(නිරංගි අබේවික්‍රම)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා පමුණුවන ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයා ඇතුළු නිලධාරින් පස්දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (3) නියෝග කළාය.
හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට අදට (03) දින නියමව තිබුණද සාක්ෂීකරු වු මාධ්‍යවේ දී කීත් නොයාර් මහතා හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා අධිකරණය වෙත නොපැමිණිම මත එලෙස පෙරට්ටුව කල් තැබිණි.
එසේම අධිකරණය මගින් එලෙස කල් තැබුණේ අවසන් වරට දින නියම කරමිනි. මෙහි පැමිණිලිකාර කීත් නොයාර් මහතා එදිනට අධිකරණය වෙත නොපැමිණිය හොත් හෝ පැමිණෙන දිනය පිළිබඳව දැනුම් නොදුන හොත් හඳුනාගැනීමේ පෙරට්ටුව විසුරුවා හරින බව මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.
ඉකුත් 18 වැනි දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරින් පස් දෙනා අද බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ආවරණ සහිතවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd