තිහගොඩ දී අත් බෝම්බයක් පිපිරී මියගිය මේජර් හා ප්‍රේම සම්බන්ධතාවය පැවැත් වූ බව කියන තරුණිය)17) සහ ඇගේ පවුලේ සාමාජිකයන් අතර සමීප සම්බන්ධතාවයක් පැවැත් වූ බව තහවුරු කෙරෙන ඡයාරූප 200ක් සොයාගත් බව තිහගොඩ පොලිසිය කියයි. මේජර්ට අයත් ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේ දී එම ඡායාරූප හමු වී තිබේ. එම පරිගණකය තරුණියගේ පියා ළඟ තිබී පොලිස් බාරයට ගෙන ඇත. තරුණිය හා ඇගේ මවුපියන් සමග එකට ගත් ඡායාරූප 200කට ආසන්න සංඛ්‍යාවක් එහි තුබූ බව පොලිසිය කියයි. තරුණියගේ පියා වන විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර් පොලිසියට ප්‍රකාශ කර තිබුනේ තම දියනිය සමග සම්බන්ධතාවය පැවැත්වු මේජර් මෙම සිද්ධියට පෙර දැක නැති බවයි. මේජර් තරුණියගේ පවුලේ අය මේජර් සමග යාල ජාතික වනෝද්‍යානය හා දෙහිවල සත්තු වත්ත බැලිමට ද ගොස් තිබෙන බව එම ඡායාරූපවලින් පෙනෙතියි පොලිසිය පවසයි. තරුණිය ද පොලිසියට ප්‍රකාශ කර තිබුණේ උපකාරක පන්ති ගිය අවස්ථා හතරකදී පමණ මේජර් හමු වී කතා බහ කළ බවයි. අනුරාධපුර සාලියපුර යුද හමුදා කඳවුරේ 8 වැනි ගජබා රෙජිමේන්තුවේ මේජර් කලිගුරාල ආරච්චිලාගේ නලින් සම්පත් කුමාර (37) සිය කැබ් රථයේ බෝම්බයක් පිපිරී මරුමුවට පත් වූයේ ඉකුත් 18 වැනි දායි. දෙදරු පියකු වන ඔහු කුරුණෑගල හිරියාල ලේනව, බන්ඩිපොළ පදිංචිකරුවෙකි. මේජර්ගෙ අවසන් කටයුතු කුරුණෑගල දී සිදුවිය. මහේස්ත්‍රාත් පරීක්ෂණයේ මූලික සාක්කි විභාගය ද අද කැඳවීමට නියමිතව තිබූ නමුත් බිරිය අවසන් යටයුතුවලට සහභාගී වීම නිසා එය ලබන 26 වැනිදාට කල් තැබිණි. තිහගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ඩබ්ලිව්. පී.එස්. පුෂ්පකුමාර විජේනායක මහතා පරීකෂණ පවත්වයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත්වෙන ආදරණීය බිරිද දරැ දෙදෙනා ගැනයි දුක.. කොයි තරම් ඉහළ තනතුරු දැරුවත් මොලයක් තියෙන බවක් නම් පේන්නේ නැහැ.. යුද්දෙ කාලෙ බෝම්බයක් බැදගෙන එල්.ටී.ටී.ඊ කදවුරකටවත් පැන්නම් රටේම ගෞරවය ලැබෙනවා..!(නු)
ඒ වැඩේ නම් හොදයි
ආලය අන්දයි කියන්නේ මේවට වෙන්න ඇති..(ස)
ඔහු පිස්සු පුද්ගලයෙක්නේ. අඩුමගාණේ දරුවන් ගැනවත් හිතන්න තිබුණා. (නි)
මේජර් මැරුණද, මැරුවද යන්නත් ළගදීම දැනගන්න පුලුවන් වේවි. (නි)
ආලය මුලාවක් කෙල්ලෝ අසරණයි (අ)
මෙහෙම කට්ටිය හින්දා අද අපේ හමුදාවම ඉවරයි. (නි)
ළමයි ගැන බිරිද ගැන හිතපු නැති සැමියා මිය ගියා කියලා අඩලා වැඩක් නැහැ. මේ ගැහැණු ළමයාගේ පියා තමයි නියම මිනිහා..!(නු)
මේ මිනිස්සුද?(නු)
සාමුහිකව සිදුකළ වැරුද්දට දඩුවම් ලැබුවේ මෝඩ පුද්ගලයාද?(ස)
මම ඉන්නෙ කැනඩාවෙ.. පේස් බුද්ක එක හැමෝම පාවිච්චි කරනවා.. සයිබර් මිතුරන් වගේ.. අපි හොදට කල්පනා කරලා වැඩ කරන්න ඕන..එක්කෙනෙකුට දොස් පවරන්න බැහැ දෙන්නම වැරදියි.!(නු)
මේජර්ගෙ සිරුරෙ නිදිමත ක්ලාන්තය හැදෙන යම් සංයෝගයක් තිබුන වත්ද? (ස)
ඇත්තටම ආදරේට වයසක් නෑ (අ)
මම නම් මුලින්ම කිව්වා මේ ක මිනීමැරැමක් කියලා.. ගැහැණු ළමයාගේ තාත්තා හමුදාවෙ නිසා මෙහෙම දෙයක් කරන එක ඒ තරම්ම දෙයක් නෙමෙයි.. පව් අසරණ දරු දෙදෙනයි ගුරුතුමියයි. (නු)
එයා මැරෙන්න නෙමෙයිලු හිටියෙ, හදිස්සියට වාහනේට ගිහින් වාඩිවෙලා තියෙන්නේ බෝම්බෙ උඩින්ලු. (නි)
බොම්බයක් පිපිරුනාද නැත්නම් බෝම්බයක් පිපිරෙවුවද කියලා හොයලා බලන්න. මෙය මිනීමැරුමක් විය හැකියි. (නි)
බලාගෙන යනකොට ඔක්කොමලා හොද නැටුම් නටලා.. අනේ අර පොඩි දරුවො දෙන්නා ගැන තමයි දුක..!(නු)
මම මේ සර්ගේ කෑම්ප් එකේ පුහුණු වූ කෙනෙක්. සර් හරිම එඩිතරයි. කවදාවත් මෙහෙම කරගන්නෙ නැහැ. (නි)
එළිවෙන ජාමෙටලු හොද හොද සෙල්ලම්. (නි)
මට විශ්වාසයි මේකනම් මනුෂ්‍ය ඝාතනයක්..!(නු)
අන්න හරි
මේ වැඩේ නම් බොහොම නරකයි (නි)
දූව ආධායම් මාර්ගයක් කරන් වගේ (ස)
මෙය කිසිසේත් සිය දිවි නසා ගැනීමක් නොවේ. ඔහු බෝම්බය පුපුරවා ගත්තේනම් තනියම මිය යන්නේ නැත. නියත වශයෙන්ම මිනී මැරීමක් බව පැහැදිලියි. (නි)
කෙල්ලන්ගේ හැටි ඔහොම තමයි කියලා, අනුන්ගේ පවුල් කඩලා හරියනවද? (නි)
හමුදා නිලධාරීන් රණවරැවන් ලෙස ජීවිතාන්තය දක්වා සලකන්නේ අපේ රටේ පමණයි. ඒ ගෞරවය ආරක්ෂා කර ගන්නට බොහෝ අය දන්නේ නෑ. (නු)
දරුවන් දෙන්නෙකුගේ පියෙක් හා ආදරණීය සැමියෙක්..(ස)
මේජර්ව හොදට අන්දවලා මුදල් ගන්නත් ඇති..!(නු)
අයියෝ සල්ලි කියුවලු
මට නම් හිතෙන්නේ මේක මනුෂ්‍ය ඝාතනයක්. දිගටම පරීක්ෂණ පවත්වන්න. එතකොට ඇත්ත හෙළිවෙයි. (නි)
ගම කනවා
ආශ්චර්‍යමත් රටක මේවත් වැඩද? මේ අනාගතය කියාපාන හොද අවස්ථාවක්.ගැඹුරින් සිතන්ත......(ස)
කෙල්ලන්ගේ හැටි ඔහොම තමයි..(ස)
ආලය කලාවකි, ආලය මුලාවකි, කෙතරම් පඩිවරු කිවත් අනාවැකි, ආලය මිනි වල කපනා උදැල්ලකි...
තාත්තයි දුවයි බේරුනේ අනූ නවයෙන් කියලයි මටනම් හිතෙන්නේ?
මේක සැලසුම්ගතව සිදුකළ අපරාධයක් බවට සැක මතුවේ(නු)
කවුද දන්නේ ඔය මේජර්ව මැරුවද කියලා.....?(ස)
හමුදාවේ ප්‍රධාන නිලධාරියෙක් වෙලත් මෙහෙම සියදිවි නසා ගනීවිද.. නැත්නම් ඔහු මැරුවද...??(ස)
පලමුව අම්ම පසුව දුවට හේත්තු උනා වගේ. (ස)
ලැජ්ජයි
මේක නම් මිනී මැරුමක්. සියදිවි හානි කර ගැනීමට තරම් හමුදා නිලධාරීන් මෝඩ නැහැ. තරුණියගේ පියා සැකකරන්න වෙනවා. (නි)
මේක නම් මිනී මැරුමක්. සියදිවි හාකි කර ගැනීමට තරම් හමුදා නිලධාරීන් මෝඩ නෑ.
හමුදාවේ ගෞරවයට හානි වෙනවා කියා කියා චිත්‍රපටි තහනම් කරවපු, රණවිරු උපහාර ගී සංදර්ශන සංවිධානය කරපු දේශප්‍රේමී උත්තමයන්ගේ කටවල් වලට මේ දවස්වල කවුරුන් හෝ මුඛ බන්ධනයක් මතුරලාවත්ද කියා සොයා බැලීමට කොමිසමක් පත්කළ යුතුයි. අපේ රටට වින කටින එක හැරෙන්නට වෙන මොකුත්ම රාජකාරියක් නැති දියුණු විදේශ රටවල් මොන මොන කුමන්ත්‍රණ කරනවාද කවුද දන්නේ... (ස)
අහිංසක බිරිය සහ දරුවන් පවු. තහනම් ගස් වලින් ගෙඩි කඩන්න යනවට හොදම හොද වැඩේ. (නි)
මෙම මේජර් මම හොදින් හදුනන අයෙක්, ඒ මා ගිය පාසලේ ඔහුද ශිෂ්‍යෙයකුව සිටි බැවින්. සම්පත් අයියා ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ලෙස සිටි අතර, ඇත්තෙන්ම හොද විනයකුත් තිබුණා. මා එකළ කුඩා ශිෂ්‍යෙයක් වූවත්, ඔහුගේ මිනිස් ගති පැවතුම් සහ හැසිරීම ඉතා හොද බව කිව හැකියි. එත් මම ඉහත සිද්ධිය ගැන කිසිවක් දන්නෙ නැහැ. තත්ත්වය කුමක් වූවත් මා ඔහුට නිවන් සුව පතනවා.(ස)
නියම වැඩේ. ඔහොම තමයි වෙන්න ඕනි. ඕකට මුල මුසාවාදයනේ ඉතින්. .(ස)
ලොකු ගැටළුකාරී ප්‍රශ්නයක් (නි)
ජයන්ත ඔබ කියන දේ ඇත්ත විය හැකියි. එහෙත් මිනිසකුට දේවත්වයේ සිට මලපෙරේතයකුගේ තත්වයට පිරිහෙන්න ගතවන්නේ ඇසිල්ලක් පමණයි. අපි දන්නා ඉතාමත් ගුණයහපත් චරිත හිමිව තිබුණ පහන් ටැඹවල් වන් මිනිසුන් කී දෙනෙක් අද වනවිට අංශක 180 කින් අනෙක් පැත්ත ගසා පරිහානියේ අන්තයට ගොස් තිබේදැයි මතක් කර බලන්න. කොහොම වුනත් ඔබට මෙන්ම මටත් කනගාටුයි.. (ස)
යථාර්තය ගැන අපි දන්නේ නැහැ. නමුත් දරු දෙදෙනෙක් සිටින ඉහළ නිළදාරියෙක් මීට වැඩිය ආදර්ශවත් වුණානම් තමයි හොද. (නි)
මේවා හොද පාඩම්. (නි)
අපි කාටවත් ස්වභාදහමට විරුද්ධ විය නොහැක.
හැම දේටම දැං පේස් බුක් වග කියන්න වෙලා..!(නු)
මේවා හොද පාඩම්. (නි)
මේක මිනීමැරුමක් කියලා මට හිතෙනවා. (නි)
මැරුණද ! මැරුවද ! (ස)
කමක් නෑ. එයා දැන් මැරිලා ඉවරයිනේ .අනික් කට්ටියත් අනිත් කට්ටියත් මේවගෙන් පාඩම් ඉගෙන ගනීවි. තහනම් ගෙඩි කද්දි ෆොටෝ නොගෙන ඉන්න..(ස)
පවු අසරණ දරුවෝ! (නි)
පසුගිය යුධ සමයේ හමුදාවට බදවාගත් මේජර්ලා හුගදෙනෙක් මානසික ලෙඩ්ඩු කියන්නේ ඇත්තද? (නි)
ආදරය සුන්දුර වරදකි කිසිදා සමාවක් නම් නැති.. (නු)
මේජර්ලාට අපලයි. (නි)
17 හැවිරිදි තරුණීය පොලිසිය නොමග යවන්නද සිව් වතාවක් පමණයි හමුවුණේ ඒත් ක්ලාස් යද්දි විතරයි කියලා තියෙන්නේ. ඇගේ පියත් එක වතාවයි දැක්කේ කියලා තියෙන්නේ.මේ අය සැලසුම් කරලා මොහු මැරුව බවට සැකකරන්න වෙනවද ? (ස)
මේවගේ අය මැරෙන්නමයි ඕනි....(ස)
මම හිතන්නේ මේ සිද්ධියේදී ගොඩක් සිතිය යුතු පැති තිබෙනවා කියලයි (නි)
කෙල්ල කෙල්ලගේ තාත්ත එක්ක හවුල්වෙලා හොද ගේමක් ගහපු බව පේනවා. කෙල්ල පෙන්නලා හොදට හොයාගෙන තියෙනවා වගේ. අන්තිමේදී මරලදාන්න ඇති. (ස)
මේක හැමෝටම හොද පාඩමක්..!(නු)
මේක මේජර්ලාට අපල කාලයක්. (නි)
අන්තෝ ජඨා බහි ජඨා (ස)
වැඩෙ නමි අභිරහස් මරනයක් වගේ .තරුණියගේ පියා විශ්‍රාමික යුද හමුදා සැරයන් කෙනෙක් නේ..(ස)
මනම්පේරි ඔබේ අදහසට මාත් එකඟයි..(ස)
ආදරයට සීමාවල් නෑ..නමුත් මේ ගැන හොඳට හොයලා බලන්න ඕනි.(ස)
විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර්.... මැරුණ මේජර්ට දුව පෙන්නලා වාසි ලබාගෙන ඇති ආකාරයක් තමයි පේන්නෙ.. නැත්නම් බොරු සාක්ෂි දෙන්න ඕන නැහැනෙ..!(නු)
දැන් මොකද කරන්නේ
තමන්ට කියලා රූමත් බිරියක් සහ දරුවන් සිටියදී මෙවැනි දේවල් කළාට මෙහෙම වෙලා මදි (නි)
දරුවන්ගේ ආදර සම්බන්ධ වලින් දෙමාපියෝ අසරණ වෙනවා..(ස)