( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ තවදුරටත් පුද්ගලයන් අතුරුදන් කරවීම පිළිබද නොවිසිදුණු ගැටලු පවතින බව මානව හිමිකම් පිළිබද එක්ස්ත් ජාතීන්ගේ මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරනු ලැබ ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජ ,මානුෂිය සහ සංස්කෘතික කාරක සභාව වෙත තොරතුරු ලබා දෙමින් මානව හිමිකම් කොමසාරිස්වරිය මේ බව කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ වගවීමේ ගැටලු පිළිබදව බහුතර රටවල අනුමැතියෙන් ක්‍රියාත්මක 48/20 සහ 46/1 යන මානව හිමිකම් කවුන්සිල යෝජනා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඇය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත පෙන්වා දුන්නාය.
මෙම අතුරුදන් කරවීම් සහ අතුරුදහන් කර වූවන් පිළිබද යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට සිය කාර්යාලය මැදිහත්ව කටයුතු කරන බවද මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරිය ඒහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.
ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ඝනිස්ථානය , බංග්ලාදේශය , බුර්කිනා ෆාසෝ , මධ්‍යම අප්‍රිකානු ජනරජය , ලිබියාව , මාලදිවයින සහ සුඩානය ඇතුළු රටවල් රැසක මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබදවද මානව හිමිකම් කොමසාරිස්වරිය මෙහිදී කරුණු දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිෂෙල් නෝනේ.. අපිට නීතියක් නැති එකට මුකුත් කරලා දෙන්න බලන්නකෝ...