මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමට ආධාර අනුබල දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මැයි මැයි දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ලෝකයේ අනිකුත් රටවල ක්‍රියාත්මක වන ආකාරයට ලංකාවෙත් නඩු ඉක්මනට අහලා තීන්දුවක් දෙන ක්‍රමවේදයක් සකස් කරන්න බැරිද? ලංකාවේ මිනීමැරුම් නඩු අවුරුදු 10-15 අහනවා. එතකොට සැකකාරයෝ මාස 3න් රිමාන්ඩ් එකේ ඉඳලා එළියට ඇවිත් තවතව මිනි මරනවා. මේකේ අනිත් පැත්තත් තිබෙනවා.. අසරණ මිනිස්සු මාස ගණන් රිමාන්ඩ් බන්ධනාගාරේ දුක් විඳිනවා නඩු ප්‍රමාද නිසා...
මුළු රටම හොරා කාපු අය නිදැල්ලේ ඉද්දි මේ නිලධාරීන්ට විතරක් මෙහෙම වෙන එක ගැටළුවක්...
මේ සිද්ධිය වෙලා දැනට අවුරුදු ගණනාවක් වෙනවා, දැනට අවුරුද්දකට වැඩි කාලයක් සිට මේ පිළිබඳව පරීක්ෂණ කරනවා, සාධාරණ සාක්ෂි තිබෙනවා නම් නඩුව විභාග කරලා දඩුවම් දෙන්න එහෙම නැත්නම් නිදහස් කරන්න, මේ මනුස්සයා රටට සේවයක් කරපු හමුදා නිලධාරියෙක්. නමුත් වැරදි කරලා තිබෙනවා නම් ඒක නිදහසට කරුණක් නොවේ. මොවුන් තමන්ගේ තරුණ කාලය ගතකලේ හමුදා කඳවුරුවල දැන් විශ්‍රාම ගිහින් සිටිනවිට මෙහෙම දිගින් දිගට රිමාන්ඩ් කිරීම සුදුසු නොවේ .
මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා මෙම සිද්ධියට ඉඳුරාම සම්බන්ධ නම් ඔහුව අත්අඩංගුවට ගැනීමේ කිසිදු වරදක් නැත. එහෙත් කීත් නොයාර්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ මේජර් බුලත්වත්ත දුරකථන ඇමතුමක් දීම සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට පත්ව ඇත. සටන්බිමේ ඉදිරියෙන්ම සිටින "පාබල හමුදාවක" නිලධාරියෙකු වශයෙන් අවුරුදු 35ක් පමණ නොකැළැල් සේවයක් කල නිලධාරියෙකු, මේ අකාරයෙන් අත්අඩංගුවට ගැනීම ඉතාමත් කණගාටුදායකයි. කිසියම් කරුණක් දැන ගැනීමට ඇත්නම්, ඔහුගෙන් ප්‍රශ්න කල යුතුව ඇත. මහජන මුදල් ගසා කෑ, "මහජන නියෝජිතයන්" දවසෙන් - දෙකෙන් ඇප ලබද්දී, මෙවන් නිලධාරීන්ට මේ ආකාරයෙන් සැලකීම ගැන, සන්නද්ධ හමුදා ප්‍රධානී වශයෙන්, ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුව ඇත.
මේ ආණ්ඩුව කරන අයටයි,.. ඒ අයට ඡන්දෙ දුන්න අයටයි ඉපදෙන ආත්මයක් ගානේ ඉතින් හෙනම තමයි...
යුද්දේ දිනපු රණවිරුවා ඇතුළට, රට විනාශ කරපු එල්.ටී.ටී කාරයොයි දේශපාලකයොයි හොඳට ඉන්නවා. මේක යහපාලනය නම් විය.
මේ වගේ නිලධාරීන් රිමාන්ඩ් නොකර ප්‍රශ්න අහලා නඩු අහන්න බැරිද? සිරගත කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ?
මෙසේ දිගින් දිගටම නඩු කල් දැමීම නිසා රිමාන්ඩ් බන්ධනගාරේ තද බදයද වැඩි වේ. රිමාන්ඩ් අපරාධ කරුවන් එකිනෙකා අදුනගන්න නිසා රටේ අපරාධද වැඩි වේ, මොවුන් නඩත්තු කිරීමටද රජයට විශාල මුදලක් වැය කෙරේ , රටේ උසාවි වල නඩුකාරයන් ප්‍රමාණය තුන්ගුණයකින් පමණ වැඩිකර ඔවුන්ට විෂයන් බෙදා දීම මෙයට හොඳම විසදුමය ,ලෝකයේ දියුණු රටවල සිදුවන්නේ මෙම ක්‍රමය නමුත් කවුරුත් මෙය ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ නැත.