IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මඟ නැඟුමේ හිටපු නිලධාරීන් දෙන්නෙක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කල  මුදල් අවභාවිතා කිරීමට   ආධාර අනුබල දෙමින් රජයේ මුදල්  සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි අත් අඩංගුවට පත් මඟ නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලී මහත්මිය අද(25) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මඟ නැගුම හිටපු නිලධාරීන් වන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අබේසිංහ අධිකාරී සහ අතිරේක සාමාන්‍යාධිකාරියේ මුදල් අනගිපුරගේ මයිකල් නැමැති සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ 2012 සහ 2015 අතර කාලය තුළදී රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කිරීමට අධාර අනුබල දෙමින් සැකකරුවන් විසින් ව්‍යාපෘති සඳහා ව්‍යාජව මුදල් වෙන්කර ඇති බවය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් පොදු දේපල පනතේ 386 පහ එක වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් 2017 වසරේදී අධිකරණයට කරුණු වාර්තා කළ බවත්,සිදු කරන ලද  විමර්ශන කටයුතු අනුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පැවසීය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරියන් වන අචනී උමයංගනා ,මහේෂිකා කොස්වත්ත පෙනී සිටි අතර සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියහ.

මෙම සැකකරුවන් අධිකරණයේ නඩු විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය  හමුවට ඉදිරිපත් කර තිබිණි . ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශනයට අදාළ ප්‍රධාන  පැමිණිලි ගොනුව  අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ හෙයින් නියෝගයක් ලබාදීමට පෙර එම ගොනුවද පරීක්ෂා කළ යුතු බව සඳහන් කරමින් සැකකරුවන් පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කරන බැවින්  27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර සියලු කරුණු එදිනට  ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.



අදහස් (0)

මඟ නැඟුමේ හිටපු නිලධාරීන් දෙන්නෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 817 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2465 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1772 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site