තමාට පහර දුන්නැයි පරස්පර ප‍්‍රකාශ කළ හමුදා මේජර් සුසේන සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කරන්නේද? නැත්නම් නීතිපති උපදෙස් ගන්නේද යන්න දන්වන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට දැන්වීය. මේජර් රාජකාරියක් සඳහා එහි නොගිය බවත් කැසිනෝ හල් හිමියකුට ආරක්ෂාව සැලසුවේද යන්න සොයා බලන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය. ජයික් හිල්ටන් හෝටලයේදී ඔහුට පහර දුන්නැයි කියන පස්දෙනා ඇප මත මුදාහරිනු ලැබූහ. නලින් ජානක, නාලන් දොන් නිලූ අරවින්ද, විනෝද් හේවගේ පුෂ්පකුමාර, සරත් උපාලි හා පතිරගේ සත්‍යජිත් ඇප ලැබුවෝ වෙති. මර්වින් සිල්වා ඇමැති පුත් මාලකට හිටපු ඇමැති මනෝ විජේරත්න පුත් රෙහාන්ට එතෙර අධ්‍යාපනය සඳහා යෑමට අවසර ලැබිණි. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කීවේ මාලක අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවට යන බවයි. සමහරවිට ඔහු දිනෙක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමැති ද විය හැකි බව ඔහු කීවේය. නඩුව නොවැම්බර් 26 වැනිදාට කල් තැබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත අධ්‍යාපන ඇමති ගැන කතාකරන්නේ ඇයි? දැන් මහා ලොකු වෙනසක් තියෙනවද? (නි)
අනේ මන්දා , අපි ඕවා දන්නෙ නැහැ (නි)
මේ දෙන්නට දැන්වත් අධ්‍යාපනයක් ලබන්න හිතුණු එකනම් හොඳයි. එතෙර හරි කොහේ හරි කමක් නැහැ. ලංකාදීප කියවන දරුවනේ, දැන් ලංකාවේ වෙන දේවල් වල හැටියට මෙයා අධ්‍යාපන ඇමති වෙන්න හොඳටෝම ඉඩ තියෙනවා. ඒ නිසා මේවා කියවලා දැන්මම හිත හදාගන්න. නැත්නම් එදාට ඔයාලට කම්පනය ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා. (නි)
නූගත් මෝඩයින් හෝ නූගත් නිවටයන්ට වඩා උගත් නිවට මෝඩයින් හානිකර බව සහතිකයි. (නි)
මාලකලට උත්තර දෙන්න ඕනෑ ටී56 වලින්නේ. (නි)
ඔවු. අධ්‍යාපන ඇමැති වෙලත් කරන්න තියෙන්නේ ඉතිං....? (නි)
පුතා අධ්‍යාපන ඇමති වෙද්දී තාත්තා කවුරු වෙලා හිටියිද දන්නේ නැහැ. (නි)
දැන් දැන් නීතිඥයොත් අධිකරණය සහ නීතිය සමග විහිලු කරනවා. (නි)
අහන අපිද කොහේද මෝඩයෝ.... (නි)
හමුදාව බාල්දු කළාට නඩු දාන්න ඕනෑ. (නි)
ඔබතුමාට කියන්න තිබුනේ නීතිඥ මහත්තයෝ කවදා හරි දවසක ඉතාලියේ තානාපති වෙලා යයි කියලානේ. (නි)
දේශපාලනය කරන අය ඇරුණහම දෙකෝටි දශ ලක්ෂයේ ඉතිරි අපි මොක්කුන්ද? (නි)
මේ නඩුව මලළ මිනියකට ආරංචි වුණොත් නැගිටලා එන්න පුළුවන්. මළ මිනියත් හිනා වෙයි. (නි)
අහෝ! ආසියාවේ ආශ්චර්යයේ අනාගත අධ්‍යාපනය...? (නි)
සිල්වාට ජය වේවා! (නි)
අපේ දරුවන් එච්චර පවු කරලා නැහැ. (නි)
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මාරයිනේ. එයාට අනාගතේ පේනවා වගේනේ. හික් හික් හික් හික්......... (නි)
ගුටිත් කාලා, නඩුවකටත් අහුවුණා නේද? (නි)
අහිංසක අපිට කවදාවත් බැරිද ඇමතිකෙනෙක් වෙන්න? (නි)
දැන් ලංකාවේ ඉන්නත් බයයි වගේ. ඉතාලියට වගේ ආවා නම් අපිටත් මොනවහරි උගන්නන්න තිබුණා. (නි)
ඔහු මතු අනාගතයේදී ලංකාවේ විශිෂ්ටයෙක් වීමටද බැරි නැත (නි)
නීතිඥ මහත්තයා එයාගේ රස්සාවේ ගරුත්වයත් කෙළෙසන ප්‍රකාශයක් කරලා තියෙන හැටියටයි මම නම් දකින්නේ, මාලක අධ්‍යාපන ඇමති තනතුරටත් සුදුසුයි කියලා. එහෙම කියන්න හේමන්ත මහත්තයට වටින්නේ නැහැ. තමන්ගේ සේවා දායකයට සේවය කරන එක වෙනම දෙයක්. එහෙත් නීතිඥය වෘත්තියේ ගෞරවය කියන්නේ තවත් දෙයක්. (නි)
අවසානයේ කුමක් වේවිද? (නි)
මාලා ඔබ නිවැරදියි. මමත් එකඟයි ඔබේ අදහස්වලට. (නි)
අනේ මහත්තයෝ ඔබතුමාට හෘදශාක්ෂියක් නැද්ද? ජීවිතේ කවද හරි දවසක ඔබතුමා කරපු දේවල් නැවත ආවර්ජනය කරලා බලනකොට ඔබතුමාටම ඔබතුමා ගැනම ලොකු කළකිරීමක් ඇතිවේවි. එත් එදාට පරක්කු වැඩියි.(ස)
නීතිඥතුමා අන්තිමට අද රණවිරුවෙක්ව පාවලා දුන්නා මදිවට අනාගත අදධ්‍යාපන ඇමති කෙනෙක් ගැන අනාවැකිත් කියන්න එනවා. පුදම වැඩේ කියන්නේ එයා පෙනීහිටින සේවදායකයෝ ඔක්කොටම කම්පනය, අමතක වීම, ආතතිය වගේ ලෙඩ තිබීමයි. (නි)
අයියෝ සල්ලි
නීතියට අද බලයක් නැති වෙලා. මේවගෙන් වෙන්නේ නීතිය හෑල්ලුවට ලක් වෙන එක විතරයි. දවසක අපි මේ මුලු ලෝකෙන්ම කොන් වෙන දවසක් ඒවි.(ස)
නීතිඥ මහත්තයා එයාගේ රස්සාවේ ගරුත්වයත් කෙළෙසන ප්‍රකාශයක් කරලා තියෙන හැටියටයි මම නම් දකින්නේ, මාලක අධ්‍යාපන ඇමති තනතුරටත් සුදුසුයි කියලා. එහෙම කියන්න හේමන්ත මහත්තයට වටින්නේ නැහැ. තමන්ගේ සේවා දායකයට සේවය කරන එක වෙනම දෙයක්. එහෙත් නීතිඥය වෘත්තියේ ගෞරවය කියන්නේ තවත් දෙයක් (දී)
ඇමරිකාවේ ගිහින් ඉගෙන ගන්න පුතේ ...අපි වියදම් කරන්නම්.(ස)
අපි මොනව කිවුවත් ශ්‍රී ලංකාවතුල එහෙම නොවෙයි කියන්නත් බැහැ. මොකද ජනතාව චන්දෙන් පත්කල අයමද මේ මැතිවරන ක්‍රමයෙන් බලයට පත්වෙලා ඉන්නේ.(නු)
ටිකිරි කිව්වා වගේ මාලකට දැනටමත් අධ්‍යාපන ඇමති වෙන්න හොඳටම සුදුසුකම් තියෙනවා. මොනවටද උපාධි ගන්න මහන්සි වෙන්නේ.(නු)
දවසේ විහිළුව (ස)
ඉක්මනින් උසස් අධ්‍යාපන ඇමති වෙලා කැම්පස්වල ස්ට්‍රයික් නවත්තලා දෙන්න..(ස)
මොකක් ....අනාගත අධ්‍යාපන ඇමති....(ස)
මම කිවිවා කියලා හිතාගන්න.......(ස)
අඹ ගෙඩියක හැඩය ගත්ත මහ මුහුදින් වට කෙරිච්ච අරුම පුදුම රටක් ඇතේ... ඒ රටේ මිනිස්සූ තනිකර නටන්නේ පිස්සූ... කාටවත්ම මේක මතක් වුණේ නැද්ද? (නි)
හේමන්ත මහත්තයා හරි (නි)
විශිෂ්ටයි (නි)
ඇත්තටම මේ සිදුවීම් දකිනකොට ඇස්වලට කඳුළු එනවා. අපිට මොනතරම් අසාධාරනකමක් වුණත් සාධාරණයක් පතන්න බැහැ. නීතිය පවා දරුණු විදිහට හැල්ලුවට ලක්වෙලා තියෙන්නේ. නඩුකාරතුමත් මෙතැනදී අසරණයි. එතුමා සත්‍ය දන්නවා වුණත් කරන්න දෙයක් නැහැ. සමහර නීතිඥයන් තමන්ගේ හෘදශාක්ෂිය පවා පාවා දෙනහැටි දැක්කහම පුදුම හිතෙනවා. (නි)
අනේ අපේ රටේ මිනිස්සු පවු නේද? (නි)
අද අපේ රටේ නීතියට ඇති තැන කොතැනද? (නි)
හේමන්තගේ ඔලුව පොඩ්ඩක් පරීක්ෂා කරගන්න. (නි)
එයාට දෙන්න ඕනෑ අලුත්ම ඇමති තනතුරක් අලුතින්ම හදලා. (නි)
මාලක පුතා අමාරුවේ දමන්නට බොරු චෝදනා කළ මේජර්ට හොද දඩුවමක් දියයුතුයි. (නි)
හේමන්ත වර්ණකුලසූරිය නිවැරදි වන්නත් පුළුවන් (නි)
ඇමෙරිකාවට ගිහින් වැඩක් නැහැ. මම නම් කියන්නේ, යන්න ඕනෑ මොරොක්කෝවට. (නි)
ආචාර්‍ය පට්ටමක් අරන් ඒවි..(ස)
මාලක අධ්‍යාපන ඇමති වෙන කාලය එනකොට ලංකාවේ අධ්‍යාපනයක් තියෙයිද කියලත් සැකයි (නි)
මොනවා? අධ්‍යාපන ඇමති? (නි)
කුම්බලා මාලු, ඇන්ජිලා මාලු කෑවහම මෙහෙම වෙනවා (නි)
දැන් ඉන්න අයගෙයි, මොහුගෙයි ඇති වෙනස කුමක්ද? හැමෝම එකයි (නි)
දැන් එන අයගෙයි මේ අයගෙයි වෙනස මොකක්ද?(නදී)
මේජර්ට මොකටද නඩු දාන්නේ.එයාට මුකුත් මතක නෑනේ..(ස)
ඌරෝ කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්.(නදී);
ඇත්ත බොරුව කරන - බොරුව ඇත්ත කරන එක මේ අයගේ වැඩක්...අනාගත අධ්‍යාපන ඇමති මෙයා වෙනවා කියල වගකීමෙන්ද කියන්නේ ...? අහෝ....(ස)
මේවා අහලා අපේ ඇඟේ ලේ කෝප වෙනවා විතරයි..(ස)
අහෝ! ලංකාවට ගිය කලක් (නි)
ඔන්න මහත්තයෝ, ලංකාවට ගිය කල! (නි)
අනේ අපොයි අපේ ලංකාවට ගිය කල! (නි)
කවුද එතකොට අනාගත ජනාධිපති? (නි)
මේ පුතා අධ්‍යාපන ඇමති වුණොත් අපේ පුතාලට දෙවියන්ගේම පිහිටයි..(ස)
නැතුව වෙන මොනවා කරන්නද? (නි)
ඒක පුදුම වෙන්න දෙයන් නෙමෙයි. (නදී)
මේජර්තුමනි, ඔබතුමාගේ නිලයට ගරුකරන්න (නි)
මේතුමව උගන්ඩාවට යවන්න බැරිද?(නදී)
ගාස්තුව ලැබෙනවනම් මිනීමරුව සිල්වතෙක් කරන්නත් මේ අයට පුළුවන්. කුලියට මිනීමරන අයත් මේ අයත් අතර කිසි වෙනසක් නැහැ.(ස)
"සමහරවිට ඔහු දිනෙක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමැති " අයියෝ....අනාගත අධ්‍යාපනය.(ස)
ඔක්කොම දැන් විහිලුවක් වෙලා..කොමඩි ෆිල්ම් එකක් වගේ..(ස)
මොනවද මේ අධ්‍යාපන ඇමති කතා? (නි)
අනාගත අධ්‍යාපන ඇමති මාලක සිල්වා මැතිතුමාට අපගේ උනුසුම් සුබපැතුම්.(ස)
අසරණ අපිට තියෙන්නේ දෙනදෙයක්කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි..(ස)
ඔය විදියට කරන්න නම් මටත් පුලුවන්. (නි)
අපි ඉස්කොලේ යන කාලෙ, සිත්තර පත්තරේ "ඉතින් ඊට පස්සෙ" කියෙවුවෙත් මේ වගේම හරිම ආසාවෙන්. (නි)
දිනේෂ් කියන දේ ඇත්ත .දැන් හැමදේම විහිළුවක් වෙලා.(ස)
ඔබතුමාව අපි සාදරයෙන් පිළිගනිමු. දැන්මම උසස් අධ්‍යාපන ඇමතිකමට ඔබට සුදුසුකම් ඇත. (නි)
අනේ පවු! (නි)
පහත් තැනින් යයි ගලා ජලේ (දී)
එයාලට පිස්සුද? අපිට පිසසුද? (නි)
ඇමෙරිකාවේ ඉගෙන ගන්නවා...? කොහෙන් හම්බ කරපු සල්ලිද අම්මපා? (නි)
එයාලව රට යවන එක තමයි හොද (නි)
නීතියට අද බලයක් නැති වෙලා. මේවගෙන් වෙන්නේ නීතිය හෑල්ලුවට ලක් වෙන එක විතරයි. දවසක අපි මේ මුලු ලෝකෙන්ම කොන් වෙන දවසක් ඒවි. (නි)
ඇතිද මල්ලී...? (නි)
අධ්‍යාපන ඇමති? නියමනේ (නි)
ඇමරිකාවෙදි කයි නියම කෑම, ඔය පාට් දමන්න ගිහින්. එහේ සේරමලා අතේ පිස්ටල්. කවුරු ඉස්සර වුණත් වෙන්නේ කන්න. (නි)
අනේ මන්දා වර්නකුලසූරිය මහත්තයා මොනවා කියනවද කියලා.(නදී)
දන්නේ ඇති නිසා අහන්නේ...මොනවා ඉගෙන ගන්නද ඔය ළමයා රට යන්නේ.(ස)
අනාගත අධ්‍යාපන ඇමතිගෙන් ගැහැණු ළමයි ටික බේරගන්න.(නදී)
මේවා අහලා පණ පලයන් ලබන සුමානේ....(ස)
අනාගයේදී අධ්‍යාපන ඇමති කම නෙමෙයි උසස් අද්‍යාපන ඇමතිකමත් ලැබේවි.(නදී)
අධ්‍යාපන ඇමති කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ද මෙහෙම කරන්නේ.(ස)
අනේ මට ඇහුනේ නෑ..(ස)
කව්ද මිනී මරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අධ්‍යාපන ඇමතිකම් කරන්ඩ ඡන්දෙ දුන්නේ.(නදී)
අවසානය මොකක් වෙයිද (දී)