යුද හමුදා බුද්ධි අංශ මේජර් චන්දන ප්‍රදීප් සුරසේන බොරු පැමිණිල්ක් කෙළේ ද නැද්ද යන්න සොයා බලා ඔහුට විරුද්ධව ක්‍රියාකරන්නේ ද, නැද්ද යන්න ලබන සඳුදාට දැනුම් දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කෙළේය.
මහේස්ත්‍රාත් එම නියෝගය දුන්නේ ඇමැති මර්වින් ගේ පුත් මාලක හා හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන්, ජයික් හිල්ටන් හෝටලයේ දී පහර දී පිස්තෝලය උදුරාගත් බව මුලින් පවසා පසුව පහර නොදුන් බව උසාවියට ප්‍රකාශ කළ නිසාය. මාලක හා රෙහාන් රිමාන්ඩ් බාරයේ සිට උසාවියේ පෙනී සිටි අතර රුපියල් ලක්ෂය දහය බැගින් ශරීර ඇප හා රුපියල් පනස් දහසක මුදල් මත ඔවුහු මුදා හරිනු ලැබූහ. මේජර් සුරසේන පැමිණ සිටියේය. මෙම නඩුව ගැන තමාගේ උනන්දුවක් නැතැයි පැවැසූ මහේස්ත්‍රත්වයා එහෙත් මෙවැනි දේ සිදුවනවාට තමා අකමැති බව ද පැවැසීය. මහේස්ත්‍රාත්වරයා මේජර්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙළේය.
මහේස්ත්‍රාත් - ඔබ සේවය කරන්නේ කොහේද?
මේජර් - යුද හමුදා බුද්ධි අංශයේ දකුණ ප්‍රදේශයේ
මහේස්ත්‍රාත් - තවත් තැන්වල සේවය කළාද?
මේජර් - ඔව් යුද සමයේ ත්‍රිකුණාමලයේත් යාපනයෙත් සේවය කළා
මහේස්ත්‍රාත් - සැකකරුවන් ඔබට පහර දුන් බව කලින් කීවා ද?
මේජර් - ඔව්
මහේස්ත්‍රාත් - පහර නොදුන් බව පසුව කිවේ ඇයි?
මේජර් - කම්පනය නිසා
මහේස්ත්‍රාත් - යුද සමයේ යුද බිමේ සේවය කළ කෙනකුට මේවැනි සිද්ධියකට කම්පනයකින් තොරව මුහුණ දිය නොහැකිද?
මේජර් - මට අධික රුධිර පීඩනය තිබුණා
මහේස්ත්‍රාත් - (පොලිසියට) මොහු බොරු සාක්කි කියනවාද නැද්ද සොයා බලා ඔහුට එරෙහිව ගන්නා ක්‍රියාමර්ගය කුමක්දැයි මීළඟ නඩු දිනයේදී උසාවියට වාර්තාවක් ඉදිරිපත් කරන්න.
වැඩි දුර විභායට ලබන 24 වැනි දිට කල් තැබිණි.
ඇමැති මර්වින් සිල්වා මහතා ද අධිකරණයට පැමිණ සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ නඩුකාරතුමෙක් (ස)
මහේස්ත්‍රාත් තුමා විතරක් නෙමෙයි අපිත් කැමති නෑ මේ වගේ දේවල් වෙනවට (ස)
මේජර්තුමා කිවුවේ බොරුවක් නම් ඔහුට විරුද්ධව උසාවිය දඩුවම් දියයුතුයි. (නි)
ඇත්ත කියන්නේ කොහොමද? එතුමා තව කල් ජීවත් වෙන්න ආසා ඇතිනේ. (නි)
සාමය සතුට මේ රට තුල වැඩිවේවා ගුණවත් කමින් වැඩි පිරිසක් බිහිවේවා (ස)
විනිසුරුතුමාගේ කතාව ඇත්ත (නි)
මෙයා ඇත්තටම අපේ ආමි එකේ එක්කෙනෙක්ද????????(ස)
ඒතකොට සංජිව බංඩාර ට ඇප නැද්ද!!!(ස)
මාලක වෙනුවට මෙයාවයි ඇතුළට දමන්න තියෙන්නේ. (නි)
මේ වගේ දේවල් ඉදිරියට නැති කරන්න තමයි ඕනි මහේස්ත්‍රාත්තුමෝ..(ස)
අපිට අවශ්‍ය ඔබ වැනි කෙළින් වැඩකරන අයයි (නි)
විනිසුරුතුමනි ඔබතුමාට අපගේ විශේෂ ස්තූතිය. (ස)
පැත්ත ගියත් ඇත්ත කියන නඩුකාරතුමෙක්..අපගේ ප්‍රණාමය.(ස)
මට පෙනෙන්නේ නම් මේජර් මහත්තයාව කවුරුහරි හොදටම බය කරලා තියෙනවා. (නි)
දරු කැක්කුම ඇති පියෙක්, දුර්වල මේජර්වරයෙක් සහ විශිෂ්ඨ මහේස්ත්‍රාත්වරයෙක්... (නි)
අයියෝ, සමෘද්ධි නිළධාරියෙක්වත් මෙහෙම වැඩ කරන්නේ නැහැනේ. (නි)
නඩුකාරතුමාගේ ආරක්ෂාව තර කරන්න. නැත්නම් කම්පනය හැදෙන්නේ මෙතුමාට..(ස)
අයියෝ සිරිසේන නෙමෙයි, සූරසේන.... (නි)
අයියෝ අපේ හමුදාවේ නම්බුව..(ස)
කම්පනය නිසා අමතක වෙලා ඇති. (නි)
පවුනේ අර අහිංසකයින් දෙන්නා. දැන් මේජර්ව කූඩුවට දාන්නයි තියෙන්නේ බොරු පැමිණිලි කළාට. (නි)
මෙයාට විරුද්ධව අනිවාර්යෙන්ම නඩු දමන්න ඕන. අධිකරණය විහිළුවක් නොවෙයි. තමන්ට හිතෙන හිතෙන වෙලාවට උසාවියට එක එක කියන්න පුළුවන් නම් ඒක පුදුම වැඩක්. ඒ විතරක් නොවයි ඒක උසාවියට අපහාසයක්. (ස)
කවුරු කවුරුත් තම පණට ආදරෙයිනේ..(ස)
කුම්බලා මාළු කෑවානම් විදවපන් බළලෝ ! (ස)
මේ නඩු තීන්දුව නඩු ඉතිහාසය වෙනස් කරන්න ඉඩ තියෙනව. නඩුවක් පවරද්දි වෛද්‍ය වර්තාවක් ගේන්න ඕන කියල.(ස)
එම මහේස්ත්‍රාත්තුමා ඉන්නේ කොහේද කියලා කියන්න බැරිද? (නි)
කම්පනයකින් කියලා කරගත්තේ ගස් බැද ගත්තා වගේ වැඩක් නේද? (නි)
මම නම් හරිම කැමතියි මේක වෙන විදියට. අනේ නඩුකාරතුමනි, පොලිසිය වැඩේ අත්හරීවි. එහෙත් පුලුවන් නම් මේ මේජර්ව හිරගෙට යවන්න. තාම මිනිස්සුන්ගේ ඇස් ඇරිලා නැහැ. මේ රටේ මිනිස්සු තාම බණින්නේ මේජර්ට. කවුරුවත් ඊට ඉහළ අය ගැන කතා කරන්නේ නැහැ. මේ මනුස්සයා මේජර් තමයි. එහෙත් මෙජර් පට්ටම, ජීවිතය දෙයියන්ගේ කැමැත්ත අනුව මිස මේජර්ගේ කැමැත්තට කරන්න පුලුවන් දේවල් නෙවෙයිනේ. (නි)
මම නම් අපේ රට ගැන කණගාටු වෙනවා. මෙතන ඉන්න ඔක්කොම දන්නවා මාලක ගැන. එහෙත් මොනවද කරන්න පුලුවන්? දැන දැනත් මේජර්ට බණිනවා. ඇස් පනාපිට වෙච්ච දෙවල් වලට මොනවද කරන්න පුලුවන් වුණේ ? මේජර් වුණා කියලා මේ මනුස්සයා කොහොමද උඩුගං බලා පීනන්නේ? (නි)
මෙතුමා ගැළවීමේ හමුදාවේ කෙනෙක්ලු. (නි)
අදිකරණයට මෙහෙම බොරු කරන්න හොද නැහැ නේද? (නි)
කවි පද අගෙයි සිරිසේනගෙ කවි මඩුවේ බල්ලත් රජෙකි ඉන්නා තුරු රජ මඩුවේ මුවහත මොට වෙලා අපෙ නීතියෙ කඩුවේ පරණ නියන් තල වාගේ වඩු මඩුවේ... (නි)
මේජර් මහත්මයා, ඔබතුමාට මෙහෙම තීරණ ගන්න බැහැ. ඔබතුමා ඔය විහිළු කරන්නේ අපේ හමුදාවේ කිර්ති නාමයත් එක්ක. මේ ආකාරයට හමුදාවේ කීර්තිනාමයට හානි කරන්න එපා. මම මේ ප්‍රවෘත්තිය දැක්ක ගමන්ම කිවුවා මෙහෙම වෙයි කියලා. අපි අපේ හමුදාවට හදවතින්ම ආදරය කරන මිනිස්සු, මෙහෙම වෙනවට අපි කැමති නැහැ. අනික ඔබතුමා හමුදාවේ බුද්ධි නිලධාරියෙක්. මෙහෙමද ඔබගේ වගකීම? ඔබ ජීවිත පරදුවට තියලා රට වෙනුවෙන් යුද්ධ කරපු අය. මොකද මේ වගේ තීරණයක් ගත්තේ? ඔබලාගේ නිර්භීතකම දැන් නැතිවෙලද? සිංහල ලේ වලට මොකද වුණේ? ගරු විනිසුරුතුමා ඔබතුමාට මගේ ආචාරය! ඔබතුමලා වගේ නිර්භීත නිළධාරීන් අපේ රටට තවත් වුවමනායි. මේකට අපි හමුදාවේ කීර්තියට හානියක් නොවන නිර්භීත තීන්දුවක් බලාපොරොත්තු වෙනවා. ගරු ආරක්ෂක ලේකම් තුමනි, මේ නැති වෙන්න යන්නේ අපේ උදාර හමුදාවේ කිර්ති නාමයයි. කරුණාකර ඔබතුමා මේකට මැදිහත් වෙන්න. අපි ඔබතුමාව අදටත් ඉදිරියටත් විශ්වාස කරනවා. (නි)
එස්.එෆ්. වත් හිටියා නම්.... (නි)
දේශික කියන්නෙ ඇත්ත. මේ විදියට ගියාම හමුදාවෙ නම්බුවට මොකද වෙන්නෙ. ඇයි හමුදාවෙ බුද්ධි අංශ නිලධාරියෙක් ඇමති පුතුන් දෙන්නෙකුට පාච්චල් වෙන්නේ. මේ කොටි පරදපු අපේ වීරෝධාර හමුදාව නේද දෙයියනේ. ඇයි කොටි ගහනකොට මේජර්ට ප්‍රෙෂර් තිබුනේ නැද්ද? (නි)
අර හෝටලයේ විඩියෝව බලමුද? (නි)
මේජර් බොරු කියා පුද්ගල චරිත දෙකක් ඝාතනය කළාට බරපතල දඬුවමක් දෙන්න. ඒ වගේම රට තුළ පිළිගත් ඇමතිවරයෙකුගේ පවුලකට අපහාස කර දරුවෙක්ව නිකරුනේ රිමාන්ඩ් කෙරෙවුවාටත් දඬුවමක් දෙන්න. (නි)
ඔන්න මම හුණා කියන්නා වාගේ කියන්නම්, පොලීසිය කියයි මේජර් ඇත්ත කියන්නේ කියලා, වීඩියෝවේ ඉන්නේ ඒ වාගේ වෙනින් කෙනෙක් වෙන්න ඇති. (නි)
මෙයා ඇත්තටම ආමිද? (නි)
මට ලංකාව දැන් එපා වෙලා තියෙන්නේ. හැමෝටම එහෙමයි. (ස)
හිතාගන්න බැහැ මට අනෙ මොනවද මේ වෙන්නේ මැරකම් රජවන රටකයි අපි ජීවත් වෙන්නේ රණවිරුවොත් මැරයන් හට හිස නමාන ඉන්නේ කවදද දෙවියනේ මේවට දඩුවම් ලැබ දෙන්නේ (ස)
මහේස්ත්‍රාත් - සැකකරුවන් ඔබට පහර දුන් බව කලින් කීවා ද? මේජර් - මතක නැහැ ඊට පසුව නඩුකාරතුමන් අසන ප්‍රශ්ණයට කම්පනය අදාල කර ගත හැකියි. මොකද කම්පනය නිසා මතක හිටින්නේ නැනේ මොනවාද කිවුවේ කෙරුවේ, ගැහුවාද නැද්ද කියලා. (නි)
සරත් ෆොන්සේකා මහත්තයා යුධ හමුදාපති වෙලා හිටියනම් තමන්ගේ කොල්ලෙක්, ඒ වගේම යුධ හමුදාව මේ තරම් හැල්ලු වෙනකම් බලාගෙන ඉන්නේ නැති වෙයි. ගරු ආරක්ෂක ලේකම්තුමනි. ඔබතුමාවත් මැදිහත්වෙලා ඔබතුමාගේ යුද හමුදාවේ වීරෝධාර බව නැතිවෙන මේ වගේ වැඩ සිදුවන එක නවත්වන්න. මැරයන්ට, චණ්ඩින්ට මේ රටේ රජකරන්න ඉඩදෙන්න එපා. පින් සිද්ධවෙයි. (නි)
මේ වෙලාවේ ගෙදර කට්ටිය ගැනත් හිතන්න ඕනෑ නේද? (නි)
බන්ධනාගාරයේ ඉදලා එනකොට අතට කොහෙන්ද මොබයිල් එකක්? (නි)
මම හිතන හැටියට මොහු මෙම සේවයට නුසුදුසුයි (නි)
මේජර්ට බැනලා වීරයෝ වෙන්න හදන හමුදාවට ආදරේ කට්ටිය හෙට ඉඳන් මේජර්ගේ අඹුදරුවන්වයි මාපියන්වයි බලාගන්නවා වෙන්න ඇති. කළුගල් වල ඔලුව හප්පගන්න කියලා බලකරන්නේ... (ස)
අයියෝ මේකනම් මහ විකාරයක්.(ස)
ආරක්ෂක ලේකම්තුමනි, ඔබට භාරයි මේ ප්‍රශ්නේ (නි)
මම නම් දැනගත්තා මාලක මේවගේ වැඩක් කරන්නේ නැති බව. මොකද වැදගත් දෙමව්පියන්ගේ පුතෙක්නේ. (අ)
මෙයා මුළු හමුදාවම පාවා දුන්නා නේද? (නි)
මොනවා වෙනවද කියලා හිතාගන්න බෑ ....(ස)
එතකොට රූපවාහානියේ පෙන්වන cctv වල පේන්නේ කට්ටිය රඟපෑව ඒවද ? (ස)
වෛද්‍ය වාර්තා පරීක්ෂා කරලා බලලා ඇයි තීරණයක් නොගන්නේ? (නි)
ගොම කළේට කිරි බිදුවක් වැටුණා වගේ වැඩක්නේ මේක (නි)
අපේ ඇමතිතුමා කොච්චර විනීත කෙනෙක්ද? (නි)
මෙයා ඇත්තටම අපේ ආමි එකේ එක්කෙනෙක්ද?(ස)
මෙහෙම අයව හමුදාවට හොදද? (නි)
මෙතන්ට ප්‍රතිචාර දාන කට්ටිය හමුදාවේ ගෞරවය ගැන කතා කරනවා. අර මනුස්සයා මෙයාලට විරුද්ධව කතා කරලා මුලු ජීවිතේටම දුක්විදින්න වෙන බව දන්නවා. මේක තාම වනචාරි යුගයේ තියෙන රටක්. නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ. (නි)
තුන්වැනි පින්තූරේ බලන්නකො. රිමාන්ඩ් එකේ ඉන්න මිනිහෙක්ට කොහොමද ෆෝන් එකක් ගේන්න පුලුවන් වෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔහු එම රාජකාරියට සුදුසු නැහැ (නි)
මගේ රට වාසනාවන්! (නි)
මම ආමි එකේ හිටියා නම්... (නි)
මුළු බුද්ධි අංශයම කම්පනයට පත්වෙන දේ සිදුවෙන්න පුළුවන් තව ඉස්සරහට (නි)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියන්නේ මේවට තමා (නි)
කවුද අර ගැහැණු ළමයා? (නි)
ලැජ්ජයි. (නි)
හොදට මේ ගැන හොයලා බලන්න (නි)
මුලු ලංකාවම දන්නවා මාලකට හෝටල්, නයිට් ක්ලබ් තහනම් කියලා. (නි)
සිදුවී ඇති දේ පිළිබදව අප තේරුම් ගත යුතුය. මේ රටේ බුද්ධිමත් ජනතාව යනු බබ්බු නොවේ. (නි)
මේජර්ට තර්ජනවත් කළාද? (නි)
මේකේ ඇත්ත නැත්ත යට යයිද? (නි)
මට 1970 ගණන් මතක් වෙනවා (නි)
ලංකාව ලෝකේ උතුම් රටලු. රටවැසියන්ගේ ඇස් එන්න එන්න තව අන්ධ වෙනවා වගේ. (නි)
ලංකාව ලෝකේ උතුම් රටලු , රට වැසියන්ගේ ඇස් එන්න එන්න තව අන්ද වෙනවා වගේ ..
මේවට තමයි කියන්නේ හතරබීරි කතා කියලා (නි)
මේජර්ගේවත් මාලකගේවත් වැරැද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ හෝටලය හදපු කෙනාගේ (නි)
මේක තමයි අපේ රටේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය. මේ වගේ දෙයකින් යුධ හමුදාවේ නම්බුව නැති වෙනවද කියන්න මම දන්නේ නැහැ. යුධ හමුදාවේ නම්බුව නැති වෙන දේවල් ඕනෑ තරම් යුධ හමුදා සාමාජිකයින් කරනවා. මෙම මේජර්ට සිදු වෙලා තියෙන්නේ යුධ හමුදාවේ නම්බුව රකින හක නෙමෙයි, තමන්ගේත් තම මාපිය අඹුදරුවන්ගේත් ජීවිත රැක ගැනීමයි. අඩුම තරමේ මෙම මේජර්ගේ නිවසට හෝ ඔහුට ආරක්ෂාව ලබා දීමටවත් ක්‍රියා කර තිබෙනවා නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. (නි)
නේ අපේ හමුදාවට ගිය කලක්. හමුදා අධිකරණයකදී බොරුකාර මේජර්ට දඩුවම් කරන්න..
මම දන්න විදියට නම් උසාවියට ටී-ෂර්ට් ඇදගෙන යන්න දෙන්නෙ නැහැ (නි)
අර කැලණිය පැත්තේ සමුර්දි නියාමක කෙනෙක්ටත් ඔහොම දෙයක් වුණාලු. ගස් බැන්දා කියලා පස්සේ කැමැත්තෙන් බැදගත්ත කියලා?? ඒවගේම සින්දුවක් මේකත්...
මේජර් බොරු කියනවද බලන්න පවරන්නේ පොලීසියටනේ. ඒ ගොල්ලෝ හොදට කොන්ද පණ කියන අය.. වැඩේ හරියටම කරාවි...
ප්‍රසාද්, සීසීටීවී වලටත් ‘කම්පනයද‘ කියලා කවුද දන්නේ?
මේවගේ රටක මේජර් වගේ අහිංසකයෙක් මොනවා කරන්නද?
හැමෝම හොදට හිතලා බලලා අදහස් එවන්න. මේ ලංකාව. බණ්ඩාර කියලා තියන කතාව හරියටම හරි. ආමි එකේ වීරත්වය මේ සිදුවීමෙන් මනින අදබාලයෝ නැතිවා නොවේ..
"අප වසනා මේ සිංහල දේශය කේතුමතී නම්..."
නීතියේ ආධිපත්‍යය ගැන අපිට මෙයින්ම හිතාගන්න පුළුවන් (නි)
මේජර් බය වුණා. (නි)
අහිංසකයෝ අමාරුවෙ දාන්නේ නැතිව, වෙන මොනවා හරි කළා නම් ඉවරයිනේ.
බුදු දහම තියන රටේ වෙන දේවල්..
රටේ වෙන දේවල් ගැන පුදුම හිතෙනවා. මේවා ඇහෙද්දි අපි ගැනත් දුක හිතෙනවා
මාලක හරි හොදයි. හතර පෝයටම සිල් ගන්නවා...
බණ්ඩාර, ඔයාගේ කටේ මසුරන් දාන්න ඕන..
අම්මප.. කියලා වැඩක් නෑ..
මම මුලින්ම හිතුවා අන්තිමට මෙර්ජර් වරද බාරගනියි කියලා.
මහේස්ත්‍රාත්තුමනි, ඔබට අපගේ උත්තමාචාරය.
මේ නාටකයේ නම මොකක්ද?
හොද වැඩේ ගුටි කාපු එක. (නි)
කොහෝමද කියන්නේ කළා මයි කියලා (දී)
මේ සිද්ධිය චිත්‍රපටයකට ගත්තොත් ලෝකයේ හොඳ තැනක් ලැබෙනවා. සම්මාන ගොඩක් ලබාවි. (නි)
අනේ, මේ ළමයි දෙන්නා මේ ටික දවසට කෙට්ටු වෙලා වගෙයි. (නි)
අනේ මටත් ආසයි මේ වගේ හිරේට යන්න. ලස්සනට ඇදුම් අදින්න පුලුවන්. (නි)
කළා තමයි
මේජර්ට හොදට සලකන්න ඇති.
මේවට අපි ලියලා අපිටත් නෙවා වෙයිද දන්නේ නෑ.
ඔන්න කනෝ පිණුම්
නිතිය තියෙන්නේ ඒ ව හොයන්න තමයි
මෙයා මේජර් කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)
එතකොට අර කැමරා එකේ රෙකෝර්ඩ් වෙලා තියෙන්නේ වෙන රටක දෙයක්ද? මේක හින්දි ෆිල්ම් එකක් වගෙයි.
මං ගුටි කෑවද ? මට මතක නැහැනේ..
‘ඒ රටේ මිනිස්සු, තනිකර කෙලින්නේ පිස්සු‘ කියන ගීතයට හොද තැනක් දිය යුතුයි.
යුද්ධෙනුත් බේරුණ මනුස්සයා හිතන්න ඇති දැන් මොකටද මැරෙන්නේ කියලා. බොරුවක් කියලා බේරෙන්න බලන්න ඇති.
මේජර් බුද්ධිමත්. එහෙම නැත්නම් බුද්ධි අංශයේ නායකයෙක් වෙන්නේ නැහැනේ. ඔහු මේ අවස්ථාව බුද්ධිමත්ව ප්‍රයෝජනයට ගත්තා කියලයි මට හිතෙන්නේ. (නි)
රජෙකුට වුණත් වරදට කෑ මොර ගසනු.. මොරදෙන මුවේ ලන මේ පැණි ඉවතලමූ.. නිවැරදි කරනු බැරි රජ එලවා දමනු.. වරදට කිපුණු සටනට වැද ජය ලබනු..
අයියෝ මේජර්
මේ වගේ අය හමුදාවේ හිටිය නිසා තමා යුද්දේ ඉවර වෙන්න අවුරුදු තිහක් ගතවුණේ. මෙයා ගැන කතා කරන අපිටත් ගහන්න ඕනෑ. (නි)
අනේ මේ මේජර්ට තර්ජන එන්ඩ ඇති. ඒ වුණාට එයා හමුදාවට ගියේ මැරෙන්ඩ හරි අස්සන් ගහලා. ඉතින් ඇයි මේ දේශපාලන හෙන්චයිනන්ගේ ඒවට ඔය තරම් බය වුණේ?
ජෙනරාල් සරත් ෆොන්සේකා මේ ගැන මොකුත් කියන්නේ නැත්තේ ඇයි?
හැබැයි අන්තර් විශ්ව විද්‍යාල කොලුවටනම් ඇප ලැබෙන එකක් නැහැ. අපේ නීතිය දැලක්, මැස්සා හිරවෙ, උකුස්සා පැන යයි.
වැරදිකළවුන්ට ස්වභාව ධර්මයෙන්වත් මාසයක් ඇතුළත් දඩුවම් කරත්වා.
නාටකයේ නම ‘දුන්නම කන්නම්. කාල දුවන්නම්‘
කම්පනය? කම්පනය.?(නු)
පවු අහිංසක මේජර්. එයා කොහොමද සිල්වලත් එක්ක හැප්පෙන්නේ. ජීවිතෙත් නැතිකරගන්න වෙන්නේ. ඒ ගැන හිතලා ඔය දැන් ගැහුවේ නෑ කියන්නේ. සීසීටීවී රොකෝඩ්ස් වල පවා තියනවානේ මේජර්ට ගැහුව ඒවා. ඒක නිසා මේජේර්ට බනින්ඩ එපා.
මේජර් අපේ නම්බුවත් කෑ. ඔයිට වඩා හොදයි මොනවා හරි කෑවනම්.
අපි මේ බලන්නේ බයිස්කෝප් එකක්. මේකේ මාර විහිළුනේ තියෙන්නේ..
මොකද්ද මේජර්ට පස්සේ ඊළගට තියෙන තනතුර, පත්වීම අනුමැතිය ලබමින් පවතී..!(නු)
කවුරුත් බොරු කරලා නැහැ කම්පනය විතරයි..!(නු)
මේජර්ට ඉහළ බලපෑමක් එන්න ඇති. හිතාගන්න බැරි ඇමතිතුමාට කට්ටියම මෙච්චර බය මොකද කියලා.
අනේ යාළුවනේ මේජර්ටත් පවුලක් තියෙනවා.. ජීවිතයට කවුද ආදරේ නැත්තේ..? මේ කතා කියන අයගෙන් එයාට සත පහකවත් උදව්වක් ලැබෙන්නේ නැහැ කරදරයක් උනොත්..!(නු)
මේජර් මොනවා කිව්වත් මොකද්ද ඇත්ත තියලා බලලා දඩුවම් දෙන්න ඕන.. ඔය වගේ දේවල් වෙලා තව කී දෙනෙක් කටවල් වහගෙන ඇත්ද? මෙයාලා හිතාගෙන ඉන්නේ ලංකාව එයාලගේ භූදලය කියලා.. (නු)
හරිශ් ඔබ හරි බුද්ධි අංශයේ මෙර්ජර් කෙනෙක් හැටියට ඉවසීමෙන් කටයුතුකර ඔවුන් දෙපල නිදහස් කර දුන්නනමි ඒක සමාජයට හොද සේවයක් වෙයි..(නු)
මොකද්ද මේ වැඩේ තේරුම
විනිසුරුතුමනි, ඔබතුමාට අපගේ විශේෂ ස්තූතිය. (නි)
මෙයානම් කොයිවගේ කෙනෙක්ද කියලා හිතාගන්න බෑ...(ස)
සොයා බලන්න
ඔබ නිර්භීත විනිසුරුවරයෙක්..හැබැයි බලාගෙන ඔබතුමාට කම්පනයක් ඇති වේවි දන්නේ නෑ..(ස)
මෙයා ඉන්නෙ බුද්ධි අංශයේම ද මන්දා?(නු)
ඇමති වරුන් සට ඔවුන්ගේ පවුලේ අය කරන වැරදිවලට දඩුවම් දෙන්න වෙනම උදාවියක්, අත්අඩංගුවට ගන්න වෙනම පොලීසියක් ලංකාවට අවශ්‍යයයි.
මොනවා උනත් විශිෂ්ඨ මහේස්ත්‍රාත්වරයෙක්........(ස)
අද මගේ දරුවෙක් මේක කළා නම් මම කොතනද? මගේ දරුවා කොතනද? අනේ ගිය කළක්. පැහැදිලිවම පේනවා මොකක්ද මේ වෙන්නේ කියලා..
ඔය කරන වැඩ බොහොම ටික කලයි, විදවන්නම වෙනවා මේ ආත්මයේදීම. නැත්තං බුදු බණ බොරු............ පේනවනේ මට වෙලා තියෙන හරිය .......... (ස)
මේජර් නෙමෙයි වැරදි. පොලීසියයි වැරදි. එයාලා බොරු පැමිණිල්ලක් ලියලා. මේජර් එදා එතනට ගිහිල්ලා නෑ. මේක මාලක පුතාට නින්දා කරන්න කරපු වැඩක්.
මේජර් මහත්මයා, ඔබතුමාට මෙහෙම තීරණ ගන්න බැහැ. ඔබතුමා ඔය විහිළු කරන්නේ අපේ හමුදාවේ කිර්ති නාමයත් එක්ක. මේ ආකාරයට හමුදාවේ කීර්තිනාමයට හානි කරන්න එපා . ඔබ විශිෂ්ඨ මහේස්ත්‍රාත්වරයෙක්... (ස)
මේඡර්, ඔබ නිවටයෙක් වුණේ ඇයි? (නි)
අර සමෘද්ධී නියාමකට මොනවා හිතෙන්න ඇද්ද? (නි)
මාලකව බොරු වරදකට පටලවන්න කරපු කුමන්ත්‍රණයක් මේක මහේස්ත්‍රාත් තුමනි.. ඔය මේජර්ට කිසිම බුරුලක් දෙන්න එපා.. එයා බුද්ධි අංශයට සුදුසු නැහැ..!(නු)
"නිමල් සෞදි 2012-09-23 03:11:53 මාලකව බොරු වරදකට පටලවන්න කරපු කුමන්ත්‍රණයක් මේක මහේස්ත්‍රාත් තුමනි.. ඔය මේජර්ට කිසිම බුරුලක් දෙන්න එපා.. එයා බුද්ධි අංශයට සුදුසු නැහැ.." සෞදියේ ඉඳන් කෑගහන්නේ දන්නා දෙයක් කතාකරන්නකෝ. මේ අපේ රටේ ජීවත් වෙන මිනිසුන්ටයි මෙයාලා වාතයක් වෙලා තියෙන්නේ. ඔයා මේවා ඇහින් බලන් ඉදලා වගේනෙ..
මේ මේජර් නම් හොදටම බය වෙලා වගෙයි. (නි)
මම හිතන්නේ මේජර්ට මතක නැති වෙන්නම ගහන්න ඇති. (නි)
කොට්ටෝරුවාගේ හොට කවදා පැටළේවිද මන්දා? (නි)
එක්කෝ අපිට පිස්සු?(නු)
සමෘර්ධි නියාමක තමන්ම ගස් බැදගත්තා. මේජර් තමන්ටම ගහගත්තා. කම්පනයට අසරණ මාලකගේ නම කියැවුණා. අනේ ස්වාමිනි,.... (නි)
නියම අපරාධකරුවන්ට නියම දඩුවම් ලැබේවි, ස්වභාව ධර්මයෙන්. අපි ඉවසමු. (නි)
මාලක පුතා මේ වගේ පහත් වැඩක් කරයිද? (නදී)