නාට්‍ය කලාව පූජනීය ලෙස සැලකූ, අංකුර කලාකරුවන්ට සාඩම්බර පරමාදර්ශයක් වූ විශිෂ්ට රංගන ශිල්පී විජය නන්දසිරි පසුගිය 08 වැනිදා අප අතරින් සමුගත්තේ නාට්‍ය කලාව තුළ කිසිදිනෙක පිරවිය නොහැකි හිස්තැනක් නිර්මාණය කරමිනි.
විජය කියන්නේ තමන්ගේ යුතුකම් හා වගකීම් සියයට දාහක් ඉටුකළ ආදරණීය පෙම්වතෙක්. ස්වාමි පුරුෂයෙක්. ඒ වගේම දරුවන් වෙනුවෙන් අසීමිත ලෙස ආදරය කළ තාත්තා කෙනෙක්. ඔහු තමයි අපේ පවුල වටේ මහ මෙරක් වගේ හිටියේ. ඔහු තමයි අපේ සෙවණැල්ල. මහා වෘක්ෂයක් වගේ අපේ පසුපසින් හිටියා. ඒත් අද ඒ වෘක්ෂය කඩා වැටුණා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. ඒ නිසා මට ඔහු නැති වේදිකාව දැන් දැනෙන්නේ සොහොන් බිමක් වගේ.
අන්දිදා දින (11 වැනිදා) ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත ඔහුගේ දේහය මේ වන විට කලාපුර ඔහුගේ පුද්ගලික නිවසේ තැන්පත් කර ඇති අතර, මේ ඔහු පිළිබඳ කලා ලොවේ ළඟම හිතවතුන් මේ ආකාරයෙන් අදහස් දැක්වුවාය.
මාලන් විදානපතිරණ / ඡායාරූප - ශමීර රාජපක්ෂ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මට ඔහු නැති වේදිකාව දැන් දැනෙන්නේ සොහොන් බිමක් වගේ