේ විපත්තිය කළේ කවුද එතකොට? (නි)
යහපාලනය නම් කවුරු වැඩකළත් මොකද වෙන්නේ? ඔක්කොම ශ්‍රී ලාංකිකයෝනේ (නි)
ඒක වෙන්න ඇති බලයක් දීලා නැත්තේ (නි)
කරන දෙයක් ඉක්මනට කරන්න මහත්තයෝ (නි)
අර මහබැංකු සිද්ධියට සම්බන්ධ අය ගෙදර යවන්න අදහසක් නැද්ද? (නි)
අනේ මහත්තයෝ, දැන්වත් පොතක් ලියාගෙන දේශනයක් කරගෙන ඉන්නකෝ. මිනිස්සු ඔබතුමාලගේ කතා වලට ඇදගත්ත කාලය ඉවරයි. ජනවාරි 8 දා වුණේ මුහුණු වෙනසක් මිස ක්‍රමයේ වෙනසක් නොවන බව සක්සුදක් සේ පැහැදිලියි. (නි)
හැමෝටම බලේ ආ විට මොළය නැතිවෙනවා. මොළය තියෙනකොට බලය නැහැ (නි)
අයෙක් වරදක් කර ඇත්නම් එය පිළිගතහැකි සාක්ෂි සහිතව නීතිය ඉදිරියේදී නීත්‍යානුකූලව සනාථ කිරීමෙන්ම පමණක් දඬුවම් පැමිණවිය හැකිය. එසේ නොමැතිව දඬුවම් පැමිණවිය හැක්කේ ඒකාධිපති බලයක් භාවිතා කරන්නේ නම්ය. උගතෙකු හෝ වගකීම් දැරියහැකි පුද්ගලයකු ලෙස පිළිගත යුත්තේ මෙවැනි සුළු දෙයක් පහසුවෙන් තේරුම් ගැනීමට බුද්ධියක් ඇත්නම් පමණි. හිස් බස් දොඩමින් කාලය අපතේ නොයවා, පිළිගත හැකි සාක්ෂි ඇත්නම් අදාළ අංශවලට ලබා දීමට කටයුතු කිරීම අපේ පරම යුතුකමයි (නි)
අනේ මෙහෙමත් සිහින! මගේ රටට වුණ දේ ගැන දුකයි (නි)
ඔබට බලයක් නොලැබෙන්න හේතුවත් ඒකම වෙන්න පුළුවන්. දුරකථන ඇමතුම් විශ්වාස කරලා රටටම බලපාන තීරණ ගන්න එක හරිද? ජනපතිතුමා නම් හරියටම හිතලා තීරණ ගන්නේ. එතුමාට ඒ වැඩේ කරන්න ඉඩදෙන්න (නි)
ඔබතුමා හරි. ඔබතුමා කියන මේ දේශපාලකයන්ගේ ජානවල "චෞර න්‍යාය" කිඳාබැහැලා. ඒගොල්ලෝ ඒක සසර පුරුද්දට කරන්නේ. ඔවැනි දේශපාලකයන් අපේත්, අපේ රටේත් අවාසනාවට පහළ වූ පිරිසක්. (නි)
ඇත්තම කාරණය නම් කවුරුත් ගෙදර යවන එක නොවෙයි විසඳුම. ඔක්කොම එකතුවෙලා මේ දේවල් වලට හේතු හොයන එකයි තියෙන්නේ. ඔය වැරදි කරනවා කියන අය කැඳවලා මුහුණටම කියලා ඒ වැරදි කරන්න එපා කියලා කියන්න ශක්තියක් නැද්ද? ඒ වගේම ඒ අයගේ තොරතුරු මහජනතාවට දැනගන්න සැළැස්විය යුතුයි. රජයේ නිලධාරීන්ට විනය පිළිබඳව පුහුණුවක්ද දියයුතුයි. (නි)
බලයක් නැතුව ඔහොම නම් බලය ලැබුනදාට කොහොම වෙයිද? (නි)
දේශපාලනයෙන් බැහැරවෙලා හිටියා නම් මීටත්වඩා මිනිස්සු ඔබට සළකන්න තිබුණා. (නි)
මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. පසුගිය කාලේ නම් බලය තියෙනකොට තමන්ට ඕනෑ විදියට නටන්න පුළුවන්. දැන් එහෙම බැහැ. උසාවියට හිස නමන්න ඕනෑ. (නි)
මේ ජරාජීර්ණ සමාජයේ විජේසුරිය මහත්තයා වගේ මිනිස්සු දෙවිවරු. මේ මිනිස්සු ජීවිතය පරදුවට තියලා වැඩ කරන්නේ මේ සමාජය යහපත් සමාජයක් බවට පත්කරන්න. නැතුව තාන්න මාන්න ගන්න නෙමෙයි. එහෙම වැඩකරන මිනිස්සු කී දෙනාද මේ රටේ ඉන්නේ. මේ අය අපි අගය කරන්න ඕනෑ (නි)
මහාචාර්යතුමනි, ඔබගේ අදහස් වටිනවා. නමුත් මේ අවස්ථාවේදී විවේචනය කරමින් සිටිනවාට වඩා පැහැදිලි උත්සාහයක නිරත වෙන්න මේ වත්මන් පාලකයන්ව හරි මඟට ගන්න. ඔබතුමා ඇතුළු අනෙකුත් සිවිල් සමාජ ගත්තා වූ උත්සාහයන් අමතක කරන්න සහ අතහැර දමන්න එපා. ඔබගේ උත්සහයන් වල ප්‍රතිඵල අනිවාර්යෙන්ම ලැබේවි. (නි)
රටේ බිහිවෙන සංගම් ගැන මහජනතාවගේ එතරම් පැහැදීමක් නොමැත. (නි)
යුද්ධය තවම තිබුනා නම් මෙහෙම කතා කරන්නවත් හැකියාවක් ලැබෙයිද? (නි)
මෙතුමා පහත් දේශපාලඥයෙක් විදිහට සළකන්න එපා. අපි ජීවත්වෙන්නේ අමුතුම රටක (නි)
ලයනල්, ඔයා මොනවා දන්නවද? අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ජනතාව බලය දුන්නට ඒ බලතල ක්‍රියාත්මක කරන්නත් පුලුවන් වෙන්න ඕනෑ. (නි)
අවිචාර මිනිසුන් ආශ්‍රය කරන, ඔවුන්ගෙන් යැපෙන අය තමයි ඔබතුමා වැනි අයට ගරහන්නේ. රටට හෙණ ගැහුවත් මොකද, එයාලා අදහන හොරු කල්ලිය බලයට එනවා නම් හොඳයි කියන ප්‍රාර්ථනාවෙන් බලාගෙන ඉන්නවා (නි)
මහාචාර්යතුමන්, මුල ඉඳලම පටන් ගත්තොත් හොඳයි නේද? දෙවැනි කාරණය, 'අධ්‍යාපනයේ තිබෙන ස්වාධීනතාව' දේශපාලනියකරණය කරන්න එපා.
බලය ලබාදෙන්න දරදිය ඇද්ද මිනිසුන් දැන් අන්තිම පඩියට වැටිලා. සෝභිත හිමියනි, තව්තිසාවේ සිට හෝ දිවැස් හෙළනු මැන! (නි)
කතාව සහතික ඇත්ත. නිදසුන් ඕනෑතරම්. රජයට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ තොරතුරු සඟවන අය එමටයි. (නි)