ගත වූ පස් වසර තුළදී රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවට තිදෙනකු මිය ගොස් ඇතැයි රන්ටැඹේ ශිෂ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ආරංචි කියයි.
2008 වසරේ රත්නපුර අට වැනි බලඇණියට බලංගොඩ ආනන්ද මෛත්‍රීය විදුහලේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු වසන්ති නයනී ජයසේකර (15) නම් සිසුවියක මෙසේ පුහුණුව ලබද්දී මිය ගිය අතර ඇගේ මරණය ඇසූ ඇගේ පියා ද එදිනම මිය ගියේය.
අනතුරුව 2011 ඔක්තෝබර 04 වැනිදා කුරුණෑගල හතරවැනි බලඇණියට අයත් පොල්ගහලෙන රත්මල්ගොඩ මහා විද්‍යාලයේ ඉෂාරා සඳමාලි බස්නායක (15) සිසුවිය ද පුහුණුව ලබද්දී මිය ගොස් ඇත.
විදුහල්පති නායකත්ව පුහුණුව අතරතුර ඊයේ (30) මිය ගිය රත්දොළුගම පඤ්ඤානන්ද විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික්‍රමසිංහ මහතා රන්ටැඹේදී මිය ගිය තුන්වැන්නායි.
රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයට ආසන්නම රෝහල මොරවැව අඹගහපැලැස්ස ප්‍රාථමික රෝහල බටත්, එම රෝහලට යෑමට කිලෝමීටර් අටක් යා යුතු බවත්, මහියංගනය මූලික රෝහලට යෑමට කිලෝමීටර් 25 යා යුතු බවත්, මෙම පුහුණු මධ්‍යස්ථානයේ කාලයක සිට වෛද්‍යවරයකු නොසිටි බවට විශ්වාස වන්ත තොරතුරු ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය වන රක්ෂිතයක් මැද පිහිටි නිසා රාත්‍රී කාලයේ හදිසි අසනීපයකට ලක්වූවකු වන අලින්ගේ තර්ජන නිසා රේහල් ගෙනයාමේ නොහැකියාවක් ඇතැයි ද ස්ටාලින් මහතා සඳහන් කරයි.
1881දී ජාතික ශිෂ්‍ය භට බලකාය ආරම්භ කර ඇති අතර වයස අවුරුදු 16ට ඉහළ සිසුන් මෙහි පුහුණුව ලැබූවත් 2005 සිට එම වයස් සීමාව අවුරුදු 14 දක්වා අඩු කර ඇත.
1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගිතා (පරීපූරක හමුදා) පනත යටතේ ශිෂ්‍ය භට නිලධාරීන් ලෙස බඳවා ගත හැක්කේ ද වයස අවුරුදු 30ට අඩු ගුරුවරුන් පමණක් බවට සඳහන්ව තිබියදී විශ්‍රාව යෑමට ආසන්න වයසේ පසුවන විදුහල්පතිවරුන් ඒ සඳහා යොමු කිරීමෙන් මේ කණගාටුදායක ඉරණම අත්වූ බව ද ස්ටාලින් මහතා කීවේය.
රන්ටැඹේ කඳවුරේ වෛද්‍යවරයෙක් නොවූවත් ආරක්ෂ අමාත්‍යංශයට මගින් වෛද්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ප්‍රතිපාදන ලබා දීම සිදුවන බවද දැනගන්නට ඇත.
පුහුණුවට ආ කිසිම විදුහල්පතිවරුයකු එම පුහුණු මධ්‍යස්ථානයේදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර නැතැයි ද දැනගන්නට ඇත.
සබැඳි පුවත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ වසර 22 ක් සේවය කළහම පෙන්සන් දෙනවා, සුද්දෝ එහෙම නීති හදලා තියෙන්නේ ශාරීරික යෝග්‍යතාවයත් හිතලා. නමුත් අපේ අය අවුරුදු 52 අයට හමුදා පුහුණව දෙන්න යනවා. ප්‍රතිපලය මෙවැනි අවාසනාවන්ත දේවල් ... (දී)
ඉතින් වතුරේ නාන්න ගිහින් දියේ ගිලිලා මැරෙන්නේ වයස වැඩි නිසාද? නැත්නම් ගොඩක් කාලෙකින් නාලා නැති නිසාද? වෙලාව ආවහම කොහේ හිටියත් මැරෙනවා. බෝතලයක් ඇරලා පාටියක් දාන්ඩ හේතුවක් නැතුවුනහම ගෙදර ඉන්න බලුපැටියට පැටව් හම්බවෙන එකත් බීමට හේතුවක්නේ. දැන් ඔය ගතවූ පස් වසරේ කීදෙනෙකුට පුහුණුව දීලද තුන්දෙනෙක් මැරිලා තියෙන්නේ? (නි)
වෛද්‍යවරුන්ගේ ඔඩොක්කුවේ ඉඳගෙන ශිෂ්‍ය භට පුහුණුව ලබල වැඩක් නැහැ. නමුත් වැඩිහිටියන් නායකත්ව පුහුණුවට කැඳවීමේදී ශාරීරික දුබලතා තිබෙන අයට මසක් තුල ලබාගත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්කර නගරාසන්න අබාධිත පුහුණු විශේෂ වැඩසටහනකට යොමුවීමට අවස්ථාව ලබාදියයුතුයි. එසේම දරුවන් ශිෂ්‍ය භට පුහුණුවට බඳවා ගැනීමේදීත් පවුල් පසුබිම හා පරම්පරාගත රෝගාබාධ සොයාබැලීමෙන් අනවශ්‍ය ලෙස දුර්වලයින් පුහුණු කිරීම වෙනුවෙන් කාලය, ශ්‍රමය හා පිරිවැය දැරීමට සිදුවන්නේ නැහැ.(නදී)
අනේ මන්දා. කාට කියන්නද මේවා......... (නි)
මම අහල තියෙන විදයට හමුදා පුහුණුවට එන අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් මැරුනොත් තමා මේ පුහුණුව සාර්ථක වුනා කියලා හමුදාව පැත්තෙන් හිතෙන්නේ. මම දියතලාවේදී මේක දැකලා තියෙනවා. පසුපසින් වෙනම වාහනයක් එනවා බිම වැටෙන අයව ගෙන යන්න. කොයිතරම් වතුර තිබහ තිබුණත් කවුරුහරි වතුර ටිකක් දුන්නොත් වතුර බීපු එකට උපරිම දඬුවම් දෙනවා එතනදීම. ඉතින් මේ වගේ පුහුණුවක් මේ වයසක මිනිසුන්ට හරියන්නේ නැහැ. උසාවි නියෝගයක් හරි අරන් මේක නවත්වන්න ඕනෑ. නැත්නම් තව කීදෙනෙක් මැරෙයිද දන්නේ නැහැ (නි)
ගුරුවරුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට හමුදා පුහුණුව කියන්නේ කිසිම වැඩකට නැති ප්‍රයෝජනයක් නැති සල්ලි නාස්ති කරන වැඩ පිළිවෙලක් ලෙසයි මම නම් දකින්නේ. මට පුදුම මේවට හොඳයි කියන අයත් ඉන්න එකයි. (නි)
මින් පස්සේ ඔය පුහුණුවීම් වලට යනකොට ඒ යන අය තියෙන දේපල අනිත් පවුලේ අයට ලියලම ගියානම් තමා හොඳ.(නදී)
මේවා කරන අයට පිස්සුද ? නැත්නම් පුරවැසියන්ට පිස්සුද? නැත්නම් මෙයාලා පත්කළ අපට පිස්සුද ?ඔහොමම යමු හොදේ . (නි)
අපි ගුරු සංගම් ගැන කණගාටු වෙනවා.එයාලා ඔහේ ප්‍රකාශ නිකුත් කරනවා.ශිෂ්‍ය බට බලකාය කියන්නේ අවුරුදු 130 වඩා පැරණි සංවිදානයක්. හැම කෙනෙක්ම පුහුණුවට කලින් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා තමයි ගන්නේ.ඒවා ප්‍රකාශ නිකුත් කරන්න කලින් දැනගන්න ඕනෑ.මේ සිදුවීම බරපතල පුහුණුවක් නිසා වෙච්ච දෙයක් නෙමෙයි. පපුවේ අමාරුවක්.අපේ මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍යය දුර්වලයි.එක සිදුවීමකින් ඔක්කොම නවත්තන්න තමයි කතා කරන්නේ. (නි)
පුළුවන් නම් මැතිසබේ කට්ටියට ඔය පුහුණුව දීලා පෙන්නන්න. (නි)
මළත් මොකද කියලා හිතෙනවාද දන්නෙ නැහැනේ කර්නල් නිල ඇදුම ඇදලා (නි)
යම් අයකුගේ ජීවිතය අණ දීමක් තුලින් නොව පහදා දීමක් තුලින් තේරුම් කර දිය හැක. ශිෂ්‍ය භටයක් ගෙන් පටන් ගත් මා ගුවන් භටයෙක් පුහුණුකරුවෙක් බවට පත්ව ඇත. මගේ විනය මා වටා ඇති පරිසරය මත ගොඩ නැගුනක්. උගත් කමින් පරිනත වූ ගුරුවරයන් හට දෙන පුහුණුව දරාගැනීමේ ශක්තිය, අන් අය ග්‍රහණයට හසු කරගන්නා ආකාරය මිස වද හිංසාවක් නොවේ.(නදී)
අනේ මන්දා මේ ප්‍රතිචාර දාන සමහර අය කිසිදෙයක් දන්නේ නැතුව ඔහේ ප්‍රතිචාර දානවා. මේ විදුහල්පතිවරයි ස්ව කැමැත්තෙන්මයි මේ පුහුණුවට ගිහින් තියෙන්නේ. අනික කොහොමත් වෛද්‍යවාර්ථාවක් අරන් තමයි මේ වගේ වැඩ වලට යොමු වන්නේ. නමුත් මේ විදුහල්පතිවරයාගේ වෙලාවට මේ ලෝකෙන් එයා ගියා. ඒක කාගේවත් වැරැද්ද නෙමෙයි. එයා ගෙනාපු ආයුෂ ඉවරයි. එතුමාගේ ගෙදර අයත් යාථාර්තය තේරුම් ගන්න තිබුනේ. අගත් මුලක් නැතිව කතා කියන එක වැරදියි. ඉපදෙන හැමෝම මැරෙනවා. ඒක කාටවත් වලක්වන්න බැහැ. විදුහල්පතිතුමාට නිවන් සුව!(නදී)
ලොකු පාසල් වල විදුහල්පති පුටුවට එන්නේ තරුණ අයම නෙමෙයිනේ. ඉතිං ඒ අය ඔය වගේ පුහුණු වලට, විශේෂයෙන්ම එක වර හමුදා පුහුණුවක් දෙන කොට ඒක පුහුණු වන්නන්ට ඔරොත්තු දෙනවද කියලා හිතලා බලලා නේද වැඩ කළ යුත්තේ..(අ)
හමුදා නිලයන් පාසල් ප්‍රධානිනට ලබා දීම ගැන හමුදාවේ විරුද්ධත්වයක් නැද්ද? කොතරමි කැපකිරීමි කරලද හමුදා නිලතල වලට එන්නේ. අපේ ජාතික පාසලක විදුහල්පතිනියක් ඉන්නවා දැන් කර්නල් කෙනෙක් එයාට කෙලින් හිටගන ඉන්න බෑ. කට සැරයි වැඩත් වරදක් නෑ. හමුදා නිලයකට ශරීරය නෑ.(නදී)
රන් ටැඹේ නෙමෙටයි මරු ටැඹේ.(නදී)
අපේ පාසලේ ව්දුහල්පති හාමුදුරු නමක්. අනේ මන්දා ඔය පුහුණුවට යයිද කියලා මට නම් බයයි.(නදී)
අර බඩ ලොකු මන්ත්‍රීලට ඔය පුහුණුව දීලා ඉතුරු වෙන කෙනෙකුට ඕන පට්ටමක් දෙන්නකෝ.(නදී)
පුෂ්පා, මේ පුහුණුව මැති සබේ අයට විතරක් නෙමෙයි හැමෝටම දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා. අපේ රටේ දැනුමෙන් පිරිපුන් මිනිස්සු ගොඩාක් හිටියට සමබර පෞරෂයක් තියෙන අය ඉන්නේ අතලොස්සයි. ඒකට හේතුව කය නිරෝගී නොවීම. "නිරෝගී සිරුරක් තුල නිරෝගී මනසක් ඇත". අපේ අධ්‍යාපන ක්‍රමය විබාග කේන්ද්‍රීය ක්‍රමයක්. ඒකෙන් හොඳ පෞරෂයක් තියෙන පුරවැසියෙක් හදන්න බැහැ. ඔබ ඉහල නිලදාරීන් සමග වැඩ කරනවානම් සජීවී අත්දැකීම් ඇති.(නදී)
මැරෙන එකා මැරෙන වෙලාවට කොහේ හිටියත් මැරෙනවා. වෙලාව ආවම අපි යන්න ඕනා. නැත්නම් මිනිස්සු කෝච්චිය පෙනී පෙනී රේල් පාරට වාහන දායිද? මේක ස්වභාවික මරණයක්. මෙයාලට හමුදා භටයකුට දෙන පුහුණුවක් දෙන්නේ නැහැ. නිලයේ ගරුත්වය රැක ගන්න දෙන නාමික පුහුණුවක් පමණයි. ගුරු සංගමයේ ලොක්කන්ට මේවා දිරවන්නේ නැහැ කොහොමත්. ඊයේ පෙරේදා විදුහල්පති කෙනෙක් ගැහැණු ළමයි 8 දෙනෙක් අපයෝජනය කරලා තිබුනා. ඒනා ගැන වචනයක් වත් නැහැ.(නදී)
විදුහල් පති වරුන්ට හමුදා පුහුණුව මොන කෙහෙල් මලකටද ?යුද්ධෙට නැති කඩුව කොස් කොටන්න ට ද ? (අ)
මේවා ජේ.වී.පී කාරයන්ගේ බොරු කතා, ඔය පුහුණුව ඉතාම හොදයි, බඩ බහින්න එක්ක.(නදී)
මේ සිදුවිම් සියල්ලම ගැන සොයාබැලිය යුතුය. රජය මේ සදහා වගකිව යුතුය .. (නි)
ඔය පුහුණුව දෙන මෝඩයොන්ට කෙසේ වෙතත් පුහුණුවට යන මෝඩයොන්ට නම් හොඳ පාඩම.(නදී)
ගුරුවරුන්ට හමුදා පුහුණුව අවශ්‍ය නැහැ ළමයින්ගේ විනය හදලා සමාජයට හොඳ පුරවැසියෙක් බිහි කරන්න. අවශ්‍ය වෙලාවට දඩුවම් කරලා ළමයින්ව හදන්න දෙමවුපියෝ ගුරුවරුන්ට ඉඩ දෙන්න ඕනා. මතකනේ කොට ගවුම දික් කරන්න ගිහින් ළගදි ගුරුවරියකට වුන දේ.(නදී)
ලංකා ගුරු සංගමයේ ලිපිය මෙහි අඩංගු කර ඇත්තේ මගේ අදහස් ප්‍රකාශනයට පසුවයි. එහි ඇති තොරතුරු අනුව විදුහල්පති කපිතාන් තනතුර සඳහා පුහුනුවීමකටයි ගොස් ඇත්තේ. එබැවින් ඉහත මගේ ප්‍රකාශයේ "නගරයට ආසන්න ස්ථානයක විශේෂ පුහුණුවක්" යන කොටස ඇතුලත් සම්පුර්ණ වාක්‍යම අවලංගු කරනවා. මන්ද එවැනි තනතුරක් අපේක්ෂා කලයුත්තේ ඊට අදාල පුහුණුව නිසියාකාරව සම්පුර්ණ කළහැකි පුද්ගලයෙක් පමණයි. නිසි සෞඛ්‍ය තත්වයක නොසිටින අයට විදුහල්පති තනතුරවත් ලබාදියයුතු නැහැ.(නදී)